Skip to main content

19 යේ අධිකරණ ඇමති අලි සබ්‍රි නීතියට, අධිකරණයට සහ නීතීඥ සංගමයට බලපෑම් කරන ආකාරය නීතියේ පාලනය පවත්වාගෙන යාමටත්, පුද්ගලයන්ගේ ආරක්ෂාවටත් අනතුරකි...! (සාක්ෂි සහිතයි)

19 යේ අධිකරණ ඇමති අලි සබ්‍රි නීතියට, අධිකරණයට සහ නීතීඥ සංගමයට බලපෑම් කරන ආකාරය නීතියේ පාලනය පවත්වාගෙන යාමටත්, පුද්ගලයන්ගේ ආරක්ෂාවටත් අනතුරකි...! (සාක්ෂි සහිතයි)
අධිකරණ විනිසුරුවරු වැඩිකරන සහ ජාතික ආණ්ඩු බිහි කරන නීති සංශෝධන ගෙනවිත් විනිසුරුවරුන්ට සහ නීතියට පක්ෂපාතිබව පෙන්වමින් රට ඩිජිටල් යටත් විජිතයක් කිරීමේ සහ ඩිජිටල් නෛතික නිදහස අහිමි කරන 19 යේ අධිකරණ ඇමති අලි සබ්‍රිගේ උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 9, 10, 14, 18, 23, 24 සහ 106, 157 වන ව්‍යවස්ථාවලට පටහැනියි...! සිංගප්පූරු, යූඑස්ඒ, යූකේ ඇතුලු විදෙස් නීති රටට ගෙන ඒමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 ව්‍යවස්ථාවලට පටහැනිව කොරෝනා පනත ගෙන ඒම සහ 2021.07.12 දින ස්වර්ණවාහිනී 'ඉර' වැඩසටහනේදී ශ්‍රේෂ්ඨාධිකරණයට සහ නීතියට අපහාස කිරීමත්, නීතීඥ සංගමයේ ස්වාධීනත්වය අනතුරේ හෙලීමත්, විදෙස් 'සූම්' ගිවිසුම් මගින් අභියාචනාධිකරණය ඇතුලු අධිකරණවල ස්වාධීනත්වයට ගැටලු ඇති කිරීමත් ඒ සඳහා පැහැදිලි උදාහරණ වේ. අභියාචනාධිකරණයේ නඩු විභාග කිරීමට "සුම්" විදෙස් ආයතනය සමග ඇතිකරගත් ජාත්‍යන්තර ගිවිසුමේ පිටපතක් ලබා ගැනීමට ජනාධිපති කාර්යාලයෙන් මෙම ලියුම්කරු 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන යටතේ පසුගියදා කළ ඉල්ලීම ජනාධිපති ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් සිසිර කුමාර හේනාධීර මහතා විසින් අධිකරණ අමාත්‍යාංශයට යොමු කර තිබුණි. එකී යොමු කිරීමේ මාගින් "සූම්" මාර්ගගත ක්‍රමයට නඩු විභාග කිරීමට "සූම්" ආයතනය සමග ඇතිකරගත් විදෙස් ගිවිසුම සම්බන්ධ ක්‍රියා දාමය පිළිබඳව ජනාධිපති කාර්යාලය දැනුවත් කරන ලෙසද වැඩි දුරටත් ඉල්ලා ඇත. ඉහත කාරණ සහ හැසිරීම් අනුව පැහැදීලි වන්නේ 19 යේ අධිකරණ ඇමති අලි සබ්‍රි නීතියට, අධිකරණයට සහ නීතීඥ සංගමයට බලපෑම් කරන ආකාරය නීතියේ පාලනය පවත්වාගෙන යාමටත්, පුද්ගලයන්ගේ ආරක්ෂාවටත් අනතුරක් බවයි. එයට ඉඩදී නිහඩව සිටීම ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය, තිරසර සංවර්ධනය, ආගමික නිදහස සහ ඩිජිටල් නෛතික නිදහස අගයන අයට නොහැකිය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකථන 0342256066/0712063394 (2021.07.19)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...