Skip to main content

භාෂා පරමාධිපත්‍යය විමසා බලන නීති අධ්‍යයන වැඩමුළුව ජූලි 18 කොළඹ මහජන පුස්තකාලයේ දී.

භාෂා පරමාධිපත්‍යය සම්බන්ධ නීතිය විමසා බලන නීති අධ්‍යයන වැඩමුළුව ජුලි 18 කොළඹ මහජන පුස්තකාලයේදී...


විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ භාෂා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම - උපරිමාධිකරණවල දී භාෂා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට නො හැකි වීම - ප්‍රතිඵල සහ විසදුම්
[ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම සදහා පවත්වන නීති අධ්‍යයන වැඩමුළු මාලාවේ
07 වන වැඩමුළුව (සිංහල මාධ්‍ය)]

(1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා - 2000 යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ
අභිබවනය කළ කතානායක තීරණ ඇසුරෙන්)

විශ්ව විද්‍යාල, නීති විද්‍යාල,උසස් අධ්‍යයන ආයතන සිසුන්, නීතිඥයින්, වෘත්තිකයින් ඇතුළු නීතිය පිළිබද උනන්දු ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.

දිනය - 2019 ජුලි 18 (බ්‍රහස්පතින්දා) සවස 2.30 – 5.30

ස්ථානය - කොළඹ 07,මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේ දී

නීති මූලාශ්‍ර ලබා දේ
ආසන සීමිතයි
0712063394 දුරකථන අංකයෙන් අමතා ආසනයක් වෙන්කර ගන්න
(ගාස්තු අය කිරීමක් නැත)

නීති අධ්‍යයන වැඩමුළුවේ අන්තර්ගතය

1.       ජනතාවගේ පරමාධිපත්‍යය සහ භාෂා පරමාධිපත්‍යය විස්තර කිරීම සහ ඒවා අතර සම්බන්ධය

2.       විධායකය සහ ව්‍යවස්ථාදායකය රාජ්‍ය භාෂාවෙන් කටයුතු කිරීමත් උපරිමාධිකරණ රාජ්‍ය භාෂාවෙන් කටයුතු නොකිරීමේත් නීතිමය තත්ත්වය

3.       රාජ්‍ය භාෂාව - ජාතික භාෂාව - පරිපාලන භාෂාව - නීති පැනවීමේ භාෂාව - අධිකරණ භාෂාව සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති විධිවිධාන

4.       ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ බණ්ඩාරනායකවරුන්ට වැරදුනේ නීතියේ කොතනද?

5.       සිංහල රාජ්‍ය භාෂාව කිරීම උපරිමාධිකරණවලට අදාල නොවූයේ ඇයි?

6.       භාෂාව සහ මූලික අයිතිවාසිකම් අතර සම්බන්ධය

7.       භාෂාව මත වෙනස්කමකට ලක්නොවීමට නීතිය මගින් පිහිටුවා ඇති ආයතන

8.       19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මගින් පොදු ජනතාවගේ භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගෙන එනු ලැබූ විධිවිධාන පාර්ලිමේන්තුව විසින් ඉවත් කළ ආකාරය

9.       නීතිය පිළිබද මහජන විශ්වාසය තහවුරු වීමට අවශහ්වන උපරිමාධිකරණ නඩු තීන්දුවලට ප්‍රවේශ වීමට ඇති අයිතිය පොදු ජනතාවට තිබේද?

10.   නඩු කටයුතු ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු බවට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන පවතින්නේ නඩු විභාගවන අධිකරණ ශාලාවට පැමිණීමට ජනතාවට ඇති අයිතිය පමණද?

11.   උපරිමාධිකරණ නඩු තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් නොලැබීම ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනයට සහ රටේ සංවර්ධනයට බාධාවක්ද?

12.   නීති මූලාශ්‍ර ලෙස ව්‍යවස්ථා සහ උපරිමාධිකරණ නඩු තීන්දු රාජ්‍ය භාෂාවෙන් හෝ අධිකරණ භාෂාවෙන් තිබීම නීතියේ පාලනයට අවශ්‍යද?
විමසීම නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col)
දුරකථන 0712063394
විද්‍යූත් තැපැල් arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය