Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? යන ප්‍රශ්නය ජනමතවිචාරණයකට යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීමට සහාය දෙන්න...

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? යන ප්‍රශ්නය ජනමතවිචාරණයකට යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීමට සහාය දෙන්න...

නීතිඥ අරුණ ලක්සිරි උණවටුනගෙන් ජනතාවට ඉල්ලීමක්....

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන 
අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ.(10524)
දුරකථන 0342256066, 0342256067, 0712063394.

ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්‍යාලය,
කොළඹ 01.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? මැයෙන් ජනමතවිචාරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීම.

නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ...! යන නීති සිද්ධාන්තය අනුව රටේ බහුතර ජනතාව භාෂාව මත වෙනස්කමකට ලක් නොකල යුතු අතර නීතිය දැන ගැනීමට ඇති මාර්ග අවහිර නොකළ යුතුය.

රටේ පාලන ආයතන 3 අතරින් විධායකය විසින් ගනු ලබන තීරණත්, ව්‍යවස්ථාදායකය විසින් ගනු ලබන තීරණත් රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් එනම් සිංහල භාෂාවෙන්ද ගනු ලබන හෙයින් ඒවා ජනතාවට සන්නිවේදනය වේ. එසේ වුවත් බහුතර ජනතාවට සන්නිවේදනය නොවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය  ගන්නා තීරණ වේ. 

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ අදහස් රටේ බහුතරයක් වූ සිංහල ජනතාවද දැන ගත යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට නඩු කටයුතු සිදුකිරීමට සහ නඩු තීන්දු ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාව යටතේ 'ගැසට් පත්‍රයක්' මගින් අවසර ලබාදීමට අධිකරණ විෂය බාර ඇමතිවරයාට විධිවිධාන සළසා දී ඇත. 

මෙය ජනතාවගේ අධිකරණ බලය සම්බන්ධව ජනතාවගේ පරමාධිපත්‍යය නොව කිහිප දෙනෙකුගේ භාෂා  පරමාධිපත්‍යය වෙනුවෙන් අධිකරණ විෂය බාර ඇමතිවයා සිදුකරන පෙනී සිටීමකි.

එමෙන්ම මෙය රාජ්‍ය භාෂාව, ජාතික භාෂාව, පරිපාලන භාෂාව, නීති පැනවීමේ භාෂාව සහ අධිකරණ භාෂාව සිංහල භාෂාව බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දක්වා ඇති ප්‍රතිපාදනවලට පටහැනි තත්ත්වකි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වන ව්‍යවස්ථාවේ දැක්වෙන ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන , ප්‍රජාතාන්ත්‍රික , සමාජවාදී ජනරජය යන නම් කිරීමටද පටහැනි තත්ත්වයකි.

රටේ බහුතර ජනතාවට සිදුකරන මේ භාෂා අසාධාරණය වැළැක්වීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4 සහ 86 ව්‍යවස්ථා යටතේ ජනාධිපතිවරයා වන ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලතල ලැබී ඇති බව පෙන්වාදෙන අතර ජාතික වැදගත්කමකින් යුත් පහත ප්‍රශ්නය වහාම ජනමතවිචාරණක් මගින් ජනතාවගෙන් විමසීමට ලක් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ප්‍රශ්නය - ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද?

මෙම ප්‍රශ්නය ජනමතවිචාරණයක් මගින් ජනතාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් පුරවැසියන් 100ක් විසින් කැමැත්ත ලබා දී අත්සන් කරන ලද නම, ලිපිනය සහ අත්සන සහිත ලේඛනයක්ද මේ සමග ඉදිරිපත් කරමි.

මෙයට,
විශ්වාසී

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
සමායෝජක, 
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන.

පිටපත්
1. අධිකරණ විෂය භාර අමාත්‍ය
2. සභාපති, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය