Skip to main content

මුල් වරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වන නඩු කටයුත්තකදී නියම කරන සිරභාරයට ගැනීමකට, දඩ සහ නඩු ගාස්තු නියෝගවලට එරෙහිව අභියාචනා කිරීමට "විශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාව" පිහිටුවන ලෙස ඉල්ලීමක්.

මුල් වරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වන නඩු කටයුත්තකදී නියම කරන සිරභාරයට ගැනීමකට, දඩ සහ නඩු ගාස්තු නියෝගවලට එරෙහිව අභියාචනා කිරීමට "විශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාව" පිහිටුවන ලෙස ඉල්ලීමක්.
මුල් අවස්ථා අධිකරණයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේදී පළමු වරට ආරම්භ වන නඩු කටයුත්තකදී නියම කරන දණ්ඩනයකට, සිරභාරයට ගැනීමකට, අත් අඩංගුවේ තබා ගැනීමකට, රඳවා ගැනීමකට හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කිරීමකට, දඩ මුදලකට හෝ නඩු ගාස්තුවකට එරෙහිව අභියාචනා කිරිමට "විශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාව" පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන්, අධිකරණ අමාත්‍යාංශය ලේකම් එම්. එන්. රණසිංහ මහතාගෙන් සහ නීතිපති ජනාධිපති නීතීඥ පාරින්ද රණසිංහ මහතාගෙන් අද දින (2024.08.16) ඉල්ලීමක් කර ඇත. වර්තමානයේ පවතින නීති යටතේ මුල් අවස්ථා අධිකරණයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේදී පළමු වරට ආරම්භ වන නඩු ප්‍රමාණය වැඩි වී ඇති අතර එසේම එම නඩු වලදී තැනැත්තන්ට එරෙහිව මුල් වරට දණ්ඩනයකට, සිරභාරයට ගැනීමකට, අත් අඩංගුවේ තබා ගැනීමකට, රඳවා ගැනීමකට හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කිරීමකට, දඩ මුදල් හෝ නඩු ගාස්තු නියම කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණට අධිකරණ බලය හිමි වී ඇති බවත් එම ඉල්ලීමෙන් පෙන්වා දී ඇත. එසේම පළමු වරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වන නඩු කටයුත්තකදී නියම කරන දණ්ඩනයකට, සිරභාරයට ගැනීමකට, අත් අඩංගුවේ තබා ගැනීමකට, රඳවා ගැනීමකට හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කිරීමකට, දඩ මුදලකට හෝ නඩු ගාස්තුවකට එරෙහිව අභියාචනා කිරිමට අවස්ථාවක් මේ දක්වා නීතියෙන් ප්‍රතිපාදන සළස්වා දී නැති බවත්, මේ හේතුවෙන් ඇතැම් අවස්ථාවල විදෙස් අධිකරණ යාන්ත්‍රණ වල පිහිට පැතීමටද ඇතැම් තැනැත්තන් පෙළඹෙන තත්ත්ව ඇති අතර එය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට, ස්වාධීනත්වයට, ශ්‍රී ලංකාවේ කීර්තියට සහ ජනතාවගේ පරමාධිපත්‍යයට අහිතකර තත්ත්වයක් බවත් ජනාධිපතිවරයාට, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට සහ නීතිපතිවරයාට පෙන්වා දී ඇත. එම ඉල්ලීමේ කරුණු සහ ජාත්‍යන්තර සම්මුති සහ මෙරට පවතින නීති සළකා බලා දැනට වසර 02කට පෙර සිට ඇතුළුව මුල් වරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වන නඩු කටයුත්තකදී නියම කරන ලද දණ්ඩනයකට, සිරභාරයට ගැනීමකට, අත් අඩංගුවේ තබා ගැනීමකට, රඳවා ගැනීමකට හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කිරීමකට, දඩ මුදලකට හෝ නඩු ගාස්තුවකට එරෙහිව අභියාචනා කිරීමට "විශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාව" පිහිටුවන ලෙසත් ඒ සඳහා නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ජනාධිපතිවරයාගෙන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ගෙන් සහ නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2024.08.16)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...