Skip to main content

නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟද?

නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟද?
ජපානයේ "ජයිකා" ආයතනය දූෂණ විරෝධය ස‍ඳහා ලබා දුන් කෝටි 2ක පමණ වූ ආධාරය වැරදි ලෙස භාවිතා කර ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ඇතුලු ජනාධිපති නීතීඥවරු 2ක් සහ තවත් නීතීඥවරු 2කට එරෙහිව ප්‍රශ්නයක් පැන නැගී ඇත. ඒ සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති නීතීඥවරුන් 5කගෙන් යුත් කමිටුවක්ද මේ වනවිට පත් කෙරී ඇත. එකී කමිටුව මෙම විමර්ශනය සඳහා යෝග්‍ය නොවන බවටද අදහසක් ඇත. මෙම මූල්‍ය ගනුදෙනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට, වංචාවට, ව්‍යවස්ථාපිත යුතුකම කඩකිරීමට අදාල නීතියට අදාල බවටද සාකච්ඡා වෙයි. ඒ සමගම නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීමේ සූදානමක්ද ඇත. මේ ප්‍රශ්නය අදාලව නීතිය ක්‍රියාත්මක නොවී පාරේ විරෝධතා පැවැත්වීම සුදුසුද යන්න 1988 ශ්‍රේෂ්ඨාධිකරණයේ (නීතීඥවරයන් ස‍‍ඳහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබඳ) රීති ඇසුරෙන් විමසා බැලිය යුතුය. නීතීඥවරයන්ට අදාල වෘත්තීය ආචාර ධර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 136 ව්‍යවස්ථාව ඇසුරෙන් අගවිනිසුරුතුමා ඇතුලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් පනවා ඇත. එහි රීති 62ක් ඇත. නීතීඥවරයන්ගේ විනය පාලනය කිරීමේ පටිපාටිය 1979 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 42, 43, 44 වගන්තිවලද දැක්වේ. 1988 ශ්‍රේෂ්ඨාධිකරණයේ (නීතීඥවරයන් ස‍‍ඳහා වූ වෘත්තීය පැවැත්ම සහ ආචාර ධර්ම පිළිබඳ) රීති 60, 61 රීති අනුව නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට නීතීඥවරුන් විසින් පාරේ විරෝධතා පැවැත්වීම සුදුසු නැත. නීතීඥ සංගමයේ සභාපතිවරයා ඉවත් කිරීමට හෝ ඔහු නීතීඥ වෘත්තීයට නුසුදුසු ආකාරයට ක්‍රියා කරන්නේ නම් ඒ සඳහා අනුගමනය කළ යුතු නීතියෙන් පිළිගත් ක්‍රමවේද ඇත. නීතීඥ සංගමයේ ක්‍රියාවකට නීතීඥවරුන් පාරේ විරෝධතා පැවැත්වීමට යාම නීතියේ පාලනයටද අහිතකර වන අතර, නීතීඥ වෘත්තීය අභිමානයද අහිමිවන තැනට පත් වෙයි. ඒ අනුව සැළකීමේදී නීතීඥ සංගමයේ සභාපතිට එරෙහිව පාරේ විරෝධතා පැවැත්වීම නීතියට එකඟ නැත. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2024.06.08)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...