ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍යධූරය තමන් විසින් නොදැරීමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරයි.
ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍යධූරය තමන් විසින් නොදැරීමට එරෙහි
මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරයි.
19න් පත් වූ ඇමතිවරුන්ට 20න් පත්නොවී දිගටම ධූර දැරිය හැකිද ප්‍රශ්නයට නීතිපති පිළිතුරු දිය යුතු බව නීතිඥ අරුණ ලක්සිරි උණවටුන එම නඩුවේ කරුණු තහවුරු කරන අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී කරුණු දක්වයි
"20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු බුද්ධ ශාසන ඇමතිවරයෙක් දිවුරුම් දී ඇත්නම් නීතිපතිවරයා එය පෙන්වාදිය යුතුයි. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්කාලීන විධිවිධානවලින් විනිසුරුවරුන්ගේ සහ ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන්ගේ ධූර ආරක්ෂා කර තිබුණත් 19න් පත්වූ ඇමතිවරුන්ගේ ධූර ආරක්ෂා කර තිබේද යන්න වැදගත් වෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව මගින් යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීම ජනාධිපතිට අයත් කාර්යයක් හෙයින් ආරක්ෂක අමාත්‍ය ධූරය ජනාධිපති දැරීම නිවැරදියි. ඒත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුඛත්වය හිමිවීම යටතේ බුද්ධ ශාසන අමාත්‍ය ධූරය ජනාධිපති අත්හැරීම වැරදියි. බුද්ධ ශාසන අමාත්‍ය ධූරය අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන ජනාධිපති වෙත තබා ගත යුතුයි. එසේ නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 10, 12.1 ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්,ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍යධූරය අත්හැරීමට එරෙහි නඩුවේදී පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියයි.
එකී මූලික අයිතිවාසිකම් පෙත්සම වලංගු නීතිමය කරුණු නැති බවට නීතිපතිගේ කරුණු පිළිගන්නා බව දැනුම් දුන් විනිසුරුවරු පෙත්සම විභාගයට ගැනීමට අවසර දීම ප්‍රතික්ෂේප කළ අතර, එල්.ටී.බී. දෙහිදෙනිය, ඒ.එච්.එම්.ඩී. නවාස්, ඒ.එල්.එස්.ගුණරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ඉදිරියේ අද දින(2021.07.09) අංක 404 අධිකරණ ශාලාවේදී නඩුව කැදවනු ලැබීය.
පෙත්සම්කාර නීතිඥ අරුණ ලක්සිරි උණවටුන පෙනී සිටි අතර ජනාධිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ පෙනී සිටියේය.
මාධ්‍ය අංශය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.
දුරකථන 0342256066
(2021.07.09)
Comments
Post a Comment