Skip to main content

ද්විත්ව පුරවැසියන්ගේ සීමාව ඇතිකරන අවසන් ඉල්ලීමත් 20ට විරුද්ධ වන්නන්ට ලබා දී ජනමතය නොවිමසා 33,35,70 සහ 104 ව්‍යවස්ථා 19යෙන් සංශෝධනය කරගත් ව්‍යවස්ථා කුමන්ත්‍රණය යට ගැසීමේ 20 මෙහෙයුම සාර්ථක කර ගනීවිද?

ද්විත්ව පුරවැසියන්ගේ සීමාව ඇතිකරන අවසන් ඉල්ලීමත් 20ට විරුද්ධ වන්නන්ට ලබා දී ජනමතය නොවිමසා 33,35,70 සහ 104 ව්‍යවස්ථා 19යෙන් සංශෝධනය කරගත් ව්‍යවස්ථා කුමන්ත්‍රණය යට ගැසීමේ 20 මෙහෙයුම සාර්ථක කර ගනීවිද? (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 2020.10.21)
2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙන ආ අවස්ථාවේ පැවති පාර්ලිමේන්තුවට තිබූ ව්‍යවස්ථාදායක බලයම 2020 දී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙන ආ පාර්ලිමේන්තුවට තිබිය යුතුය. ඒ මක් නිසාද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් මේ දක්වා සිදු වී නැති හෙයිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාව දක්වන්නේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලයයි. පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය අත්නොහළ යුතු බව එහි දැක්වේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 2020.10.20 වන දින පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර, එදා එනම් 2015 දී පාර්ලිමේන්තුව විසින් 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පමණක් සංශෝධනය කරගත් 70 ව්‍යවස්ථාව ඇතුලු තවත් ව්‍යවස්ථා 3ක් නැවත සංශෝධනය කර ගැනීමට මන්ත්‍රීවරුන් 2/3 ක් සහ ජනමතවිචාරණයකින්ද අනුමැතිය ලැබිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ බලපෑමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන පුරවැසියන්ට එකී තීරණය අනුව ඇතිවන ගැටළුව වන්නේ 2015 පාර්ලිමේන්තුවට 33, 35, 70 සහ 104 ව්‍යවස්ථා ජනමතවිචාරණයකට නොගොස් සංශෝධනය කිරීමට හැකිවීමත්, 2020 දී පාර්ලිමේන්තුවට එම ව්‍යවස්ථා  සංශෝධනය කිරීමට ජනමතවිචාරණයකට යායුතු වීමත් ප්‍රජාතන්ත්‍රවාදය වන්නේ කෙසේද? නීතියේ පාලනය වන්නේ කෙසේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති ව්‍යවස්ථාදායක බලය වත්මන් පාර්ලිමේන්තුවට හීන වූයේ කෙසේද? යන්නයි. එවන් පසුබිමක ද්විත්ව පුරවැසියන්ගේ සීමාව ඇතිකරන අවසන් ඉල්ලීමත් 20ට විරුද්ධ වන්නන්ට ලබා දී ජනමතය නොවිමසා 33,35,70 සහ 104 ව්‍යවස්ථා 19යෙන් සංශෝධනය කරගත් ව්‍යවස්ථා කුමන්ත්‍රණය යට ගැසීමේ 20 මෙහෙයුම සාර්ථක කර ගනීවිද? යන්න සාකච්ඡාවට ලක්කිරීම කරන්නේ අනුර බණ්ඩාරනායක වැනි පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය ආරක්ෂා කළ කථානායකවරයාට ගරු කිරීමක් වශයෙන් සහ වත්මන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට 76 ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීමේ වගකීමක් සහ යුතුකමක් ඇතිබව පෙන්වා දීමටය. භික්ෂූන් වහන්සේලා ඇතුලු සමාජයේ විවිධ මට්ටමේ පුරවැසියන් 20 ට එරෙහිව විරෝධය දක්වා ඇතිබව රහසක් නොවේ. මෙ වන විට එකී විරෝධයේ ප්‍රතිඵල ලෙස විරෝධයට පදනම් වී ඇති බොහෝ කාරණා පිළිගැනීමට 20 කෙටුම්පත් කළ අය එකගවී ඇති බවත් අසන්නට ලැබෙන අතර දැනට නොවිසදී ඇත්තේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට ඇති හැකියාව ඉවත් නොවීම පමණක් වන තත්ත්වයට එම විරෝධය ලඝු වී ඇත. මෙම ලියුම්කරු 20ට එරෙහි වූයේ 20 ගෙන එනු ලබන්නේ 2015 දී සිදුකළ 19යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය යටපත් කිරීමට සහ එකී කුමන්ත්‍රණකරුවන් ගැලවී යාමට 20 ගෙනවිත්ය යන පදනමින් ය. මෙම ලියුම්කරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත, නීතිපතිවරය සහ වැඩබලන පොලිස්පතිවරයා වෙතද 2015 දී 19ය ගෙන ආ අවස්ථාවේ සිදුකළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පිළිබද පැමිණිළි කර ඇති අතර, 20 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 33, 35, 70 සහ 104 ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් නියම කර තිබීමෙන්ම 2015 දී 19 ය ගෙන ආ අවස්ථාවේ එකී ව්‍යවස්ථා සංශෝධන කරගෙන ඇත්තේ ජනමතවිචාරණයක් නොපවත්වා වන අතර 2015 දී ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදුවී ඇති බව ඒ අනුව පැහැදිලි වේ.  2015 දී 19 ය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාව අනුව සිය ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කළ එවකට කථානායකවරයාගේ බලතල වර්තමාන කථානායකවරයාට අහිමි වී ඇති බවත්, එදා කථානායකවරයා 33, 35, 70 සහ 104 ව්‍යවස්ථා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 2/3 ක ඡන්දයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථාව අනුව සහතිකය යෙදීමට හැකි තරම් බලවත් වුවත්, වර්තමාන කථානායකවරයාට 33, 35, 70 සහ 104 ව්‍යවස්ථා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 2/3 ක ඡන්දයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථාව අනුව සහතිකය යෙදීමට නොහැකි තරම් දුර්වල කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව අනුව වත්මන් පාර්ලිමේන්තුවට සහ වත්මන් කථානායකවරයාට එදා පාර්ලිමේන්තුවට සහ කථානායකවරයාට තිබූ පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය අත්හළ නොහැකිය. 2015 සිටි කථානායකවරයා 80.1 ව්‍යවස්ථාව යටතේ සහතිකය යෙදූ නීතියක් 2020 කථානායකවරයාටද 80.1 ව්‍යවස්ථාව යටතේ සහතිකය යොදා සංශෝධනය කිරීම වැළැක්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබීම මගින් පැහැදිලිවන්නේ 2015 දී සිටි කථානායකවරයා 33, 35, 70 සහ 104 ව්‍යවස්ථා සංශෝධනය කරගැනීමට එදා 80.1 ව්‍යවස්ථාව අනුව 19යට සහතිකය යෙදීම නිවැරදි නොවන බවත් එදා 19 යට 80.2 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් සහතිකය යෙදිය යුතුව තිබූ බවයි. මෙය 2015 දී නීතිවිශාරදයන් කිහිප දෙනෙක් සහ තවත් අය එක්වී සිදු කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වන අතර, එකී කුමන්ත්‍රණකරුවන් ගැලවී යාම සදහා සහ එදා සිදු කළ වැරැද්ද යටපත් කිරීම 20 මගින් අපේක්ෂා කරන අතර මේ වන විට 20ට ඇති ජනතා විරෝධය විවිධ වෙනත් මාර්ග ඔස්සේ යටපත් කිරීමටද උත්සාහ ගන්නා බව පෙනෙන්නට තිබේ. ද්විත්ව පුරවැසියන්ගේ සීමාව ඇතිකරන අවසන් ඉල්ලීමත් 20ට විරුද්ධ වන්නන්ට ලබා දී ජනමතය නොවිමසා 33,35,70 සහ 104 ව්‍යවස්ථා 19යෙන් සංශෝධනය කරගත් ව්‍යවස්ථා කුමන්ත්‍රණය යට ගැසීමේ 20 මෙහෙයුම සාර්ථක කරගැනීමේ උත්සාහයද ඒ අතර වෙයි. 19යේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ දිගුවක් ලෙස 20 ඉදිරියට යාම පාලනය කරමින් 19 යේ අවුල ලෙහා දැමිය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 වන ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අවධානය යොමු කිරීමත්, 2001 ජූනි මස 20 දින අනුර බණ්ඩාරනායක කථානායකවරයා පාර්ලිමේන්තුව සතු ව්‍යවස්ථාදායක බලය ආරක්ෂා කිරීමට ගත් පියවර දෙස අවධානය යොමු කිරීමෙනුත් ය. ජනතාව 19 සහ 20 අවුල දෙස අවධානයෙන් සිටිය යුත්තේ ඒකීය බව සහ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය පාර්ලිමේන්තුව විසින් 2/3 ක ඡන්දයෙන් වෙනස් කර නැවත එය යථාතත්ත්වයට ගෙන ඒමට 20 දී මෙන් පාර්ලිමේන්තුවේ 2/3 ක් සහ ජනමතවිචාරණයක් ද නියම කෙරෙන හෙයිනි. එදා 19 ය කෙටුම්ත් කළේද නීති විශාරදයන් ය. මෙදා 20 කෙටුම්පත කළේද නීති විශාරදයන් ය. මේ නීති විශාරදයන් එකිනෙකා ජනාධිපතිවරු, කථානායකවරු සහ පාර්ලිමේන්තුව නොමග යවා හිතූ හිතූ දේ කරගන්නා බව 19 සහ 20 ජනතාවට කියා දෙන පාඩමයි. arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය