Skip to main content

අභියාචනාධිකරණයේ දැනුම්දීම මත නීතිඥවරයෙක් සිය නීතීඥ වෘත්තීය අයිතිවාසිකම්, වරප්‍රසාද අතහැර අභියාචනාධිකරණයේදී අද (2022.10.17) කරුණු දක්වයි.

අභියාචනාධිකරණයේ දැනුම්දීම මත නීතිඥවරයෙක් සිය නීතීඥ වෘත්තීය අයිතිවාසිකම්, වරප්‍රසාද අතහැර අභියාචනාධිකරණයේදී අද (2022.10.17) කරුණු දක්වයි.
නීතීඥවරුන් කිහිප දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් (COC/0011/22) එස්. පී. ජයතුංග මහතා විසින් අභියාචනාධිකරණයේ පවරා ඇත. එස්. පී. ජයතුංග මහතා වෘත්තීයෙන් නීතිඥවරයෙක්ද වෙයි. එම නඩුවට පදනම් වී ඇත්තේ අභියාචනාධිකරණයේ පවරා ඇති රිට් ආඥා නඩුවක පෙනී සිටීමේ ලේඛනයේ පෙනී සිටින නීතිඥවරුන්ගේ නම් සටහන් කර එම නඩුව කැදවූ අවස්ථාවේ අභියාචනාධිකරණයේ පෙනී නොසිට අධිකරණයේ යථා පැවැත්මට බාධා කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.3 ව්‍යවස්ථාව යටතේ අභියාචනාධිකරණයට අපහාස කර ඇති බවයි. අධිකරණයට අපහාස කිරීමේ මෙම නඩුව 2022.10.12 දින කැදවා ඇති අතර, ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටිමින් වෙනත් කරුණු අතර එස්. පී. ජයතුංග මහතාට නීතීඥවරයෙක් ලෙස අභියාචනාධිකරණයේ පෙනී සිටිය නොහැකි බවත්, ඔහුට නීතිඥ ලෝගුව පැළඳිය නොහැකි බවත්, අධිකරණයේ නීතිඥ මේසයේ අසුන්ගත නොහැකි බවත් කියා ඇති අතර අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් වන බන්දුල කරුණාරත්න මහතා සහ ආර්. ගුරුසිංහ මහතා එය අනුමත කරමින් පෙත්සම්කරුම නීතීඥවරයෙක් ලෙසද පෙනී සිටීම සුදුසු නොවන බවට නීතිඥ එස්. පී. ජයතුංග මහතාට දැනුම් දී ඇති අතර ඒ අනුව නඩුවේ ඉදිරි දින එනම් 2022.10.17 දින නීතිඥ එස්. පී. ජයතුංග මහතා සාමාන්‍ය පුරවැසියෙක් ලෙස අභියාචනාධිකරණයේ පෙනී සිටියේය. නීතිඥ එස්. පී. ජයතුංග මහතා නීතිඥවරයෙකුගේ තත්ත්වයෙන් පෙනී නොසිටි අතර, ඔහු කරුණු දක්වමින් තමන් අද දින පෙත්සමක් සහ දිව්රුම් පෙත්සමක ඉදිරිපත් කර ඇති සහන අයද ඇති බවත් කියා සිටි අතර එහි පිටපතක් විරුද්ධ පාර්ශවයේ ජනාධිපති නීතීඥවරයා වෙතද ලබා දුන්නේය. දෙපාර්ශවයේ කරුණු වලට සවන් දීමෙන් පසු අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ කරුණු තහවුරු කිරීම 2022.11.08 දිනට නියම කරනු ලැබීය. නීතියේ සිංහල නුග මුල "ෆීනික්ස් නීති සඟරාව" වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2022.10.17)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ "ජයිකා" මුදල් ගැන හොයන පංච පුද්ගල ජනාධිපති නීතීඥ කමිටුව යුක්තිය ඉටු වීම මෙන්ම යුක්තිය ඉටුවන බවත් සිය සාමාජිකයන්ට සහ ජනතාවට පෙනෙන්නට සළස්වා ඉල්ලා අස්වෙයිද? ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ජපානයේ "ජයිකා" ආයතනය විසින් දූෂණ විරෝධය සඳහා ලබා දුන් රු.කෝටි 2ක මුදලකින් කොටසක් විනිවිද බාවයකින් තොරව, අවිධිමත් ලෙස ජනාධිපති නීතීඥවරුන් 3ක් සහ තවත් නීතීඥවරුන් 2ක් විසින් ලබා ගෙන ඇති බවට වන සාකච්ඡාවක් පසුගිය සති 2ක පමණ කාලයක සිට ඇරඹී ඇත. එකී ලබා ගත් මුදල් කිහිප දෙනෙකු විසින් නැවත ආපසු ලබා දීමෙන් මෙම ප්‍රශ්නය අවසන් නොවන අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් වන ආචාර්ය කන්න්ඊශ්වරන් මහතා, ආචාර්ය ෆයිස් මුස්තාෆා මහතා,ඉක්‍රම් මොහොමඩ් මහතා, අර්සකුලරත්න මහතා සහ අලගරත්නම් මහතා යන පංච පුද්ගල කමිටුවක්ද මේ වන විට පත්කර ඇත. ශ්‍රී ලංකා නීතීඥ සංගමය යනු නීතීඥවරුන්ගේ, විනිසුරුවරුන්ගේ පමණක් නොව ජනතාවගේද අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරන නීතියේ පාලනය සුරකින ආයතනයකි. ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වශයෙන් ජාත්‍යන්තර ආධාර ලැබෙන බවත් ශ...

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද?

අධිකරණ ඇමතිවරයා අධිකරණයකට අපහාස පනත ගෙනාවේ, පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි කර මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට අපහාස නඩු පැවරවීමේ අරමුණෙන්ද? ඒ බව නොදැනද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ බලතල සහ වරප්‍රසාද අභිබවා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරවීමට හැකි පරිදි විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා නීති සම්මත කරවාගෙන ඇත. 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ 3 වන වගන්තිය මෙසේය. 3. පාර්ලිමේන්තුවේදී, භාෂණයේ විවාද කිරීමේ හා කටයුතුවල නිරත වීමේ නිදහස තිබිය යුතු අතර, ඒ භාෂණයේ, විවාද කිරීමේ හෝ කටයුතුවල නිරත වීමේ නිදහස පාර්ලිමේන්තුවෙන් පිටස්තර වූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාරෝපණයකට හෝ ප්‍රශ්න කිරීමට භාජනය කළ නොහැකි වන්නේ ය. එසේ වුවත් 2024 පෙබරවාරි 01 දින මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයා සහතිකය තබා නීතියක් කළ 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 15 වන වගන්තිය මගින් වෙනත් සියලු නීති අභිබවා එකී පනත ක්‍රියාත්මක විය යුතු බව දක්වා ඇත. පාර්ලිමේන්තුව තුළ කරන අධිකරණයට අපහාසයන්ට න...