Skip to main content

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ජනාධිපති නියෝග කළ ගැසට් පත්‍රය අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීමට නියෝග කරන්න....!
ජනාධිපතිට සහ අධිකරණ අමාත්‍යාංශයේ නීති සහකාර ලේකම්ට එරෙහිව ශ්‍රේඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ……

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවමින් සහ 2019 ජනවාරි 05වන දින පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවමින් නිකුත් කළ 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය එරෙහිව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩු විභාගකර එම ගැසට් පත්‍රය අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2018 දෙසැම්බර් 13 වන දින තීරණය කරන ලදී. එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන් හෝ නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබා දී නොතිබූ බව දක්වමින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරමින් එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ ජාතික භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

නීතිඥවරයාගේ එම ඉල්ලීම ජනාධිපති අතිරේක ලේකම්(නීති) නීතිඥ ලක්ෂ්මී ජයවික්‍රම විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කර ඇත. ජනාධිපති අතිරේක ලේකම්ගේ එකී යොමු කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති) රෝෂනී හෙට්ටිගේ විසින් එකී ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කර ඇත. ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් වී ඇති ජනාධිපතිවරයාගේ ගැසට්පත්‍රය අවලංගු කර ඇති මූලික අයිතිවාසිකම් නඩුවකට(SC/FR/355/18) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති) රෝෂනී හෙට්ටිගේ මගින් එවා ඇති ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අදාල ලේඛන ගොනුකර ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම කළ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ශ්‍රේෂ්ඨාධිකරණයට කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ක්‍රිෂානී ඩී. කෝදාගොඩ මහත්මිය දැන්වීම් යොමු කර ඇත. එකී දැන්වීමට අනුව නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනීසිට තමන්ව කැදවන ලද නඩුවේ තමන් පාර්ශවයක් නොවන බවත්, එම නඩුවෙන් තමන් ඉල්ලීමක් කර නොමැති බවත් මෙය ජනාධිපතිවරයා විසින් කළ ඉල්ලීමකට අදාල බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර ඇත.

ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරමින් ඔහුගේ විධායක සහ පරිපාලන බලතල ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි නීතිඥවරයාට එය එසේ නොවී ජනාධිපතිවරයා විසින් එකී ඉල්ලීම අධිකරණ බලය ක්‍රියාත්මකවන ආකාරයට නීතියට පටහැනිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කර විධායක සහ පරිපාලන බලය, අධිකරණ බලය සමග ගැටීමට සළස්වා සිය මූලික අයිතිවාසිකම් සහ භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට සහන සහ පාර්ලිමේන්තු මැතිවරණය අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීමට ජනාධිපතිට නියෝගයක් ලබා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා ඇත.

ජනාධිපතිවරයා විධායක සහ පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීම සිදු නොකර තමන්ට අයත් නැති අධිකරණ බලය යොදා නීතිඥවරයාගේ අයිතිවාසිකම් අහිමිකර ඇති බවත් නීතීඥවරයා සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති) රෝෂනී හෙට්ටිගේ විසින් අනුගමනය කළ නීතිවිරෝධී ක්‍රියාකලාපය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12.1, 12.2, 14(1.අ), 14.1ඇ, 14.1.ඊ සහ 22 ව්‍යවස්ථා මගින් ආරක්ෂා කරදී ඇති මූලික අයිතිවාසිකම්/ භාෂා අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව නීතිඥවරයා සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමු කර ඇත.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය