Skip to main content

මම 20 වැරදියි කියන හේතු 20....!

මම 20 වැරදියි කියන හේතු 20....! (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන - 2020.10.23)
1.) 19යට විරුද්ධ 01 යි - 20ට විරුද්ධ 64 යි...! 19 සහ 20 දෙකටම ජනතාව විරුද්ධයි... 20ත්, 76 ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා....! 2.) 19 ය ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන් වත්මන් ආණ්ඩුවේ ජනාධිපති නීති විශාරදයන්ගේ හිතවතුන්ද? 3.) අන්තිමේදී 20 ගෙනහල්ලා තියෙන්නෙ 19යෙ කුමන්ත්‍රණකරුවන් ආරක්ෂා කරගන්න.....! 4.) 20 මගින් 19යම ආයෙත් ගෙනහල්ල.... 5.) 20න්, 19යෙ වැරැද්ද හැදුවද? 6.) 19ය ඉවත් කරන්න ගිහිල්ල 76ව්‍යවස්ථාව නොදන්නා බව පාර්ලිමේන්තුව පෙන්නුවා...! 7.) 19යෙ කුමන්ත්‍රණය වහන්න 20 ගෙනහල්ල 2/3 ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත් කළා...! 8.) 20 ගෙනාපු විදිහට අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවොත් කොහොම තියේවිද? 9.) 20 ත්, 19යෙ ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ දෙවනි ඉනිම...! 10.) 20 නිසා 19යෙ කුමන්ත්‍රණකරුවන්ට ආයෙත් රටට එන්න පුලුවන්...! 11.) ඩයනලා කොහොමත් කලු සුද්දන්ට පක්ෂයි...! 12.) ජනාධිපති නීති විශාරදයන් ජනතාවගේ භාෂා පරමාධිපත්‍යය අහිමි කරන බව 20දිත් පෙන්නුවා...! 13.) අනුර බණ්ඩාරයක අදත් කථානායක නම් 76 ව්‍යවස්ථාව නිසා 20 ට අත්සන් කරන්නෙ නෑ...! 14.) බෲටස්ලා 20 ගෙනවිත් ගෝඨාභය ජනාධිපතිව රැවටුවා....! 15.) 19ය ඉවත් කරන පොරොන්දුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව බැහැර කිරීමට අධිකරණ ඇමතිවරයාට සහ ජනාධිපති නීති විශාරදයන්ට හැකි වුණේ කොහොමද? 16.) 20 නිසා ඇතැමෙක්ගෙ රෙද්දත් ගැලවුණා.., 20 සම්මත කරපු දා ශෝක දිනයක් කියමින් ජාතික සංවිධාන හදන්නෙ අමුඩෙවත් බේරල දෙන්න...! 17.)  20න් ආණ්ඩුව විස්සෙ කොළේට වැටුණ...! 18.) 20 නිසා දින්නෙ 19යෙ කුමන්ත්‍රණකරුවන් සහ ජනාධිපති නීති විශාරදයන්...! 19.) 20න් ඔප්පු වුණේ පාර්ලිමේන්තුව  සහ ජනාධිපති නීති විශාරදයන් 76 ව්‍යවස්ථාව නොදන්නා බවයි...! 20.) ද්විත්ව පුරවැසි කැරට් අලයට ඇතැමෙක් 20ට රැවටුණා...! arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...