Skip to main content

20න් 2015 දී පාර්ලිමේන්තුවට තිබූ ව්‍යවස්ථාදායක බලය 2020 පාර්ලිමේන්තුවට අහිමි කර ගැනීම ගැන ජනාධිපති නීති විශාරදයන් නිහඩ 76.1 අනුව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය, ඉංග්‍රීසි භාෂා පාඨයට වඩා වෙනස් බව එළිදරව්වෙන නිසාද?

20න් 2015 දී පාර්ලිමේන්තුවට තිබූ ව්‍යවස්ථාදායක බලය 2020 පාර්ලිමේන්තුවට අහිමි කර ගැනීම ගැන ජනාධිපති නීති විශාරදයන් නිහඩ 76.1 අනුව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය, ඉංග්‍රීසි භාෂා පාඨයට වඩා වෙනස් බව එළිදරව්වෙන නිසාද? නීතිඥ අරුණ ලක්සිරි උණවටුන (2020.11.02)
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට මේ වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් යොදා ඇති බව වාර්තා වී ඇත. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කථානායකවරයා සහතිකය යෙදිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.3 ව්‍යවස්ථාවේ සහ 76 වන ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනය කරමින් නොවිය යුතුය. මෙම ලිපිය පදනම් වන්නේ 20න් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අහිමි කර ගැනීම ගැන ජනාධිපති නීති විශාරදයන් නිහඩ 76.1 අනුව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය, ඉංග්‍රීසි භාෂා පාඨයට වඩා වෙනස් නිසාද? යන්න පිළිබදව හෙයින් 76.1 ව්‍යවස්ථාව ඇසුරෙන් ලිවීමට ලිපිය සීමා කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 වන අනු ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය සහ ඉංග්‍රීසි භාෂා පාඨය වෙනස් ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 වන අනු ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨයේ වාක්‍ය 3ක් ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 වන අනු ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂා පාඨයේ එක් වාක්‍යක් පමණක් දැක්වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 වන අනු ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨයේ වාක්‍ය 3න මෙසේය. 1 වන වාක්‍ය - පාර්ලිමේන්තු විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේ ය. 2 වන වාක්‍ය - කිසිම ආකාරයකින් අන්සතු නොකළ යුත්තේ ය. 3 වන වාක්‍ය - කවර වූ හෝ ව්‍යවස්ථාදායක බලයක් ඇති කිසිම අධිකාරයක් පාර්ලිමේන්තුව විසින් නොපිටුවිය යුත්තේ ය. ඉහත වාක්‍ය 3 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 අනු ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨයේ තිබුණද ඉංග්‍රීසි භාෂා පාඨයේ එවැනි වාක්‍ය 3ක් නො දැක්වේ. භාෂා පාඨ අතර පවතින මෙම වෙනස්කම හේතුවෙන්, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය සම්බන්ධයෙන් 76.1 අනුව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය තරම් පැහැදිලිව ඉංග්‍රීසි භාෂා පාඨයේ නොදැක්වේ. ජනාධිපති නීති විශාරදයන් විමසා බලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂා පාඨ හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨයේ දක්නට ඇති වැදගත් කම ඔවුන්ට අවබෝධ නොවේ. නමුත් භාෂා අතර අනනුකූලතාවයක් ඇති වුවහොත් සිංහල භාෂා පාඨය වලංගු වන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76.1 අනු ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය සියලු දෙනා පිළිගත යුතු වේ. ඒ අනුව 76.1 වන අනු ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨයේ 1 වන වාක්‍ය - "පාර්ලිමේන්තු විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත් නොහළ යුත්තේ ය.", යන්න 20න් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අහිමි කර ගෙන තිබේද? යන්න පැහැදිලි කර ගැනීමේදී සළකා බැලිය යුතුය. 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එවකට කථානායකවරයා සහතිකය යොදා ඇත්තේ එම සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ) (උ) ව්‍යවස්ථා සම්බන්ධයෙන් ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමෙන් තොරවය. එය සනාථ වූයේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් 2020.10.20 දින පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයත් සමගය. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය (33 ව්‍යවස්ථාව), 3 වන වගන්තිය (33 ව්‍යවස්ථාව), 5 වන වගන්තිය (35 ව්‍යවස්ථාව), 14 වන වගන්තිය (70 ව්‍යවස්ථාව), 22 වන වගන්තිය (104 (උ )(උ) ව්‍යවස්ථාව) සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයක් සහ ජනමතවිචාරණයකින්ද ජනතාවගේ අනුමැතිය ලැබීමට අවශ්‍ය බව කථානායකවරයා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. 20 ගෙන ආවේ 19 ය සංශෝධනය කිරීමට වන අතර, ඒ අනුව පැහැදිලි වන්නේ 2015 දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සම්මත කරගෙන තිබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 35, 70 සහ 104 (උ )(උ) ව්‍යවස්ථා එනම් පාර්ලිමේන්තුවේ 2/3 මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සංශෝධනය කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාගේ පාර්ලිමේන්තුවට නොහැකි වූ බවයි. එමගින් පැහැදිලි වන අනෙක් කරුණ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 76 ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට හිමි කර දී ඇති පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමට 2020 පාර්ලිමේන්තුවට සිදුවී ඇති බවත්, 2015 දී පාර්ලිමේන්තුවේ කථානායකවරයා 2/3න් සිදුකළ ව්‍යවස්ථා සංශෝධන, ප්‍රති සංශෝධනය කිරීමට / නැවත යථාතත්ත්වයට පත්කිරීමට මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාට 2020 දී 2/3 න් කිරීමට නොහැකි බවයි. 20න් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය අහිමි කර ගැනීම ගැන ජනාධිපති නීති විශාරදයන් නිහඩ 76.1 අනුව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය, ඉංග්‍රීසි භාෂා පාඨයට වඩා වෙනස් බව එළිදරව්වෙන නිසාද? යන්න තේරුම් ගැනීමට දැන් ජනතාවට අවස්ථාව ලැබී ඇත. arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය