Skip to main content

(Approach to balance the influence on Sovereignty made after the "RANIL 50" Grundnorm at Shangri-La On 04th of December 2022.) 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50" ගෘන්නෝමයෙන් පරමාධිපත්‍යයට කරන බලපෑම තුළණය කිරීමට ප්‍රවේශයක්.

(Approach to balance the influence on Sovereignty made after the "RANIL 50" Grundnorm at Shangri-La On 04th of December 2022.) 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50" ගෘන්නෝමයෙන් පරමාධිපත්‍යයට කරන බලපෑම තුළණය කිරීමට ප්‍රවේශයක්.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නීතීඥ වෘත්තියට වසර 50ක් සම්පූරණ වීම වෙනුවෙන් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී දෙසැම්බර් 04 දා පවත්වන ලද උත්සවය අංශ කිහිපයකින් වැදගත් වේ. දේශපාලනික, නෛතික සහ ආර්ථික අංශ 3ම එහිදී සළකා බැලිය හැකිය. 1972 දී කොළඹ රාජකීය විද්‍යාලයේ නවරගහලේදී ඩොමීනියන් සිට නිදහස දක්වා පැමිණි අතර, 2022 දෙසැම්බර් 04 දා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී නැවත ඩොමීනියන් යටත් විජිතයට රට ගෙනයාම ආරම්භ වූයේද යන්න එහිදී දක්වා ඇති අදහස් මාධ්‍යයේ පළවී ඇති ආකාරය අනුව පෙනී යයි. ඒ නීති දේශපාලනික කතාවට පූර්විකාවක් මෙම ලිපියෙන් ලබා දී ඇත. මෙම ලිපියෙන් සාකච්චා කිරීමට අදහස් කරන්නේ 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50" ගෘන්නෝමයෙන් බලපෑමක් කරන ජනතාවගේ පරමාධිපත්‍යය තුළණය කිරීමට ප්‍රවේශයක් ඇති කිරීමය. මෙම "රනිල් 50" උත්සවයට ෂැංග්‍රිලා හී සහභාගී වී සිටි පිරිසෙන් වැඩි දෙනෙකු නීති ක්ෂේත්‍රයේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් අයයි. එක් අතකින් එතැන ගෘන්නෝමයක අදහස ඇති කරන සාකච්චා ඇති වී තිබෙන බව මාධ්‍ය වාර්තා පරිශීලනයේදී පෙනී යයි. "ගෝඨා ගෝ හෝම්" අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කරවීමට තරම් විශාල ජනතා සහභාගීත්වයක් තිබුණද ගෘන්නෝම නීති මූලධර්මය ක්‍රියාත්මක කිරීමට දැනුවත් කමක් ඒ ජනතාවට සහ අරගලකරුවන්ට නොතිබුණි. පෙර නීතිය අභිබවා ජනතාව විසින් නීති සම්පාදනය කිරීමේ අදහස ගෘන්නෝම නීති මූලධර්මයේ දැක්වේ. මෙය ජර්මන් ජාතික නීති දාර්ශනිකයෙකු වූ හාන්ස් කෙල්සන්ගේ (1881-1973) අදහසකි. "රනිල් 50" ට සහභාගී වූ නීති විශාරදයන් විවිධ දේශපාලන පක්ෂවල නීති කටයුතු වලට දයක වී ඇති බව නෛතික කරුණක් පමණක් නොවේ. ඔවුන් දේශපාලන පක්ෂ බෙදා වෙන්කර දේශපාලකයන්ව මෙහෙයවන්නේ නැතැයි ඉන් නොකියවෙයි. ඒ අනුව විවිධ දේශපාලන පක්ෂ මෙහෙයවීමට ඔවුන්ට ඇති හැකියාව දේශපාලනිකව සුවිශේෂී වෙයි. "රනිල් 50" උත්සවය 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට බලය ලැබූ රාජකීය නවරගහලේ ව්‍යවස්ථා සම්පාදක කමිටුව මෙන් දේශපාලන පක්ෂ නායකයන් බහුතරයකගේ සහ ජනාධිපති නීති විශාරදයන්ගේ සහභාගිත්වය පෙන්වයි. එයට අමතරව "රනිල් 50" ට අගවිනිසුරුවරයාගේත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය තිබී ඇති බව මාධ්‍යයේ පළවී ඇත. (පළමු ගෘන්නෝමය -1970 මැතිවරණයෙන් ජයගත් සමගි පෙරමුණු ආණ්ඩුව මගින් ක්‍රියාත්මක විය ) "රනිල් 50" යනු පෞද්ගලික උත්සවයක් ලෙස පැවති නෛතික ක්‍රියාකාරකමක්ද වන දේශපාලන ක්‍රියාකාරකමකි. එහි දේශපාලනික නෛතික කටයුතු ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාවේ 2වන ගෘන්නෝමය ලෙස එය හැඳින්වීමට සහභාගීත්වයෙන් සහ වර්තමාන සමාජ දේශපාලනික තත්ත්වය උත්ප්‍රේරක සපයන්නේ එහි සහභාගීත්ව සංයුතියයි. රටේ ඒකීයත්වය, එක්සත් වීම වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගැන දේශපාලනයේ සංවාදයක් ඇති වී තිබියදී සහ ආර්ථික අර්බුදයට ඩයස්පෝරාවේ සහාය ලැබීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය බවට ඉල්ලීම් තිබියදී ජයන්ත ජයසූරිය අගවිනිසුරු එවැනි විවාදාත්මක ස්ථානයකට සහභාගී වීම අධිකරණයේ අපක්ෂපාතීත්වය පවත්වාගෙන යාමේදී හිතකර නොවුණත් ගෘන්නෝම නීති මූලධර්මය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ උද්දීපන අවස්ථාවකට අගවිනිසුරුවරයා සහභාගී වීම වරදක් නොවේ. "රනිල් 50" කටයුතු මූලිකව පැවැත්වී ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඉංග්‍රීසි භාෂාව රටේ ඇත්ත රාජ්‍ය භාෂාවය,රටේ ඇත්ත නීති පැනවීමේ භාෂාවය,රටේ ඇත්ත අධිකරණ භාෂාවය. ඒ අනුව ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ඒකීය බව ඉවත් කිරීමෙන් එක්සත් වෙනවාට අමතරව, ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව, නීති පැනවීමේ භාෂාව සහ අධිකරණ භාෂාව වීමට වැඩි ඉඩක් ඇත්තේ "රනිල් 50" ට සහභාගී වූ අයගේ භාෂාව ඉංග්‍රීසි භාෂාව වීම හේතුවෙනි. සංස්ථාගත නීති අධ්‍යාපන සභාව සිංහල සහ දෙමළ භාෂාවෙන් නීති අධ්‍යාපනය වැළැක්වූ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය පිළිබඳව සමාජයේ සහ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරමින් තිබියදී සහ ජනතාව අතර විවාදාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට සූදානම් අවස්ථාවක "රනිල් 50" උත්සවය ප්‍රසිද්ධියට පත්වීම රටේ නීතියට, ප්‍රජාතන්ත්‍රවාදයට සෘජුව බලපායි. බැද්දේගම සිළි‍‍ඳුලාට, පුංචි මැණිකෙලාට ඉංග්‍රීසි ඉගෙනීම මිස නීතිය ඉගෙනීමට යාන්ත්‍රණයක් නැත. ඒ හේතුවෙන් ආරචිචිලාගේ, ප්‍රනාන්දු මුදලාලිලාගේ සේවකයන් ලෙස ක්‍රියා කිරීමට තවදුරටත් ඉංග්‍රීසි ඉගෙනගත් බැද්දේගම සිළි‍‍ඳුලාට, පුංචි මැණිකෙලාට සිදුවී ඇත. නිදහස ලැබී වසර 74ක් ගෙවී ගියද ජනතාවට කියවිය හැකි භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ තීන්දු ලබා දී ව්‍යවස්ථාපිත යුතුකම ඉටු නොකරයි. නිදහස ලැබී වසර 74ක් ගෙවී ගියද ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු විභාග බලා ගැනීමට පමණක් විවෘත වන අතර එම අධිකරණ වල කතාකරන දේ පොදු ජනතාවට තේරුම් ගැනීම දක්වා අධිකරණයේ නඩු විභාග ප්‍රසිද්ධියේ කරන්නේ නැත. "ගෝඨා ගෝ හෝම්" අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කරවා ඉන් අනතුරුව අරගලයේ ක්‍රියාධරයෙකු වූ වසන්ත මුදලිගේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ඇතුලු කිහිප දෙනෙක් රැදවීමේ නියෝග මත භාරයට ගෙන තිබියදී නැවතත් ජනතාව අතර ගැටුම් ඇතිවන ආකාරයට කිසිවෙකු ක්‍රියා කරන්නේ නම් එය නීතියේ පාලනයට, යහපාලනයට සුදුසු නොවේ. ඒ බව "රනිල් 50" ට සහභාගී වූ නීති විශාරදයන් මැදිහත්ව විමසිය යුතුය. 2022 දෙසැම්බර් 04 වැනි දින ෂැංග්‍රිලා හි "රනිල් 50" ගෘන්නෝමයෙන් බලපෑම් කරන ජනතාවගේ පරමාධිපත්‍යයට නිසි තුළණයක් ඇති කිරීමට ප්‍රවේශයක් ලබා දීමට විද්වත් සංවාදයක් තිබීම අවශ්‍ය වේ. "රනිල් 50" සහ එහිදී ප්‍රකාශයට පත් වූ දේශපාලනික අදහස් සහ එයට සහභාගී වූ අගවිනිසුරු ඇතුලු නීති විශාරදයන්ගේ අනාගත භාවිතාවන් ගැන වැඩි අවධානයක් නිදහස් චින්තකයන් විසින් යෙදීය යුතුය. දිගින් දිගටම ආසන්නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමෙන් පෙනී යන්නේ ව්‍යවස්ථා සංශෝධනය කිරීම් සාර්ථකව කිරීමට විධායකයට සහ ව්‍යවස්ථාදායකට ඇති නොහැකියාවයි. මෙය වටහා නොගෙන ආර්ථික අර්බුද මැද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමෙන් ජනතාව ඇද වැටෙන්නේ කබළෙන් ලිපටය. "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සංග්‍රහය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0342256066, 0342256067, 0712063394

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය