Skip to main content

ගෝඨාභය ජනාධිපතිට ජනාධිපති පුටුව අහිමි කළ ජනාධිපති ළගින්ම සිටි අයගේ යටි මෙහෙයුම දැන්වත් තේරුම් ගනිමු....!

ගෝඨාභය ජනාධිපතිට ජනාධිපති පුටුව අහිමි කළ ජනාධිපති ළගින්ම සිටි අයගේ යටි මෙහෙයුම දැන්වත් තේරුම් ගනිමු....!
ගෝඨාභය ජනාධිපතිට ජනාධිපති පුටුව අහිමි කළ මුල් පෙළ ඉදිරියෙන්ම කිහිප දෙනෙක් සිටී. ඒ අතරින්ද ඉදිරියෙන්ම සිටියේ කවුද යන්න පැහැදිලි කිරීම මෙම කෙටි ලිපියේ අරමුණයි.. ගෝඨාභය ජනාධිපතිවරයා නිවැරදි කිරීමට පුරවැසියන් විසින් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරුවේය. රටේ පවතින ප්‍රශ්න ගෝඨාභය ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නේය. ඒ සියල්ල ගඟට ඉණි කැපුවා සේ විය. නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේදී ගෝඨාභය ජනාධිපතිවරයා එරෙහිව පැවරූ නඩුවලදී දැඩිව විරුද්ධ විය. පුරවැසියන් විසින් ගෝඨාභය ජනාධිපතිට කියන මේ නීතිමය දුක්ගැනවිලි ජනාධිපති නීති විශාරදයන් ජනාධිපතිවරයාට සන්නිවේදනය නොකළේය. එපමණක්ද නොව, අණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කෝරෝනා වෛරස් රෝගයේ ආවරණය ලබා අන්තවාදී නීති ගෙන ඒමට 2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට, අධිකරණ අමාත්‍යාංශයට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයැයි කියමින් අධිකරණ ඇමතිව සිටි ජනාධිපති නීති විශාරද අලි සබ්‍රි විසින් 2021 ජූනි මස 08වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එක් පුරවැසියෙක් ඒ පනත් කෙටුම්පත සහ ක්‍රියා කලාපය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කර එකී පනත් කෙටුම්පතට ජනමතවිචාරණයක් ලබාගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල ඒ උත්සාහය පරාජය කළේය. (කියවන්න 2021 ජූලි 06 අඟහරුවාදා පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව 1387-1449 පිටු) මේ සියල්ලේම අවසන් ප්‍රතිඵලය "ගෝඨා ගෝ හෝම්" නැමති ගෝඨාභය ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීමට මහජන ව්‍යාපාරයක් නීතිය නොදැන වුන් පෙරටු කරගෙන අවස්ථාවාදීන් එනම් බොර දියේ මාලු බාන්නන් විසින් සංවිධානය කිරීමය. ඒ ගාලුමුවදොර  අරගලයයි. ගාලුමුවදොර අරගලකරුවන්ගෙන් බහුතරයක්ම ජර්මන් නීති දාර්ශනික කෙල්සන්ගේ "ගෘන්නෝම"  නීති මූලධර්මය පිළිබඳ නොදැන සිටියේය. "Grundnorm, as defined by Kelson, is used to denote the basic norm, order, or rule which go on to form the basis for any and every legal system. This can be regarded as the source of the validity of positive law of that legal system" එහි ප්‍රතිඵලය වූයේ ගෝඨාභය ජනාධිපතිවරයා ජනාධිපතිධූරයෙන් ඉවත් කරගැනීමත් සමඟම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කිහිප දෙනෙකුම දීර්ඝ කාලයකට සමාජයෙන් ඈත් කර තැබීමටද නීතියම යොදා ගැනීමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපති පුටුව අහිමි වූයේ ඔහු වටා සිටි ඔහුව ආරක්ෂා කරනවා කියූ අයගේ වැරදි නිසාය. ඒ පිළිබඳව පුරවැසියන් අවධානය යොමු කළ යුත්තේ නීතියේ පාලනය රටේ සංවර්ධනයට අත්තිවාරම නිසා ය. නීතියේ සිංහල නුග මුල ෆීනික්ස් නීති සඟරාව, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2022.10.18)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...