Skip to main content

ශ්‍රී ලංකාවේ "ජනතාවගේ පරමාධිපත්‍යය" නමින් ක්‍රියාත්මක වන්නේ සහ භුක්ති විදින්නේ ඉංග්‍රීසි භාෂාව දන්නා ජනතාවගේ පරමාධිපත්‍යය පමණද? 

ශ්‍රී ලංකාවේ "ජනතාවගේ පරමාධිපත්‍යය" නමින් ක්‍රියාත්මක වන්නේ සහ භුක්ති විදින්නේ ඉංග්‍රීසි භාෂාව දන්නා ජනතාවගේ පරමාධිපත්‍යය පමණද?  (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.10.27)
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවේ ජනතාවගේ පරමාධිපත්‍යය ගැන සදහන් කර ඇත. ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යය ජනතාව සතුවන බවත්, පරමාධිපත්‍යය අත්හළ නොහැකි බවත්, ජනතාවගේ පරමාධිපත්‍යය යන්නට විධායක බලය, ව්‍යවස්ථාදායක බලය, අධිකරණ බලය, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුලත් වන බව දක්වා ඇත. එකී ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම සහ භුක්තිවිදීම සිදුවන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ අනුව ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනමතවිචාරණයකදී සෘජුව ජනතාව විසින් සහ පාර්ලිමේන්තුව හරහාත්, විධයක බලය ජනාධිපතිවරයා හරහාත්, අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණ මගිනුත්, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, වර්ධනය කිරීම සහ ගරු කිරීම සියලු පාලන ආයතනවලට පැවරීමෙන්ද, ඡන්ද බලය අවුරුදු 18ට වැඩි ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුලත් පුරවැසියන්ට ලබා දීමෙනුත් ජනතාවගේ පරමාධිපත්‍යය බලය ක්‍රියාත්මක කිරීම සහ භුක්තිවිදීම සිදුකර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 සහ 12.2 ව්‍යවස්ථා නීතියේ ආධිපත්‍යයට ආරක්ෂා කිරීමේදී වැදගත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වේ. 12.1 ව්‍යවස්ථාව දක්වන්නේ නීතිය පසිදලීම, නීතිය ක්‍රියාත්මක වීම සහ නීතියේ රැකවරණ සර්ව සාධාරණ විය යුතු බවත් ය. 12.2 ව්‍යවස්ථාව දක්වන්නෙ වර්ගය,ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත කිසිම පුරවැසියෙකු වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොවිය යුතු බවත් ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ පලනය ගෙනයාම නීතියේ ආධිපත්‍ය පවත්වාගෙන යාමේදී අවශ්‍ය වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ පාලනය ගෙන නොගියහොත් නීතියේ පාලනය බිද වැටෙන අතර කෙතෙක් ප්‍රායෝගික දුෂ්කරතා පැවතියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කර අනුගමනය කිරීමට සෑම පුරවැසියෙකුම බැදී සිටී. ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂාව නොදන්නා බහුතර ජනතාව විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ක්‍රියාකාරීත්වය ඉදිරියේ වෙනස්කමකට ලක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුමත නොකරන නමුත් ප්‍රායෝගිකව සිදුවන්නේ එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන ව්‍යවස්ථාව රාජ්‍ය භාෂාව සම්බන්ධයෙන් විධිවිධාන දක්වා තිබුණද විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණය රාජ්‍ය භාෂාවෙන් කටයුතු කිරීම වෙනුවට ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරමින් රාජ්‍ය භාෂාවෙන් කටයුතු කරන ජනතාවට වෙනස්කම් සිදු කිරීම වර්ධනය කර ඇත. නීති පැනවීම සිංහල සහ දෙමළ භාෂාවෙන් සිදුකර ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තන තිබිය යුතු බව දක්වා තිබුණද ශ්‍රේෂ්ඨාධිකරණය පවා නඩු තීන්දු ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබා දෙමින්, යුක්තිය පසිදලීමට කටයුතු කරන ජනතාව අතරින් ඉංග්‍රීසි භාෂාව දන්නා අයට විශේෂයකට භාජනය කරයි. පාර්ලිමේන්තුව විසින් ජනතාව වෙත ඉදිරිපත් කරන හැන්සාඩ් වාර්තාවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රාජ්‍ය භාෂාවෙන් පළ නොකරන අතර නීති පැනවීමේදී ද ඉංග්‍රීසි භාෂාව දන්නා අයට විශේෂයකට භාජනය කර ඉංග්‍රීසි භාෂාව නොදන්නා ජනතාව වෙනස්කමකට ලක් කරයි. විධායකය විසින් ජාත්‍යන්තර කටයුතුවලදී එළඹෙන ගිවිසුම් රාජ්‍ය භාෂාවෙන් පිටපතක් පවා සකස් නොකරන අතර ඉංග්‍රීසි භාෂාවෙන් සකස්කර ඉංග්‍රීසි භාෂාව දන්නා අයට විශේෂයකට භාජනය කර රට වෙනුවෙන් ගනු ලබන තීන්දු ජනතාවගෙන් සැගවීමට ක්‍රියා කරයි. ඉංග්‍රීසි භාෂාව දන්නා අයට විශේෂකර දැක්වීමක් කිරීමට විධායකය, අධිකරණය සහ පාර්ලිමේන්තුව කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18, 12.1 සහ 12.2 ව්‍යවස්ථා වලට පටහැනි තත්ත්වයක් වුවත් ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සහ භුක්තිවිදීම යන්නට පටහැනිව එසේ සිදු කරයි. ශ්‍රී ලංකාවේ "ජනතාවගේ පරමාධිපත්‍යය" නමින් ක්‍රියාත්මක වන්නේ සහ භුක්ති විදින්නේ ඉංග්‍රීසි භාෂාව දන්නා ජනතාවගේ පරමාධිපත්‍යය බව විධායකය, පාර්ලිමේන්තුව සහ අධිකරණය යන ආයතනවල ක්‍රියාකාරිත්වයෙන් සාධක සපයයි. ඒ අනුව පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වරප්‍රසාද ලබා ගන්නේ සහ ඉටු කරන්නේ ඉංග්‍රීසි භාෂාව දන්නා අයගේ අවශ්‍යතා සහ වරප්‍රසාද බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ වෙනුවෙන් සකසා ගෙන ඇති  ආවරණ මෙවෙලමක් බවත්, එසේ වුවත් නීතියේ ආධිපත්‍යයට නතු විය යුතු සමාජයකට එය කිසිසේත් සුදුසු නොවන බවයි. ජනතාවගේ භාෂා පරමාධිපත්‍යය ඉංග්‍රීසි භාෂාව  දන්නා අයගේ භාෂා පරමාධිපත්‍යය මගින් වැසීමට ඉඩ දීම ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යයට හිතකර නොවන බව කිව යුතු නොවේ...! arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය