Skip to main content

සිංහල ව්‍යාපාරිකයන් ලංකාවට ඩොලර් ගේන්නෙ නැත්තේ ඇයි? රජයේ දේපල දෙමළ ඩයස්ෆෝරාවේ අතට යන්නේ ඇයි?

සිංහල ව්‍යාපාරිකයන් ලංකාවට ඩොලර් ගේන්නෙ නැත්තේ ඇයි? රජයේ දේපල දෙමළ ඩයස්ෆෝරාවේ අතට යන්නේ ඇයි? Why don't Sinhala business tycoons bring dollars to Sri Lanka? Why is government property going into the hands of the Tamil diaspora? (මෙම කෙටි ලිපිය කියවීමට පෙර ලෝකයේ සිංහල ජනතාව මිලියන 18ක් බවත් දෙමළ ජනතාව මිලියන 80ක් බවට අදාල දත්තය දක්වමි.)
සිංහල ව්‍යාපාරිකයන්ගේ ලංකාවට එන්න තියෙන ඩොලර් ප්‍රමණය, මිලියන 80ක් වූ ලෝකය පුරා විසිරී ඉන්නා දෙමළ ජනතාවගේ ව්‍යාපාරවල ආයෝජනය කිරීම හේතුවෙන්, එකී ඩොලර් ලංකාවට එන්නේ නැත. මේ උපයන ඩොලර් ආයෝජනය කර ඇති රටවල් සහ ව්‍යාපාර පිළිබඳ විමර්ශනයකින් මේ බව පැහැදිලි වෙයි. ඉංදියාවේ හිංදූන් මේ ආකාරයට ක්‍රියා කරන්නේ නැත. ඔවුන් විදේශවලින් උපයන සෑම ඩොලරයක්ම ඉංදියාවට ගෙන එයි. ඒ සඳහා නීති ඉංදියාවේ පැන වී ඇත. ඒ නිසා ඉංදියාවට ඩොලර් ප්‍රශ්නයක් නැත. ශ්‍රී ලංකාවෙ එසේ නීති පැන වී නැත. එකී නීති පැනවීම වැළැක්වීමට දෙමළ ඩයස්ෆෝරාවේ නීති විශාරදයන් ඉඩ දෙන්නේද නැත. එසේම සිංහල ව්‍යාපාරිකයන් ලංකාවේ යම් ව්‍යාපාරයකට ඩොලර් ආයෝජනය කළ හොත් රාජ්‍ය ආයතන මගින් එකී ව්‍යාපාරයේ කටයුතු නතර කරවන ආකාරයද එකී ඩයස්ෆෝරා නීති විශාරදයන් දනී. මේ සඳහා හොඳම උදාහරණය, විදෙස් නීති සහ ජාත්‍යන්තර ගිවිසුම් ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ඇතුළත් කිරීමට උත්සාහ කළ අලි සබ්‍රි අධිකරණ ඇමතිගේ කෝවිඩ් -19 පනත් කෙටුම්පත (මෙම උත්සාහය පරාජය කළ ආකාරය 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ 1389-1459 පිටුවල ඇති SC/SD/24/2021 නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය බලන්න) සහ සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වූ 2020.12.30 අංක 2208/13 ගැසට් පත්‍රයයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ශ්‍රී ලංකාවේ රජයේ දේපල ආයෝජන මුවාවෙන් දෙමළ ඩයස්ෆෝරාවේ අතට යාම ඉක්මන් වීමත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන් සහ අධිකරණ භාෂාවෙන් ඉවත් වීමත් ය. "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සංග්‍රහය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394. (2022.10.26)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය