Skip to main content

" 20 කටු ඔටුන්නක්...2/3 න් සම්මත කරගත් 19 ය සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වූයේ ඇයි?...!" 20 ට කථානායකවරයාගේ සහතිකය යෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආකාරය සහ බෲටස්ලාගේ උගුල් පිළිබදව නීතිඥ අරුණ ලක්සිරි ගෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විවෘත ලිපියක්....!

" 20 කටු ඔටුන්නක්...2/3 න් සම්මත කරගත් 19 ය සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වූයේ ඇයි?...!" 20 ට කථානායකවරයාගේ සහතිකය යෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආකාරය සහ බෲටස්ලාගේ උගුල් පිළිබදව නීතිඥ අරුණ ලක්සිරි ගෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට විවෘත ලිපියක්....!
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විද්‍යුත් ලිපිනය arunaunawatuna@gmail.com 2020.11.03 ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි, " 20 කටු ඔටුන්නක්...2/3 න් සම්මත කරගත් 19 ය, සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වූයේ ඇයි කියා සොයා බලන්න...!" 2/3 න් සම්මත කරගත් 19 ය, සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වූයේ ඇයි කියා ඔබගේ නීති විශාරදයන් වෙතින් විමසීම් කරන ලෙසත්, සහ 20 ට කථානායකවරයාගේ සහතිකය යෙදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ආකාරය සහ බෲටස්ලාගේ උගුල් පිළිබදව දැනුවත් කිරීමට මෙම ලිපිය ලියමි. ඔබතුමා විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ගෙන යාමට ක්‍රියා කරන ලද්දේ එහි ජනමතවිචාරණයකට යා යුතු කිසිම සංශෝධනයක් ඇති බවට වන පදනමෙන් නොවේ. විශේෂයෙන් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය (33 ව්‍යවස්ථාව), 5 වන වගන්තිය (35 ව්‍යවස්ථාව), 14 වන වගන්තිය (70 ව්‍යවස්ථාව), 22 වන වගන්තිය (104 (උ )(උ) ව්‍යවස්ථාව) මගින් සංශෝධනය කිරීමට උත්සාහ ගත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 2/3 ක් විසින් සංශෝධනය කරගත් ව්‍යවස්ථා, 2020 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 2/3 කගේ ඡන්දයෙන් සංශෝධනය කිරීමටය. ඔබගේ උත්සාහය අසාර්ථක කරමින් පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය 2020.10.20 දින ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුවට දන්වා සිටියේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය (33 ව්‍යවස්ථාව), 5 වන වගන්තිය (35 ව්‍යවස්ථාව), 14 වන වගන්තිය (70 ව්‍යවස්ථාව), 22 වන වගන්තිය (104 (උ )(උ) ව්‍යවස්ථාව) මගින් සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 ක මන්ත්‍රීවරුන්ගේ ඡන්දය සහ ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ කැමැත්තද අවශ්‍ය බවයි. 2/3 න් පාර්ලිමේන්තුව 2015 දී සම්මත කරගත් 19 ය, සංශෝධනය කිරීමට 2020 දී පාර්ලිමේන්තුවට 2/3 ක් සහ ජනමතවිචාරණයක් අවශ්‍ය වී ඇති බව කථානායකවරයා ප්‍රකාශ කිරීමත් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය මගින් දක්වා ඇති පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලයට පටහැනි ලෙස 2020 පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට සිදුවී ඇති බව ඔබගේ අවධානයට යොමු කරන අතර, ඒ පිළිවදව ඔබගේ නීති විශාරදයන්ගෙන් විමසන ලෙසත් ඉල්ලා සිටිමි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය සහ ඉංග්‍රීසි භාෂා පාඨය අතර වෙනසක් ඇති බවත් ඔතුමාගේ අවධානයට යොමු කරමි. මේ ආකාරයට පෙර පාර්ලිමේන්තුවක් විසින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 2/3 ක් විසින් කරන ලද ව්‍යවස්ථා සංශෝධනයක් නැවත යථාතත්ත්වයට පත් කිරීමේ සංශෝධනයක් කිරීමට ජනමතවිචාරණයක් පැවැත්වීමට සිදුවන නෛතික තත්ත්වයක් ඇති වුවහොත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුලු අනෙකුත් ව්‍යවස්ථා සංශෝධන නැවත යථාතත්ත්වයට පත් කිරීමට ජනමතවිචාරණයක් පැවැත්වීමේ තත්ත්වය දක්වා ව්‍යාප්ත විය හැකිය. පෙර පාර්ලිමේන්තුවකට පසු පාර්ලිමේන්තුව ඒ සමාන ක්‍රියාවකට බැද තැබීමට නොහැකි වීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. ඒ අනුව 2015 දී පැවති පාර්ලිමේන්තුව විසින් 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සංශෝධනය කරගත් ව්‍යවස්ථා නැවත යථාතත්ත්වයට පත්කිරීමට ජනමතවිචාරණයක් පැවැත්වීමට සිදුවීම සුලුවෙන් බැහැර කළ හැකි/ බැහැර කළ යුතු තත්ත්වයක් නොවේ. මන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 9 වන ව්‍යවස්ථා පවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ 2/3න් සංශෝධනය කර ගනු ලැබුවහොත් එය නැවත යථාතත්ත්වයට පත්කිරීම සදහාද ජනමතවිචාරණයක් නියම වීමේ අවධානමක් හට ගැනීමය. මේ තත්ත්වය පිළිබද ඔබගේ ජනාධිපති නීති විශාරදයන්ගේ අවධානය යොමු කිරීම අවශ්‍ය වන්නේ ජූලියස් සිසර් පහර කෑවේ තමන්ගේම සෙන්ට් සභාවේ බෲටස්ලා අතින් වීම ඓතිහාසිකව පෙන්නුම් කර ඇති හෙයිනි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අහිමි කළ විධායක බලය නැවත ලබා දෙනවා කියමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 අනු ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨයට පටහැනිව විධායක බලය ඔබතුමා වෙත පැවරීම විධායක බලය කටු ඔටුන්නක් කර ලබා දීමට ක්‍රියා කිරීමක් වේ. මෙය වැරදි පූර්වා දර්ශයක් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාවට පටහැනිව 2020 පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට සළස්වා විධායක බලය කෙසේ හෝ ඔබතුමා වෙත ලබා දීමට කරන ලද ක්‍රියාවක් බවත්, එය කටු ඔටුන්නක් බවත් ඔබතුමාගේ අවධානයට යොමු කරමි. එසේ හෙයින්, 20 කටු ඔටුන්න පිළිබදව දැනුවත් වන ලෙසත්, 2/3 න් සම්මත කරගත් 19 ය සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය වූයේ ඇයිද? කියා සොයා බලන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි. මෙයට, විශ්වාසී, නීතිඥ අරුණ ලක්සිරි උණවටුන

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය