යුක්‍රේන ගැටුමෙන් ඇමෙරිකාව සහ එංගලන්තය තවදුරටත් ලෝකයේ බලවතුන් නොවන බව පෙනේවිද?
යුක්‍රේන ගැටුම සහ එය අවසන් නොවී දිගට ඇදීමෙන් බටහිර මාධ්‍ය බරපතල ලෙස අසරණ වන අතර ඉංග්‍රීසි කතා නොකරන රටවල් වන ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ජපානය, කොරියාව, චීනය වැනි රටවල් ඇමෙරිකාවට සහ එංගලන්තයට සහාය නොදෙන බව ලෝකයට පෙනෙන්නට පටන් ගනී.
ඉංදියාව සහ අරාබිය එක්සත් ජාතීගේ ආරක්ෂක මණ්ඩලයේදී ඇමෙරිකාවට සහ එංගලන්තයට සහාය නොදීමෙන් ඒ බව වඩාත් පැහැදිලි වේ.
එමෙන්ම ඇමෙරිකාවෙන් සහ එංගලන්තයෙන් ආධාර ලබන 3වන ලෝකයේ රටවල් ව්ශාල අර්බුදයන්ට පත් වේ. (ශ්‍රී ලංකාව වැනි රටවලට ඇමෙරිකාව සහ එංගලන්තය කියන පරිදි රුසියාවට සම්බාධක පැනවීමට සිදුවුවහොත් තේ කර්මාන්තය සහ දේශීය කර්මාන්ත සම්පූර්ණයෙන්ම බිඳවැටීමට ඉඩ ඇත.)
රුසියාවට උවමණා ඇමෙරිකාව සහ එංගලන්තය තවදුරටත් ලෝකයේ බලවතුන් නොවන බවත්, ලෝකයේ රටවල සහාය ඔවුන්ට නොලැබෙන බවත් පෙන්වීමද? යන්න රුසියාවට පනවන සම්බාධක ප්‍රායෝගික නොවීමෙන් පෙනී යනු ඇත.
ii වන ලෝක යුද්ධයේදී ජර්මනිය කළ වැරදි 3ක් ඇත. ඒ අමානුෂික ලෙස යුදෙව්වන් ඝාතනය කිරීමත්, රුසියාවට පහර දීමත්, සීමාව ඉක්මවා යුද්ධය පැතිරවීමත් ය. ජපානය කළ වැරැද්ද
පැසිපික් සාගරයේ හවායිහී පර්ල් වරායට බෝම්බ හෙළීමය.
රුසියාව මේ පිළිබඳ අනවබෝධයෙන් සිටිනවා විය නොහැකිය.
සිරියාවේදී රුසියාව පෙන්වූ හැකියාව බුද්ධිමතුන් වටහාගෙන ඇත.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394
(2022.02.25)
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය
අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි 21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...
Comments
Post a Comment