Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීමට ජනමතය විමසන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක පෙත්සමකට අත්සන් ලබා ගැනීම ආරම්භ කරයි.....!


ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීමට ජනමතය විමසන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක පෙත්සමකට අත්සන් ලබා ගැනීම ආරම්භ කරයි.....!




ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා දීමට ජනමතය විමසන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂයක පෙත්සමක් ජනාධිපතිවරයාට ලබා දීමට අත්සන් එකතු කිරීමේ ආරම්භක උත්සවය ජූනි 18 කොළඹ මහජන පුස්තකාලයේ දී පවත්වන ලදී.
නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ යන නීති සිද්ධාන්තය අනුව රටේ බහුතර ජනතාව වෙනස්කමකට ලක් නොකල යුතු අතර නීතිය දැන ගැනීමට ඇති මාර්ග අවහිර නොකළ යුතු වේ. ශ්‍රී ලංකාවේ පාලන ආයතන 3 අතරින් විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් ගනු ලබන තීරණ රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් එනම් සිංහල භාෂාවෙන්ද ගනු ලබන හෙයින් ඒවා ජනතාවට සන්නිවේදනය වුවත් අනෙක් පාලන ආයතනයේ ඉහළම ආයතන වන ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ගන්නා තීරණ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබා දෙන හෙයින් බහුතර සිංහල ජනතාවට ඒවා සන්නිවේදනය නොවන බවට සමාජයේ කතිකාවතක් නිර්මාණය වී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ අදහස් රටේ බහුතරයක් වූ සිංහල ජනතාවද දැන ගත යුතු බවට විවාදයක් තිබිය නොහැකි වුවත් ඒ සදහා පිළිගත් ක්‍රමවේදයක් නැති වීම ජනතාවට නීතිය දැන ගැනීමට ඇති මාර්ග වසා දැමීමකි. ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට ඉංග්‍රීසි භාෂාවෙන් නඩු කටයුතු සිදුකිරීමට සහ නඩු තීන්දු ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයක් මගින් විධාන කිරීමට අධිකරණ විෂය භාර ඇමතිවරයාට විධිවිධාන සළසා දී ඇත.  මෙය ජනතාවගේ අධිකරණ බලය සම්බන්ධව ජනතාවගේ පරමාධිපත්‍යය නොව කිහිප දෙනෙකුගේ පරමාධිපත්‍යය වෙනුවෙන් අධිකරණ විෂය භාර ඇමතිවරයා සිදුකරන මැදිහත් වීමක් බව පෙනී යයි. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ගන්නා තීරණ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, ජාතික භාෂාව, පරිපාලන භාෂාව, නීති පැනවීමේ භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධව දක්වා ඇති විධිවිධාන සැළකීමේදී නොගැලපෙන තත්ත්වයක් බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 වන ව්‍යවස්ථාවේ දැක්වෙන ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්ත්‍රික, සමාජවාදී ජනරජය යන ලෙස නම් කිරීමටද පටහැනි තත්ත්වයක් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහනේ සමායෝජක නීතිඥ අරුණ ලක්සිරි උණවටුන ප්‍රකාශ කරයි.

රටේ බහුතර ජනතාවට සිදුකරන මේ භාෂාවේ වෙනස්කම වැළැක්වීම ජාතික වැදගත් කමකින් යුත් අවශ්‍යතාවය ක් බව පෙන්වා දෙමින් එයට ජනමතවිචාරණයක් මගින් විසදුමක් ලබා ගැනීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4 සහ 86 ව්‍යවස්ථා යටතේ ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්වෙන් බලතල ලැබී ඇති බව පෙන්වා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද?  යන කාරණය ජනමතවිචාරණයක් මගින් ජනතාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් පුරවැසියන් ලක්ෂයක් විසින් කැමැත්ත ලබා දී අත්සන් කරන ලේඛනයක් ජනාධිපතිතුවරයා වෙත යොමු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහනේ සමායෝජක නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් කටයුතු ආරම්භ කර ඇත.

මේ වන විට නීතිඥවරු ඇතුලු විද්වතුන් සහ පුරවැසියන් දහසකට ආසන්න ප්‍රමාණයක අත්සන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇති බවත් අත්සන් විසිතුන් දහසක් අත්සන් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අත්සන් ලක්ෂය ලබා ගැනීම සංකේවත් කරන පළමු උත්සව අවස්ථාව ජූනි 18 දින කොළඹ මහජන පුස්තකාලයේදී පවත්වා ඇත. ඒ අවස්ථාව සදහා කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය ඉදුරගාරේ ධම්මරතන හිමියන් සිය අත්සන අත්සන් ලේඛණයේ පළමුව තබමින් මේ කටයුත්ත ආරම්භ කරන ලදී.ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා ගැනීමට ජනතාවගේ ඇති අදහස ජනාධිපතිවරයා වෙත යොමු කිරීම සදහා මේ ගන්නා උත්සාහයට ඒ සදහා උනන්දුවක් ඇති පුරවැසියන්ට සිය අත්සන යොදා අත්සන් ලක්ෂයේ ඉලක්කය සපුරාදිය හැකි බව වැඩසටහනේ සමායෝජක නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ඉල්ලීමක් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහනේ දුරකථන අංක 0342256066, 0342256067 සහ 0712063394 අමතා වැඩි විස්තර ලබා ගත හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? මැයෙන් ජනමතවිචාරණයක් පවත්වන ලෙස ඉල්ලා ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කිරීම සදහා පුරවැසියන් ලක්ෂයකගේ අත්සන් එකතු කිරීමේ සමාරම්භක නිල උත්සවය 2019 ජූලි මස 18 වන දින සවස කොළඹ 07 මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේ දී නීතිඥවරු ඇතුලු විද්වත් පිරිසගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. එම අවස්ථාවට වැඩම කළ කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය ඉදුරගාරේ ධම්මරතන හිමියන් සිය අත්සන ලබා දෙන අවස්ථාව සහ සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු තීන්දු ලබා ගැනීම රටේ බලය පිළිබද ප්‍රශ්නය තීරණය කිරීමක් බවට දේශනය පවත්වන අවස්ථාවත්, අත්සන් ලක්ෂය සදහා පුරවැසියන් සිය සහාය ලබා දෙන අකාරයත් භාෂා පරමාධිපත්‍යය පිළිබද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෙදීම් පිළිබද දේශනය නීතිඥ අරුණ ලක්සිරි උණවටුන සහ බුද්ධ ශාසනය සහ රටේ අනන්‍යතාවය පිළිබදව නීතිඥ ක්‍රිසන්ත නිස්සංක දේශන පවත්වන ආකරයත් මෙහි දැක්වේ


Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය