Skip to main content

බෙදුම්වාදීන්ට තුවක්කුවෙන් කළ නොහැකි වූ අධිකරණ භාෂා නීති අධ්‍යාපන අයිතිය අහිමි කිරීම  අධිකරණ ඇමති - අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ගැසට් පත්‍රයකින් කළේ ඇයි?

බෙදුම්වාදීන්ට තුවක්කුවෙන් කළ නොහැකි වූ අධිකරණ භාෂා නීති අධ්‍යාපන අයිතිය අහිමි කිරීම  අධිකරණ ඇමති - අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ගැසට් පත්‍රයකින් කළේ ඇයි?
"මා රුසියාව මගේ මාතෘභූමිය ලෙස සළකන්නේ නම් එයින් අදහස් කරන්නේ මම රුසියානු ජාතිකයෙකු ලෙස රුසියාවට ආදරය කරන බවත්, මගේ සමස්ත චින්තනයෙන් මෙන්ම ගීත ගායනය, හැසිරීම පවා රුසියානු ජාතිකයෙකු ලෙස කටයුතු කිරීම බවත් ය. මම රුසියානු ජනතාවගේ අධ්‍යාත්මික ශක්තිය විශ්වාස කරමි. එහි ආත්මය මගේ ආත්මයයි. එහි ඉරණම මගේ ඉරණමයි. එය බිඳ වැටීම මගේ දුකයි. එහි සමෘද්ධිය මගේ සතුටයි." "If I see Russia as my motherland, then that means that as a Russian I love, think, sing and speak; that I believe in the spiritual power of the Russian people. Its spirit is my spirit; its destiny is my destiny; its suffering is my grief; its flourishing is my joy,” රුසියන් දේශප්‍රේමියෙකු වූ අයිවන් ඇලෙක්සැන්ඩ්රොවිච් ඉලින් (Ivan Alexandrovich Ilyin or Il'in (Ива́н Алекса́ндрович Ильи́н) කියා ඇති මෙම කියමන ශ්‍රී ලංකාවේ පුරවැසිටන්‍ටත් අදල නොවේද? අද ශ්‍රී ලාංකිකයෙකු ලෙස නාමකරණයෙන් අලුත් වී තම මාතෘ භූමිය, තම මව් භාෂාව, තම ආහාර නිෂ්පාදන ක්‍රමය ස්වදේශීය සිංහල - දෙමළ ජනතාව අහිමි කර ගනිමින් සිටී. සිංහල - දෙමළ ජනතාවට අද සිංහලෙන් සහ දෙමළෙන් නීතිය ඉගෙනීමේ අයිතිය අහිමි කර ඇත. ස්වදේශිකයන් ණය කාරයන් කර ඇත. වසර ගණනාවක් බෙදුම්වාදී සන්නද්ධ ගැටුමක් තිබියදී පවා සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් නීතිය ඉගෙනීමේ ජනතාවගේ අයිතිය ආරක්ෂා වී තිබුණි. සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් නීතිය ඉගෙනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18, 23 සහ 24 ව්‍යවස්ථා මගින් ස්වදේශිකයන් ලැබූ අයිතියකි. වසර ගණනාවක් තිස්සේ පැවති ආයුධ සන්නද්ධ බෙදුම්වාදය ජයගත්තා කියූ 2009 වසරෙන් පසු සිංහලෙන් සහ දෙමළෙන් නීතිය ඉගෙනීමට තිබූ අයිතිය අහෝසි කිරීමට "සංස්ථාගත නීති අධ්‍යයන සභාව" ක්‍රියා කළේය. 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් එය තවත් ඉදිරියට ගෙන ගිය අලි සබ්‍රි අධිකරණ ඇමති සහ ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුළු "සංස්ථාගත නීති අධ්‍යයන සභාව" සිංහලෙන් සහ දෙමළෙන් නීති අධ්‍යාපනය ලබා දීම පමණක් නොව නීති විභාග පැවැත්වීමද වැළැක්වීමට අනු නීති පනවා ගත්තේය. ශ්‍රී ලංකාවේ, මාතෘභූමියේ උපන් මිලියන 18ක් වූ සිංහල ජනතාව නීතිය නොදන්නවුන් පිරිසක් බවට පත් කර ඇත්තේ ලෙනාඩ් වුල්ෆ් ගේ "බැද්දේගම" (The village in the Jungle) ආරච්චිලාගේ, කලු සුදු නඩුකාරහාමුදුරුවන්ගේ, ප්‍රනාන්දු මුදලාලිලාගේ වහල් සේවයට සිළිඳුලාට, පුංචිමැණිකෙලාට, බබුන්ලාට යාමට සි‍ඳුවන ලෙස නීතිය නොව ඉංග්‍රීසි ඉගෙනීමට කියමින් ය. ජාත්‍යන්තර භාෂා 06 ලෝකයේ පිළිගෙන  ඇති බව නොදන්නා මේ බලධාරීහු ජනතාවගෙන් තොරතුරු සඟවා ඉංග්‍රීසියෙන් තීන්දු තීරණ ගනිමින් වසර 74ක්ම රට පාලනය කරගෙන යති. මෙම බලධාරීන්ගේ ප්‍රායෝගික නීති චින්තනය අනුව රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව සහ අධිකරණ භාෂාව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණි. නීතිය සහ යුක්තිය පසි‍‍ඳලන ක්‍රියාවලියේදී නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන් සහ අධිකරණ භාෂාවෙන් සිය නඩු තීන්දු සහ තීරණ ලබා නොදේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ජනතාවගේ පරමාධිපත්‍යය නිරූපණය කරන්නේය කීවද, උත්තරීතරය කීවද  රාජ්‍ය භාෂාවෙන්, නීති පැනවීමේ භාෂාවෙන් සහ අධිකරණ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා ගැනීමේ ව්‍යවස්ථාදායක බලය නොමැතිව ඇත. (බලන්න 2021.08.17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව)   එහෙව් රටක මාතෘභූමියට, මව්භාෂාවට ආදරේ කරන්නෝ වැඩි වශයෙන් සොයා ගැනීම අසීරුවනු ඇත. එහෙව් රටක් ගැති බවෙන් මුදා ගැනීමට නොහැකි වනු ඇත. එහෙව් රටක් දියුණු කිරීමට නොහැකි වනු ඇත. එහෙව් රටක සාධාරණත්වය, යුක්තිය, නීතිය මත පාලනය සහ යහපාලනය දැකිය නොහැකි වනු ඇත. එහෙව් රටක අභිමානය කෙළෙසාගත් මිනිසුන් සහ ගැහැණුන් සමූහ වශයෙන් දැකිය හැකි වනු ඇත. එහෙව් රටක ඩොලරයට, රූබලයට, පවුමට, විදේශීය පුරවැසිකමට, ද්විත්ව පුරවැසිකමට, ණයකට නොකළ හැක්කක් නැත. මෙවැනි වටපිටාවක මෙම 16වැනි නීති අධ්‍යයන වැඩසටහන 2022 දෙසැම්බර් 15 සවස 2.30ට කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වන්නේ අභිමානවත් සහ සංවර්ධිත රටක් වෙනුවෙන් තම දෙපයින් නැගිට පාර සොයා යන්නවුන්ගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීමටය. "පියාඹන්න බැරි නම් දුවන්න, දුවන්න බැරි නම් ඇවිදින්න, ඇවිදින්න බැරි නම් බඩගාන්න, නමුත් ඔබ කුමක් කළත් කළ යුත්තේ ඔබේ ඉදිරියට යාමය." මාටින් ලූතර් "If you can't fly then run, if you can't run then walk, if you can't walk then crawl, but whatever you do you have to keep moving forward." Martin Luther (මෙම නීති අධ්‍යයන වැඩසටහන් මාලාව පවත්වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය - අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ වල නඩු පවරා අත්දැකීම් ඇති - නීති ග්‍රන්ථ 10ක් ප්‍රකාශයට පත් කර ඇති - විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ අධිකරණය සමාජය නීතිය පිළිබඳ ලිපි ලියන - නීති අධ්‍යයන වැඩසටහන් සහ නීති වැඩමුළු පවත්වන - කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධියද එම විශ්ව විද්‍යාලයේම උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලැබූ නීතීඥවරයෙකි.) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0342256066, 0342256067, 0712063394.

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය