Skip to main content

මෛත්‍රී ජනාධිපති 2015 පාර්ලිමේන්තුවේ 2/3 න් කරගත් දේ, ගෝඨාභය ජනාධිපතිට 2020 පාර්ලිමේන්තුවෙන් 2/3න් කරගන්න නොහැකිවීම යටගහන බෲටස්ලා කවුද? ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් කෙනෙක් ගෝඨාභය ජනාධිපති අසළත් සිටීද?

(මෙම ලිපිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුද්ගලික අවධානයට යොමු කරන්න) මෛත්‍රී ජනාධිපති 2015 පාර්ලිමේන්තුවේ 2/3 න් කරගත් දේ, ගෝඨාභය ජනාධිපතිට 2020 පාර්ලිමේන්තුවෙන් 2/3න් කරගන්න නොහැකිවීම යටගහන බෲටස්ලා කවුද? ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් කෙනෙක් ගෝඨාභය ජනාධිපති අසළත් සිටීද? (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.10.30)
ජුලියස් සීසර්ව ඝාතනය කරන ලද්දේ ඔහු අසළම සිටි අයයි. බෲටස් විසින් එය කළ බව පෙන්නුම් කිරීම ෂේක්ස්පියර් දැක්වීමට උත්සාහ කළ අතර මෙම ඝාතනය ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් විසින් සැළසුම් කළ බවද එක්තරා කතාවකි. මේ ලියුම්කරු ඒ කතාව ලිපිය ආරම්භයේදී ම දක්වන ලද්දේ මෛත්‍රී ජනාධිපති 2015 පාර්ලිමේන්තුවේ 2/3 න් කරගත් දේ ගෝඨාභය ජනාධිපතිට 2020 පාර්ලිමේන්තුවෙන් 2/3න් කරගැනීමට නොහැකිවීම යටගහන අය කරන්නේ එදා සීසර්ට ඔහුගේ සෙනට් සභිකකයන් කළ දේම වර්තමානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටද අත්වී ඇති බව පෙන්වා දීම පහසු වන හෙයිනි. ජනාධිපතිවරයස් අසළ ඉන්නා බෲටස්ලා කවුද? ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් කෙනෙක් ගෝඨාභය ජනාධිපති අසළත් සිටීද? යන්න මෙම ලිපිය කියවීමෙන් පාඨකයාට අවබෝධ කරගත හැකි වනු ඇත. මෙම ලිපියෙන් සාකච්ඡාවට ලක්කරන්නේ මෛත්‍රී ජනාධිපති 2015 පාර්ලිමේන්තුවේ 2/3 න් කරගත් දේ ගෝඨාභය ජනාධිපතිට 2020 පාර්ලිමේන්තුවේ 2/3න් කර ගන්න නොහැකි වීම පිටුපස ඇති "ජනාධිපති නීති විශාරදයන්" සගවන කථාවයි. ඒ සගවන දේ සොයා ගැනීම පහසු කර ගැනීමට සීසර්, බෲටස් සහ ඩෙසිමස් චරිත දක්වා ඇත. 2015 ජනවාරි පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එවකටත් පැවති පාර්ලිමේන්තුව මගින් 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේය. එකී සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ )(උ) ව්‍යවස්ථා සංශෝධනය කරගත්තේ, පාර්ලිමේන්තුව මගින් පමණක් 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ය. එදා මෛත්‍රීපාල ජනාධිපතිවරයාට එවකට පාර්ලිමේන්තුව මගින් එම ව්‍යවස්ථා පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සංශෝධනය කර ගැනීමට හැකි වුණත් මෙදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට 2020 පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් එම ව්‍යවස්ථා පෙර තත්ත්වයට පත්කර ගැනීමට සංශෝධනය කර ගැනීමට නොහැකි විය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සංශෝධනය කර ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ )(උ) ව්‍යවස්ථා සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයක් සහ ජනමතවිචාරණයකින්ද ජනතාවගේ අනුමැතිය ලැබීමට අවශ්‍ය විය. කථානායක මහින්ද යාපා අබේවර්ධන 2020.10.20 වන දින පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන ලද්දේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය (33 ව්‍යවස්ථාව), 3 වන වගන්තිය (33 ව්‍යවස්ථාව), 5 වන වගන්තිය (35 ව්‍යවස්ථාව), 14 වන වගන්තිය (70 ව්‍යවස්ථාව), 22 වන වගන්තිය (104 (උ )(උ) ව්‍යවස්ථාව) සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයක් සහ ජනමතවිචාරණයකින්ද ජනතාවගේ අනුමැතිය ලැබීමට අවශ්‍ය බවයි. ඒ අනුව පැහැදිලි වන්නේ 2015 දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත කරගෙන තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ )(උ) ව්‍යවස්ථා එනම් පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සංශෝධනය කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාගේ පාර්ලිමේන්තුවට නොහැකි බවයි. එමගින් සනාථ වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට නියම කර ඇති පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට සිදුවී ඇති බවත්, 2015 දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා 2/3න් සිදුකළ සංශෝධන, ප්‍රති සංශෝධනය කිරීමට මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාට 2020 දී 2/3 න් කළ නොහැකි බවයි. මෙ වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සිය අත්සන තබා ඇති බවද මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති අතර ඒ අනුව 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එවකට පාර්ලිමේන්තුව මගින් 2/3 න් කරගත් දේ කර ගැනීමට වත්මන් ජනාධිපතිවරයාට 2020 දී පාර්ලිමේන්තුවේ 2/3න් කර ගැනීමට නොහැකි වී ඇත. එනම් එදා 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එවකට පාර්ලිමේන්තුව මගින් 2/3 න් කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ) (උ) ව්‍යවස්ථා සංශෝධන නැවත පෙර තත්ත්වයට ගෙන ඒමට/ යථා තත්ත්වයට ගෙන ඒමට 2020 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ 2/3න් කරගැනීමට නොහැකි වී ඇත. මෙය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයක් බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයක් බවත් කීමට නොහැකි වන්නේ 2015 දී එකී ව්‍යවස්ථා 2/3 න් සංශෝධනය කරගෙන ඇත්තේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මගින් හෙයිනි. එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාලන කාලයේදී පාර්ලිමේන්තුව විසින් 2/3 න් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ )(උ) ව්‍යවස්ථා සංශෝධනය කරගෙන ඇත්තේ එම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් පැවැත්වීමට අවශ්‍යව තිබූ තත්ත්වයකදී ය. 2020 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ )(උ) ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් ද අවශ්‍ය වූයේ නම්, 2015 දී එම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවූයේ ඇයි? යන්න පාසල් සිසුවෙකුටත් වැටහෙන දෙයකි. මෙය තේරුම් ගැනීමට ජනාධිපති නීති විශාරදයෙක් විය යුතු නැත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ )(උ) ව්‍යවස්ථා සංශෝධනය කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මෙන් පාර්ලිමේන්තුවේ 2/3 න් නොහැකි වීමේ වරද ඇත්තේ කොතනද? වරද සිදු වී ඇත්තේ කොතනද? යන්න ඉතා පැහැදිලිය. ඒ 2015 දී ගෙන ආ 19යේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ )(උ) ව්‍යවස්ථා සංශෝධනය කිරීම ජනමතවිචාරණයක් නොපවත්වා සිදුකිරීමයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණයකි. 2015 පාර්ලිමේන්තුවම රවටා සිදුකළ කුමන්ත්‍රණයකි. 2020 දී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් සිදුකරන ලද්දේ ඒ ව්‍යවස්ථා කුමන්ත්‍රණය යට ගැසීමත්, වළලා දැමීමට උත්සාහ ගැනීමත් ය. එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයක් නොවේ. ජනාධිපතිවරයා අසළ සිටින ජනාධිපති නීති විශාරදයන් සහ ඇතැම් අය විසින් සත්‍ය තොරතුරු ජනාධිපතිවරයාට ලබා නොදීමෙන් සිදු වූවකි. මෛත්‍රී ජනාධිපති 2015 පාර්ලිමේන්තුවෙන් 2/3 න් කරගත් දේ, ගෝඨාභය ජනාධිපතිට 2020 පාර්ලිමේන්තුවෙන් 2/3න් කරගන්න නොහැකිවීම යටගහන බෲටස්ලා කවුද? ඩෙසිමස් ජුනියස් බෲටස් ඇල්බිනස් කෙනෙක් ගෝඨාභය ජනාධිපති අසළත් සිටීද? යන්න බුද්ධියෙන් විමසීමට ජනතාව සමත් වෙතොත් 2015 දී 19ය ගෙනා කුමන්ත්‍රණකරුවන් නීතියේ හස්තයට යටත් කිරීමට හැකි වෙනු ඇත. (මෙම ලිපිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පුද්ගලික අවධානයට යොමු කරන්න) arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද?

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු, ඉදිරිපත්වන අලුත් කරුණු මත එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරදි ගැන 2024.07.18 දිනට පෙර නඩු පැවරූ අයට අගවිනිසුරුව සිටිමින් ලක්ෂ ගණන් නඩු ගාස්තු නියම කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඇති බවට නීතිපතිද පිළිගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව මේ වනවිට එළිදරව්වන හෙයින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධූරයට පත් ජයන්ත ජයසූරිය හිටපු අගවිනිසුරු එම ධූරයෙන් ඉල්ලා අස්වෙයිද යන්න කිහිප දෙනෙකු අතර නෛතික කරුණු සම්බන්ධ කතිකාවක් පවතී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරදි 2ක් ඇති බව නීතිපතිවරයා පිළිගෙන ඒවා නිවැරදි කිරීමට 2024.07.18 දින 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළකර තිබියදී ඊට පෙර එනම් 2024.07.18 ට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි නිවැරදි කරගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ අයට ලක්ෂ...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...