ශ්‍රී ලංකා අධිකරණ භාෂා නීති විද්‍යාලය පාර්ලිමේන්තු පනතකින් පිහිටුවිය යුත්තේ ඇයි?
(අධිකරණ අමාත්‍යාංශයේ සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ මෙහෙයවීමෙන් ප්‍රකාශයට පත් කර ඇති 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම, නීති විභාග පැවැත්වීම වළක්වා ඇත)
නීතිඥවරු බිහිකරන ශ්‍රී ලංකා
නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් සහ නීති පැනවීමේ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා නොදිම ජනතාවගේ පරමාධිපත්‍යය අහිමි කිරීමකි.(මේ සම්බන්ධයෙන් නීතියේ පිහිට පැතීම ප්‍රායෝගික නොවන්නේ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සංයුතිය, එහි බලපෑම සහ අගවිනිසුරු එහි ප්‍රධානත්වය දැරීම හේතුවෙනි.) එසේ හෙයින් පාර්ලිමේන්තු පනතකින් හෝ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ස්වාධීන කොමිසමක් කිරීමෙන් මෙයට විසඳුම් සෙවිය යුතුය.
"නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ" නම් ශ්‍රී ලංකා නීති ව්ද්‍යාලය ඉංග්‍රීසියෙන් පමණක් නීතිය ඉගැන්වීම නීති මූලධර්ම වලට පටහැනිව යාමකි.
ශ්‍රී ලංකා නීති ව්ද්‍යාලය ඉංග්‍රීසියෙන් පමණක් නීතිය ඉගැන්වීම නිදහස් අධ්‍යාපනය ලබන පුරවැසියන් නීතියෙන් ඈත් කිරීමකි, නිදහස් අධ්‍යාපනය ලබන පුරවැසියන්ගේ නෛතිකව සාක්ෂරතාවය අහිමි කිරීමකි.
ඉංග්‍රීසි අන්තවාදීන්ගේ වැරදි නීතිමය භාවිතයන්ට අභියෝග එල්ල කරමින් නීතියේ පාලනය පිහිටුවිය හැක්කේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමට නීති විද්‍යාලයක් පිහිටුවීමට පනත් කෙටුම්පතක් ගෙන ඒමෙනි.
එසේ නොමැතිනම් ඉංග්‍රීසි අන්තවාදීන්ට දිරිය, ශ්ක්තිය ලබා දෙන සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ස්වාධීන කොමිසමක් බවට පත් කිරීමෙනි.
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුර 0712063394 (2022.08.04)
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය
අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි 21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

Comments
Post a Comment