Skip to main content

විධායක පුටුවල වාඩි වී නීති අධ්‍යාපනය ගැන තමන්ම නීති පනවාගෙන ඒ නීති කඩමින් තමන්ගේ අධිකරණ මගින් විනිශ්චය කර ගැනීමට අගවිනිසුරුට ඉඩ දීම ගැන අධිකරණ ඇමති සහ පාර්ලිමේන්තුව ලැජ්ජා විය යුතුය....!

විධායක පුටුවල වාඩි වී නීති අධ්‍යාපනය ගැන තමන්ම නීති පනවාගෙන ඒ නීති කඩමින් තමන්ගේ අධිකරණ මගින් විනිශ්චය කර ගැනීමට අගවිනිසුරුට ඉඩ දීම ගැන අධිකරණ ඇමති සහ පාර්ලිමේන්තුව ලැජ්ජා විය යුතුය....!
ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ජනරජයක් වූ 1972 සිට පැවති සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය මගින් අගවිනිසුරු ඇතුලු පහත දැක්වෙන සාමාජිකයන් විසින් අහිමි කර ඇත. 1) ගරු ජයන්ත ජයසූරිය  (අගවිනිසුරු, ජනාධිපති නීතීඥ) 2) ගරු ඩී. ද ලිවේරා (නීතිපති) 3) ගරු බී.පී. අලුවිහාරෙ (ජනාධිපති නීතීඥ) 4) ගරු කේ. සිසිර ආබෲ 5) එම්. එම්.පී. කේ.මායාදුන්නේ මහතා (ලේකම්,අධිකරණ අමාත්‍යාංශය) 6) සන්ජේ රාජරත්නම් මහතා (වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ) 7) ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා (ජනාධිපති නීතීඥ) 8) මහාචාර්ය වී. ටී. තමිල්මාරන් 9) ප්‍රියන්ත නවාන මහතා (ජනාධිපති නීතීඥ) 10) කේ. නවරත්න මහතා 11) කේ. ඉන්ද්‍රතිස්ස මහතා (ජනාධිපති නීතීඥ) 12) තිසත් විජේගුණවර්ධන මහතා (ජනාධිපති නීතීඥ) 13) ධම්මික දසනායක මහතා 14) Ms සාවිත්‍රි විජේසේකර Ms ඉන්දිරා සමරසිංහ (ජනාධිපති නීතීඥ, විදුහල්පති, ලේඛකාධිකාරී (සංස්ථාගත නීති අධ්‍යාපන සභාව එමෙන්ම එකී සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයේ 2වන වගන්තියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගය විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්විය යුතු බවයි. "ගහෙන් වැටුනු එකාට ගොනා ඇන්නා සේ" එකී ගැසට් පත්‍රයේ විධිවිධාන පවා කඩ කරමින් සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ක්‍රියා කර ඇති බවට පොලීසියට පැමිණිලි කර ඇති බව මාධ්‍යයේ දැක් වේ. එසේ තමන්ම නීති පනවාගෙන එකී නීති උල්ලංඝනය කරන්නේ නම් අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති දණ්ඩ නීති සංග්‍රහයේ 289 වගන්තිය යටතේ වැරදි සිදු කරයි. මේ සම්බන්ධයෙන් නීතීඥවරයෙකු ඇතුලු තවත් කිහිප දෙනෙකු කෙසෙල්වත්ත පොලීසියට පැමිණිලි කර ඇත. ඒ සම්බන්ධයෙන් පොලීසියට නිහඬව සිටිය නොහැකිය. අගවිනිසුරු භූමිකාව අධිකරණ කාර්යයක් වන අතර සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේද අගවිනිසුරුවරයාට අසුන් ගැනීමට පාර්ලිමේන්තුව අවස්ථාව සළසා දී ඇති අතර එහිදී අගවිනිසුරුවරයා විධායකයේ රාජකාරී කරන්නෙකු බවට පත් වෙයි. විධායක පුටුවල වාඩි වී තමන්ම නීති පනවාගෙන ඒ නීති කඩමින් තමන්ගේ අධිකරණ මගින් විනිශ්චය කර ගැනීමට අගවිනිසුරුට මෙහිදී අවස්ථාව ලැබේ. "තමන්ගේ නඩුව තමන් නොඇසීම" නිසි ක්‍රියාදාමයේ නෛසර්ගික ලක්ෂණයකි. මෙහිදී අගවිනිසුරු සම්බන්ධයෙන් එය පැහැදිලිවම උල්ලංඝනය වෙයි. මෙවැනි අවස්ථාවලදී අයුක්තියට පත් වන්නෝ බලවත් අසාධාරණයට ලක් වේ. මෙවැනි තත්ත්වයන්ට ඉඩ දීම, නීතියේ ගැටුම් නිර්මාණය කිරීම ගැන අධිකරණ ඇමති සහ පාර්ලිමේන්තුව ලැජ්ජා විය යුතුය....! "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාර සංග්‍රහය. දුරකථන 0342256066, 0342256067, 0712063394.

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...