Skip to main content

අධිකරණ, විධායක, ව්ව්‍යවස්ථාදායක බලය එක්ව ඇති කිහිපදෙනෙකුගේ සහ අලි සබ්‍රි අධිකරණ ඇමතිගේ සිංහල විරෝධී අන්තවාදය නිසා සිංහලෙන් නීති අධ්‍යාපනය, සහ විභාග ලිවීම අහිමි කිරීමෙන් ජනතාව වැටෙන්නේ කබලෙන් ලිපටය. බෙදුම්වාදයට රුකුල් දීමකි....!

අධිකරණ, විධායක, ව්ව්‍යවස්ථාදායක බලය එක්ව ඇති කිහිපදෙනෙකුගේ සහ අලි සබ්‍රි අධිකරණ ඇමතිගේ සිංහල විරෝධී අන්තවාදය නිසා සිංහලෙන් නීති අධ්‍යාපනය, සහ විභාග ලිවීම අහිමි කිරීමෙන් ජනතාව වැටෙන්නේ කබලෙන් ලිපටය. බෙදුම්වාදයට රුකුල් දීමකි....!
උතුරේ පැවති බෙදුම්වාදී යුද්ධය ජයගන්නා තෙක් සිංහලෙන් නීති අධ්‍යාපනය ලැබීමේ සහ නීති විභාගවලට පෙනීසිටීමේ අයිතිය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ තිබුණි. ඒ අයිතිය ලබා දුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 1970 ආණ්ඩුවයි. උතුරේ පැවති බෙදුම්වාදී යුද්ධය ජයගැනීමත් සමගම සරත් නන්ද සිල්වා අගවිනිසුරුවරයා සිය සිංහල විරෝධී තීරණ ක්‍රියාත්මක කරමින් සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා ගැනීමේ අයිතිය උදුරා ගත්තේ එකී අයිතිය ලබා දුන් ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණියට බැනවදිමින් ය. ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය නීති විභාග සිංහලෙන් පැවැත්වීමේ අයිතිය රැක දුන්නේය. එසේ තිබියදී සරත් සිල්වා මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවෙන් අගවිනිසුරු පුටුවට පැමිණි ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරයා එවකට (2020) අධිකරණ ඇමති අලි සබ්‍රිගේ සිංහල විරෝධී මතය සමග එක්වී සහ සිංහල විරෝධී තවත් අන්තවාදීන් කිහිප දෙනෙකු සමග එක්වී  ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහලෙන් සහ දෙමළෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම තහනම් කිරීමට 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය ප්‍රකාශ කළ අතර එසේම එකී ගැසට් පත්‍රයේ නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්විය යුතු වුවත් උපක්‍රමශීලීව එයද මගහැර නීති විද්‍යාලය මගින්ම එකී විභාගද පවත්වා ගත්තේය. ඒ සම්බන්ධයෙන් මේ වනවිට කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ පැමිණිලි කිහිපයක්ම ඇත. සිංහලෙන් සහ දෙමළෙන් නීති අධ්‍යාපනය ලබා දීම තහනම් කළ අන්තවාදීන් සහ බෙදුම්වාදීන් සතුටු කරන 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය ප්‍රකාශ කළ පහත අයව පාර්ලිමේන්තු ගෙනවිත් ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවේ 225ට නොහැකිය. ඒ අන් කිසිවක් නොව  225 වැඩි හරියක් සම්බන්ධ නඩු අධිකරණයේ ඇති නිසාය. එකී නඩුවලින් අවාසියක් වී තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි වී මන්ත්‍රී ධූරය අහිමිවන බිය ඔවුන්ට ඇත. සිංහලෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම නතර කළ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය ප්‍රකාශ කළ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන්.... 1) ගරු ජයන්ත ජයසූරිය  (අගවිනිසුරු, ජනාධිපති නීතීඥ) 2) ගරු ඩී. ද ලිවේරා (නීතිපති) 3) ගරු බී.පී. අලුවිහාරෙ (ජනාධිපති නීතීඥ) 4) ගරු කේ. සිසිර ආබෲ 5) එම්. එම්.පී. කේ.මායාදුන්නේ මහතා (ලේකම්,අධිකරණ අමාත්‍යාංශය) 6) සන්ජේ රාජරත්නම් මහතා (වැඩබලන සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ) 7) ප්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා (ජනාධිපති නීතීඥ) 8) මහාචාර්ය වී. ටී. තමිල්මාරන් 9) ප්‍රියන්ත නවාන මහතා (ජනාධිපති නීතීඥ) 10) කේ. නවරත්න මහතා 11) කේ. ඉන්ද්‍රතිස්ස මහතා (ජනාධිපති නීතීඥ) 12) තිසත් විජේගුණවර්ධන මහතා (ජනාධිපති නීතීඥ) 13) ධම්මික දසනායක මහතා 14) Ms සාවිත්‍රි විජේසේකර Ms ඉන්දිරා සමරසිංහ (ජනාධිපති නීතීඥ, විදුහල්පති, ලේඛකාධිකාරී (සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ඉහත අය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අධිකරණ, විධායක, ව්ව්‍යවස්ථාදායක බලය එක්ව ඇති කිහිපදෙනෙකු එහි සිටී. ඒ අනුව 2020 අධිකරණ ඇමති අලි සබ්‍රි ඇමතිගේ සහ තවත් කිහිප දෙනෙකුගේ සිංහල විරෝධී අන්තවාදය නිසා සිංහලෙන් නීති අධ්‍යාපනය, සහ විභාග ලිවීම අහිමි වීමෙන් ජනතාව වැටෙන්නේ කබලෙන් ලිපටය. බෙදුම්වාදයට රුකුල් දීමකි....! පාර්ලිමේන්තුවට අධිකරණයේ නඩු පැවරී ඇති අයවම ජනතාව විසින් පත් කරගෙන ඇති නිසා ජනතාවගේ අයිතිවාසිකම් මේ ආකාරයට අධිකරණ ප්‍රධානීන් විසින් අහිමි කරන විට ජනතාව වැටෙන්නේ කබලෙන් ලිපටය. කියවන්න ඉංග්‍රීසියට මුවා වී නීති ශිෂ්‍යයන්ට නිවැරදිව  නීතිය ඉගෙනීමට සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ඉඩ දෙන්නේ නෑ... සංස්ථාගත නීති අධ්‍යාපන සභාව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී ඉංග්‍රීසියෙන් නිවැරදිව නීතිය කියා දීමට පහසුකම් සළසා නැති බව පර්යේෂණාත්මකව සනාථ වෙයි... නීති ක්ෂේත්‍රයේ 94%ක් නොදන්නා දේ මෙන්න... (අධ්‍යාපන පර්යේෂණ දත්ත ඇසුරෙන්) http://neethiyalk.blogspot.com/2023/03/94_5.html?m=1 නීතියේ සිංහල නුගමුල, ෆීනික්ස් නීති සාර සංග්‍රහය. දුරකථන 0342256066, 0342256067, 0712063394 .

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...