Skip to main content

ඉංග්‍රීසීන්ගේ අධිපරිභෝජනය වෙනුවට දේශීය සංස්කෘතියේ එන මධ්‍යම ප්‍රතිපදාව පිහිටුවීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වෙයිද?

ඉංග්‍රීසීන්ගේ අධිපරිභෝජනය වෙනුවට දේශීය සංස්කෘතියේ එන මධ්‍යම ප්‍රතිපදාව පිහිටුවීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වෙයිද?
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇත්තේ ආර්ථික ප්‍රශ්නයක්ද, දේශපාලන ප්‍රශ්නයක්ද, ජාත්‍යන්තර ප්‍රශ්නයක්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක්ද යන්නද ප්‍රශ්නයකි. ආහාර, විදුලිය, ඉන්ධන මිල ජනතාවට නොදැරිය හැකි මට්ටමෙන් ඉහළ යයි. එහි ප්‍රතිඵලයක් ලෙස සමාජ අරගල නිර්මාණය විය.අධිපරිභෝජන ඉංග්‍රීසි සමාජ සංස්කෘතිය 1815 සිටම මෙරට නීතියට ඇතුළත් විය. 1948 සිට ස්වදේශිකයන් විසින් වසර 74ක් තිස්සේ අධිපරිභෝජන ඉංග්‍රීසි සමාජ සංස්කෘතිය නඩත්තු කළේය. දේශීය නිෂ්පාදන දිරිමත් නොකරන විදේශීය නිෂ්පාදන දිරිමත් කරන නීති පැනවීමට පාර්ලිමේන්තුව ක්‍රියා කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දෙමින් අධිපරිභෝජන ඉංග්‍රීසි සමාජ සංස්කෘතිය නඩත්තු කළේය. අල්ලස, දූෂණය, අක්‍රමිකතාවය සහ බලවතුන්ට නීතිය ක්‍රියාත්මක නොවීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අධිපරිභෝජන ඉංග්‍රීසි සමාජ සංස්කෘතියේ ලක්ෂණයකි. වසර 74 ක් තිස්සේ දේශීය නීති යාන්ත්‍රණය මගින් ක්‍රියාත්මක වූ අධිපරිභෝජන ඉංග්‍රීසි සමාජ සංස්කෘතිය පුපුරා යාමේ උච්චතම අවස්ථාව ගෝඨාභය ජනාධිපතිවරයා 2022 ජූලි 09 දින නෙරපා දැමීම බවට පත් විය. අධිපරිභෝජන සමාජ කොටස් ගෝඨාභය ජනාධිපති ධූරයෙන් නෙරපා රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවූ අරගලයට විවිධ අයුරින් දායකත්වය සැපයීය. 1815 සිටම අධිපරිභෝජන රටාවට ජනතාව හුරු කළේ ඉංග්‍රීසීන් ය. 1948 සිට වසර 74ක් ඉංග්‍රීසි අධිපරිභෝජන සමාජ සංස්කෘතියකට ශ්‍රී ලාංකිකයන් හුරු කරවමින් සිටියේය. වසර 2500ක් ඈත සංස්කෘතික ඉතිහාසයක් ඇති දේශීය සංස්කෘතියේ ජීවිත පැවැත්ම සකස් වී ඇත්තේ අධිපරිභෝජනයට නොව මධ්‍යම ප්‍රතිපදාවටය. වර්තමානයේ අධිපරිභෝජකයන්ට සංකීර්ණ ප්‍රශ්න ඇති වී තිබුණද නමට බෞද්ධයන් නොවන සැබෑ බෞද්ධයන්ට එය සාමාන්‍ය තත්ත්වයකි. රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගත්තේ අධිපරිභෝජකයන්ට තමන්ගේ අධිපරිභෝජන ජීවන රටාව නැවත ලැබේයැයි බලාපොරොත්තුවෙනි. නැතහොත් ඩොලර් ගෙනවිත් තමන්ගේ අධිපරිභෝජන ජීවන රටාවට අවශ්‍ය විදේශීය නිෂ්පාදන සහ විදේශීය ආහාර නැවත ගෙන්වා ගැනීමට රනිල් වික්‍රමසිංහට හැකි වේයැයි බලාපොරොත්තුවෙනි. ඔහුට එය කළ නොහැකි වුවහොත් ගෝඨාභය ජනාධිපති ධූරයෙන් නෙරපීමට මුල්වූ අධිපරිභෝජන සමාජ කොටස්ම රනිල් වික්‍රමසිංහව ජනාධිපති ධූරයෙන් නෙරපීමටද පාරට එනු ඇත. ඉංග්‍රීසීන්ට එරෙහිව යමින් මධ්‍යම ප්‍රතිපදාවකට සමාජය මෙහෙයවීමට නායකත්වය දීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටදුර දැක්මක් ඇත්නම් පවතින ආර්ථික, දේශපාලන අර්බුදයට විසඳුම් ලබා දීමට ජනාධිපතිවරයාටහැකි වේ. ඔහු ඒ සඳහා සූදානම්ද? අධිපරිභෝජනය වෙනුවට දේශීය සංස්කෘතියේ එන මධ්‍යම ප්‍රතිපදාවට ඔහුගේ කැපවීම කෙසේද? දේශීය සංස්කෘතියේ එන මධ්‍යම ප්‍රතිපදාවට ජනතාව පෙළගස්සවන ආකාරය කෙසේද? නිෂ්පාදන ආර්ථිකයකට සමාජය දිශානති කිරීමට ඔහුට දර්ශනයක් තිබේද? යන ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු මත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජනාධිපති ධූර කාලයේ සාර්ථකත්වය තීරණය කෙරේ. නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394. (2022.08.12)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය