ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ගෙනෙන 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් වීමට ජනමතවිචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය නොවන්නේ ඇයි?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ගෙනෙන
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් වීමට ජනමතවිචාරණයකින් ජනතාවගේ අනුමැතිය අවශ්‍ය නොවන්නේ ඇයි?
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන ව්‍යවස්ථා 12ක් සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ඇතුලු 2/3 කට නොඅඩු සංඛ්‍යාවක් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීමෙන් පසු ජනාධිපතිවරයා අත්සන් කිරීමෙන් මිස කළ නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වේ.
2. එකී ව්‍යවස්ථා 12 වන්නේ 1,2, 3,6, 7, 8, 9,10,11, 30.2, 62.2 සහ 83 ව්‍යවස්ථා ය.
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා 172ක් ඇති හෙයින් ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීම අවශ්‍ය නොවන ව්‍යවස්ථා 160ක් (172-12=160) වන අතර එසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇතැම් අවස්ථාවල එකී ව්‍යවස්ථා 160 අතරින් ඇතැම් ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන ව්‍යවස්ථාවකට සම්බන්ධ කරමින් ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කර ජනාධිපතිවරයා අත්සන් කිරීමෙන් පසු සංශෝධනය කළ යුතු බවට නියම කරයි.
4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70.1 ව්‍යවස්ථාව (ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම වසරකින් පසු කිරීමට හැකි ව්‍යවස්ථාව) එසේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන 3වන ව්‍යවස්ථාවට සම්බන්ධ කරමින් ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කර ජනාධිපතිවරයා අත්සන් කිරීමෙන් පසු සංශෝධනය කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7ක් විසින් ඒකමතිකව තීරණය කර ඇති ව්‍යවස්ථාවකි. ( බලන්න - 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය - SC/SD/11/2002 - SC/SD/40/2002)
5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ දැක්වෙන 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා සංශෝධනය කිරීමට ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කර ජනාධිපතිවරයා අත්සන් කිරීමෙන් මිස කළ නොහැකිය.
6. වර්තමානයේ ක්‍රියාත්මක කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා සහ 70.1 අනුව්‍යවස්ථා දෙස බැලීමේදී ඒවා මුල් අනුව්‍යවස්ථාවලින් සංශෝධනය වී ඇති අතර, ජනමතවිචාරණයක් නොමැතිව සංශෝධනය කළ නොහැකි 83 ව්‍යවස්ථාවේ දැක්වෙන
3, 30.2 සහ 62.2 ව්‍යවස්ථා ජනමතවිචාරණයක් නොමැතිව සංශෝධනය කිරීමට මේ වනවිට පාර්ලිමේන්තුව කටයුතු කර ඇත.
(19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්)
7. 2024 ජූලි 18 දින ගැසට් පත්‍රයේ පළ කර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන පනත් කෙටුම්පත මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට විධිවිධාන දක්වා ඇති හෙයින් මීට පෙර 83 ව්‍යවස්ථාවේ දැක්වෙන ව්‍යවස්ථාව 3ක් ( 3, 30.2 සහ 62.2 ව්‍යවස්ථා) සංශෝධනය කිරීම ජනමතවිචාරණයක් නොමැතිව කරගැනීමට පාර්ලිමේන්තුව විසින් ක්‍රියා කර ඇති පූර්වාදර්ශයක් ඇති ඇති හෙයින්, 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ජනමතවිචාරණයක් නොමැතිව කර ගැනීමට හැකි විය යුතුය.
(ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධානම ව්‍යවස්ථාව වන 83 ව්‍යවස්ථාව මේ ආකාරයට ජනතාවගෙන් ඈත් වී යාම ප්‍රජාතන්ත්‍රවාදයද යන්න විමසිය යුතු කරුණක් බවද සටහන් කර තබමි.)
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2024.07.31)
Comments
Post a Comment