Skip to main content

20 දී 76 ව්‍යවස්ථාව යටතේ හිමි ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව විසින් අත්හැරීම ඒකීය රටකට අභියෝගයක්...! 13 ශක්තිමත් කිරීමක්..!

20 දී 76 ව්‍යවස්ථාව යටතේ හිමි ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව විසින් අත්හැරීම ඒකීය රටකට අභියෝගයක්...! 13 ශක්තිමත් කිරීමක්..! (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන - 2020.10.29)
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත වී ඇත. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථාව යටතේ කථානායකවරයා විසින් සහතිකය තැබීමෙන් නීතියක් ලෙස සැළකීමට පටන් ගන්නා බව මතුපිටින් පෙනෙන දෙයයි. මතුපිටින් පෙනෙන දෙයට වඩා නොපෙනෙන පැති 20 ඇති බවත්, 20 යනු අනෙකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලට වඩා පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට සළස්වනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වන බව ලියුම්කරුගේ අදහසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව පිළිබද අවධානය යොමු නොකර 20 සේ කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වැළැක්වීමට කථානායකවරයා හෝ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා හෝ නීතිපතිවරයා පියවර ගනු නොලැබූ අතර ඉදිරියේදී එය කෙසේ සිදුවෙයිද? යන්න කීමට තවම කල් වැඩිය. 1988 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකීය රටකට අභියෝගයක් වූ බවත්, පාර්ලිමේන්තුව මෙන්ම සමගාමීව නීති පනවන පළාත් සභා ඉන් පිහිටුවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාවට පැටහැනිව ව්‍යවස්ථාදායක බලය ඇති නෛතික ව්‍යුහයන් 9ක් පිහිටුවා බෙදුනු පාලනයකට රට ගෙන ගිය බවත් ජනතාව අතර අදහසක් ඇත. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ ඒකීය බවට අනතුරක් සිදුකළේ නම් එයට වඩා වැඩි අනතුරක් රටේ ඒකීයත්වය බිද දැමීමට 20න් වී ඇති බව ලියුම්කරු මේ ලිපියෙන් පෙන්වා දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය බව ආරක්ෂා කර ඇත්තේ 2 වන ව්‍යවස්ථාව මගින් වුවද ඒකීය රටක පාර්ලිමේන්තුවේ, ව්‍යවස්ථාදායක බලය ආරක්ෂා කර ඇත්තේ 76 වන ව්‍යවස්ථාවෙනි. පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය අත්නොහළ යුතු බවත්, අන්සතු නොකළ යුතු බවත්, ව්‍යවස්ථාදායක බලය ඇති කිසිම වෙනත් අධිකාරයක් නොපිහිටුවිය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාවේ දක්වා ඇත. 13 වන සංශෝධනයට එරෙහිව ක්‍රියා කරන තැනැත්තන්ගේ සහ සංවිධාන සහ නීති විශාරදයන් කියන්නේ පළාත් සභා මගින් නීති පැනවෙන හෙයින් පළාත් සභා මගින් 76 වන ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවයි. 76.1 ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසින් නොකළ යුතු කාරණා 3ක් දක්වා ඇත. ඒවා වන්නේ, 1. පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීම 2. පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථාදායක බලය අන්සතු කිරීම 3. පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථාදායක බලය ඇති වෙනත් අධිකාර පිහිටුවීම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉහත 3වන කරුණ එනම් පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථාදායක බලය ඇති වෙනත් අධිකාර පිහිටුවීම පලාත් සභා මගින් සිදුකර අති බවට ජනතාව අතර අදහසක් ඇති බව ලියුම්කරු ලිපිය ආරම්භයේදී දක්වා ඇත. 76.1 ව්‍යවස්ථාවේ දක්වා ඇති කරුණු 3ම ඒකීය රටක පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය පෙන්නුම් කරන ලක්ෂණ වේ. මෙම කරුණු 3 බිද දැමීම ඒකීය රටක පාර්ලිමේන්තුවට හානියක් සිදුකරයි. 76.1 ව්‍යවස්ථාවේ දක්වා ඇති පළමු කරුණ වන්නේ, පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීම නොකළ යුතු බවයි. මෙය ඒකීය රටකට අවශ්‍යම වෙයි. පාර්ලිමේන්තුව විසින් සිය ව්‍යවස්ථාදායක බලය අත්හැරීම මගින් පෙන්නුම් කරන්නේ නීති පැන්වීම අත්හැරීමට පාර්ලිමේන්තුව ක්‍රියා කරන බවයි. පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය අත්හැරීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් සෞඛ්‍යයට අහිතකර වේ. පාර්ලිමේන්තුව විසින් සිය නීති පැනවීමේ අයිතිය අත්හැරීම මගින් පෙන්වන්නේ පාර්ලිමේන්තුවට සිය ව්‍යවස්ථාදායක බලය පිළිබද වගවීමක් හෝ විශ්වාසයක් නැති බවයි. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීරණය 2020 ඔක්තෝබර් 20 වන දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ලියුම්කරුට ගැටළුවක් පැන නැග්ගේ 2015 දී පාර්ලිමේන්තුව විසින් 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සිදුකළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 උ උ ව්‍යවස්ථාවල සංශෝධන නැවත ප්‍රති සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දය සහ ජනමතවිචාරණයකින් ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට නියම වුණේ කෙසේද? යන්නයි. එනම් 2015 දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා සිදුකළ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කළ ක්‍රියාවක් ඒ ආකාරයට නැවත ආපසු සිදු කිරීමට 2020 කථානායකවරයට ව්‍යවස්ථාදායක බලය අහිමි වුණේ / නොලැබුණේ කෙසේද? යන්නයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි තත්ත්වයකි. 2015 දී පාර්ලිමේන්තුව සිදු කළ ව්‍යවස්ථාදායක බලයට අදාල ක්‍රියාවක් 2020 දී සංශෝධනය කිරීමට ව්‍යවස්ථාදායක බලය අහිමිවීම 76 ව්‍යවස්ථාව යටතේ සළකා බැලිය යුතු අතර, ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව විසින් අත්හැරීම ඒකීය රටකට අභියෝගයක්... 13 ශක්තිමත් කිරීමක්...වන්නේ ඒ ආකාරයෙන් බව ලියුම්කරුගේ අදහසයි. මේ පිළිබදව ලියුම්කරු විසින් 20ට කථානායකවරයාගේ සහතිකය 80.1 ව්‍යවස්ථාව යටතේ යෙදීම අභියෝග කරමින් මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාට, ධම්මික දසනායක පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට සහ නීතිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුවේදී සාකච්ඡා කරනු ඇත. arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය