Skip to main content

" 20 කටු ඔටුන්නක්...2/3 න් සම්මත කරගත් 19 ය සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වූයේ ඇයි?...!" 20 ට කථානායකවරයාගේ සහතිකය යෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආකාරය සහ බෲටස්ලාගේ උගුල් පිළිබදව නීතිඥ අරුණ ලක්සිරි ගෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විවෘත ලිපියක්....!

" 20 කටු ඔටුන්නක්...2/3 න් සම්මත කරගත් 19 ය සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වූයේ ඇයි?...!" 20 ට කථානායකවරයාගේ සහතිකය යෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආකාරය සහ බෲටස්ලාගේ උගුල් පිළිබදව නීතිඥ අරුණ ලක්සිරි ගෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විවෘත ලිපියක්....!
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com 2020.11.03 ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි, " 20 කටු ඔටුන්නක්...2/3 න් සම්මත කරගත් 19 ය, සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වූයේ ඇයි කියා සොයා බලන්න...!" 2/3 න් සම්මත කරගත් 19 ය, සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වූයේ ඇයි කියා ඔබගේ නීති විශාරදයන් වෙතින් විමසීම් කරන ලෙසත්, සහ 20 ට කථානායකවරයාගේ සහතිකය යෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආකාරය සහ බෲටස්ලාගේ උගුල් පිළිබදව දැනුවත් කිරීමට මෙම ලිපිය ලියමි. ඔබතුමා විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ගෙන යාමට ක්‍රියා කරන ලද්දේ එහි ජනමතවිචාරණයකට යා යුතු කිසිම සංශෝධනයක් ඇති බවට වන පදනමෙන් නොවේ. විශේෂයෙන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය (33 ව්‍යවස්ථාව), 5 වන වගන්තිය (35 ව්‍යවස්ථාව), 14 වන වගන්තිය (70 ව්‍යවස්ථාව), 22 වන වගන්තිය (104 (උ )(උ) ව්‍යවස්ථාව) මගින් සංශෝධනය කිරීමට උත්සාහ ගත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 2/3 ක් විසින් සංශෝධනය කරගත් ව්‍යවස්ථා, 2020 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 2/3 කගේ ඡන්දයෙන් සංශෝධනය කිරීමටය. ඔබගේ උත්සාහය අසාර්ථක කරමින් පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2020.10.20 දින ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවට දන්වා සිටියේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය (33 ව්‍යවස්ථාව), 5 වන වගන්තිය (35 ව්‍යවස්ථාව), 14 වන වගන්තිය (70 ව්‍යවස්ථාව), 22 වන වගන්තිය (104 (උ )(උ) ව්‍යවස්ථාව) මගින් සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ක මන්ත්‍රීවරුන්ගේ ඡන්දය සහ ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ කැමැත්තද අවශ්‍ය බවයි. 2/3 න් පාර්ලිමේන්තුව 2015 දී සම්මත කරගත් 19 ය, සංශෝධනය කිරීමට 2020 දී පාර්ලිමේන්තුවට 2/3 ක් සහ ජනමතවිචාරණයක් අවශ්‍ය වී ඇති බව කථානායකවරයා ප්‍රකාශ කිරීමත් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය මගින් දක්වා ඇති පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලයට පටහැනි ලෙස 2020 පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට සිදුවී ඇති බව ඔබගේ අවධානයට යොමු කරන අතර, ඒ පිළිවදව ඔබගේ නීති විශාරදයන්ගෙන් විමසන ලෙසත් ඉල්ලා සිටිමි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය සහ ඉංග්‍රීසි භාෂා පාඨය අතර වෙනසක් ඇති බවත් ඔතුමාගේ අවධානයට යොමු කරමි. මේ ආකාරයට පෙර පාර්ලිමේන්තුවක් විසින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 2/3 ක් විසින් කරන ලද ව්‍යවස්ථා සංශෝධනයක් නැවත යථාතත්ත්වයට පත් කිරීමේ සංශෝධනයක් කිරීමට ජනමතවිචාරණයක් පැවැත්වීමට සිදුවන නෛතික තත්ත්වයක් ඇති වුවහොත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුලු අනෙකුත් ව්‍යවස්ථා සංශෝධන නැවත යථාතත්ත්වයට පත් කිරීමට ජනමතවිචාරණයක් පැවැත්වීමේ තත්ත්වය දක්වා ව්‍යාප්ත විය හැකිය. පෙර පාර්ලිමේන්තුවකට පසු පාර්ලිමේන්තුව ඒ සමාන ක්‍රියාවකට බැද තැබීමට නොහැකි වීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. ඒ අනුව 2015 දී පැවති පාර්ලිමේන්තුව විසින් 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සංශෝධනය කරගත් ව්‍යවස්ථා නැවත යථාතත්ත්වයට පත්කිරීමට ජනමතවිචාරණයක් පැවැත්වීමට සිදුවීම සුලුවෙන් බැහැර කළ හැකි/ බැහැර කළ යුතු තත්ත්වයක් නොවේ. මන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 9 වන ව්‍යවස්ථා පවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ 2/3න් සංශෝධනය කර ගනු ලැබුවහොත් එය නැවත යථාතත්ත්වයට පත්කිරීම සදහාද ජනමතවිචාරණයක් නියම වීමේ අවධානමක් හට ගැනීමය. මේ තත්ත්වය පිළිබද ඔබගේ ජනාධිපති නීති විශාරදයන්ගේ අවධානය යොමු කිරීම අවශ්‍ය වන්නේ ජූලියස් සිසර් පහර කෑවේ තමන්ගේම සෙන්ට් සභාවේ බෲටස්ලා අතින් වීම ඓතිහාසිකව පෙන්නුම් කර ඇති හෙයිනි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහිමි කළ විධායක බලය නැවත ලබා දෙනවා කියමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 අනු ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨයට පටහැනිව විධායක බලය ඔබතුමා වෙත පැවරීම විධායක බලය කටු ඔටුන්නක් කර ලබා දීමට ක්‍රියා කිරීමක් වේ. මෙය වැරදි පූර්වා දර්ශයක් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාවට පටහැනිව 2020 පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට සළස්වා විධායක බලය කෙසේ හෝ ඔබතුමා වෙත ලබා දීමට කරන ලද ක්‍රියාවක් බවත්, එය කටු ඔටුන්නක් බවත් ඔබතුමාගේ අවධානයට යොමු කරමි. එසේ හෙයින්, 20 කටු ඔටුන්න පිළිබදව දැනුවත් වන ලෙසත්, 2/3 න් සම්මත කරගත් 19 ය සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වූයේ ඇයිද? කියා සොයා බලන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙයට, විශ්වාසී, නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...