Skip to main content

අධිකරණ, විධායක, ව්ව්‍යවස්ථාදායක බලය එක්ව ඇති කිහිපදෙනෙකුගේ සහ අලි සබ්‍රි අධිකරණ ඇමතිගේ සිංහල විරෝධී අන්තවාදය නිසා සිංහලෙන් නීති අධ්‍යාපනය, සහ විභාග ලිවීම අහිමි කිරීමෙන් ජනතාව වැටෙන්නේ කබලෙන් ලිපටය. බෙදුම්වාදයට රුකුල් දීමකි....!

අධිකරණ, විධායක, ව්ව්‍යවස්ථාදායක බලය එක්ව ඇති කිහිපදෙනෙකුගේ සහ අලි සබ්‍රි අධිකරණ ඇමතිගේ සිංහල විරෝධී අන්තවාදය නිසා සිංහලෙන් නීති අධ්‍යාපනය, සහ විභාග ලිවීම අහිමි කිරීමෙන් ජනතාව වැටෙන්නේ කබලෙන් ලිපටය. බෙදුම්වාදයට රුකුල් දීමකි....!
උතුරේ පැවති බෙදුම්වාදී යුද්ධය ජයගන්නා තෙක් සිංහලෙන් නීති අධ්‍යාපනය ලැබීමේ සහ නීති විභාගවලට පෙනීසිටීමේ අයිතිය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ තිබුණි. ඒ අයිතිය ලබා දුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 1970 ආණ්ඩුවයි. උතුරේ පැවති බෙදුම්වාදී යුද්ධය ජයගැනීමත් සමගම සරත් නන්ද සිල්වා අගවිනිසුරුවරයා සිය සිංහල විරෝධී තීරණ ක්‍රියාත්මක කරමින් සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය උදුරා ගත්තේ එකී අයිතිය ලබා දුන් ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණියට බැනවදිමින් ය. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය නීති විභාග සිංහලෙන් පැවැත්වීමේ අයිතිය රැක දුන්නේය. එසේ තිබියදී සරත් සිල්වා මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවෙන් අගවිනිසුරු පුටුවට පැමිණි ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා එවකට (2020) අධිකරණ ඇමති අලි සබ්‍රිගේ සිංහල විරෝධී මතය සමග එක්වී සහ සිංහල විරෝධී තවත් අන්තවාදීන් කිහිප දෙනෙකු සමග එක්වී  ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහලෙන් සහ දෙමළෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම තහනම් කිරීමට 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය ප්‍රකාශ කළ අතර එසේම එකී ගැසට් පත්‍රයේ නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්විය යුතු වුවත් උපක්‍රමශීලීව එයද මගහැර නීති විද්‍යාලය මගින්ම එකී විභාගද පවත්වා ගත්තේය. ඒ සම්බන්ධයෙන් මේ වනවිට කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ පැමිණිලි කිහිපයක්ම ඇත. සිංහලෙන් සහ දෙමළෙන් නීති අධ්‍යාපනය ලබා දීම තහනම් කළ අන්තවාදීන් සහ බෙදුම්වාදීන් සතුටු කරන 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය ප්‍රකාශ කළ පහත අයව පාර්ලිමේන්තු ගෙනවිත් ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවේ 225ට නොහැකිය. ඒ අන් කිසිවක් නොව  225 වැඩි හරියක් සම්බන්ධ නඩු අධිකරණයේ ඇති නිසාය. එකී නඩුවලින් අවාසියක් වී තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි වී මන්ත්‍රී ධූරය අහිමිවන බිය ඔවුන්ට ඇත. සිංහලෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම නතර කළ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය ප්‍රකාශ කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන්.... 1) ගරු ජයන්ත ජයසූරිය  (අගවිනිසුරු, ජනාධිපති නීතීඥ) 2) ගරු ඩී. ද ලිවේරා (නීතිපති) 3) ගරු බී.පී. අලුවිහාරෙ (ජනාධිපති නීතීඥ) 4) ගරු කේ. සිසිර ආබෲ 5) එම්. එම්.පී. කේ.මායාදුන්නේ මහතා (ලේකම්,අධිකරණ අමාත්‍යාංශය) 6) සන්ජේ රාජරත්නම් මහතා (වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ) 7) ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා (ජනාධිපති නීතීඥ) 8) මහාචාර්ය වී. ටී. තමිල්මාරන් 9) ප්‍රියන්ත නවාන මහතා (ජනාධිපති නීතීඥ) 10) කේ. නවරත්න මහතා 11) කේ. ඉන්ද්‍රතිස්ස මහතා (ජනාධිපති නීතීඥ) 12) තිසත් විජේගුණවර්ධන මහතා (ජනාධිපති නීතීඥ) 13) ධම්මික දසනායක මහතා 14) Ms සාවිත්‍රි විජේසේකර Ms ඉන්දිරා සමරසිංහ (ජනාධිපති නීතීඥ, විදුහල්පති, ලේඛකාධිකාරී (සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ඉහත අය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අධිකරණ, විධායක, ව්ව්‍යවස්ථාදායක බලය එක්ව ඇති කිහිපදෙනෙකු එහි සිටී. ඒ අනුව 2020 අධිකරණ ඇමති අලි සබ්‍රි ඇමතිගේ සහ තවත් කිහිප දෙනෙකුගේ සිංහල විරෝධී අන්තවාදය නිසා සිංහලෙන් නීති අධ්‍යාපනය, සහ විභාග ලිවීම අහිමි වීමෙන් ජනතාව වැටෙන්නේ කබලෙන් ලිපටය. බෙදුම්වාදයට රුකුල් දීමකි....! පාර්ලිමේන්තුවට අධිකරණයේ නඩු පැවරී ඇති අයවම ජනතාව විසින් පත් කරගෙන ඇති නිසා ජනතාවගේ අයිතිවාසිකම් මේ ආකාරයට අධිකරණ ප්‍රධානීන් විසින් අහිමි කරන විට ජනතාව වැටෙන්නේ කබලෙන් ලිපටය. කියවන්න ඉංග්‍රීසියට මුවා වී නීති ශිෂ්‍යයන්ට නිවැරදිව  නීතිය ඉගෙනීමට සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ඉඩ දෙන්නේ නෑ... සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී ඉංග්‍රීසියෙන් නිවැරදිව නීතිය කියා දීමට පහසුකම් සළසා නැති බව පර්යේෂණාත්මකව සනාථ වෙයි... නීති ක්ෂේත්‍රයේ 94%ක් නොදන්නා දේ මෙන්න... (අධ්‍යාපන පර්යේෂණ දත්ත ඇසුරෙන්) http://neethiyalk.blogspot.com/2023/03/94_5.html?m=1 නීතියේ සිංහල නුගමුල, ෆීනික්ස් නීති සාර සංග්‍රහය. දුරකථන 0342256066, 0342256067, 0712063394 .

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය