2/3 පාර්ලිමේන්තු බලයක් ඇති මාළිමා ආණ්ඩුව ඉක්මණින් කළ යුතු නීති සංශෝධන 5....!
1. කරුණු ඉදිරිපත් කිරීමට අධිකරණයට යන නීතීඥයන් සහ තැනැත්තන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමති ගෙනා 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස පනත අහෝසි කිරීම.
2. සරත් එන්. සිල්වා අගවිනිසුරුගේ බලපෑම මත අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම 2009 සිට නතර කර ඇති ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති අධ්‍යාපනය නැවත අධිකරණ භාෂාවෙන් ලබා දීම ආරම්භ කිරීම.
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට/ කථානායකවරයා වෙත යොමු කරන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ රාජ්‍ය භාෂාවෙන් හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරවීමට පියවර ගැනීම.
4. උසස් පෙළ සිසුන් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාරිභෝගික අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, නවකවදය සම්බන්ධ නීති කරුණු ඇතුළත් "මූලික නීතිය විෂය" අනිවාර්යය විෂයක් ලෙස හඳුන්වා දීම.
5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ පවතින වැරදි 2ක් නිවැරදි කිරීමට නීතිපතිවරයාගේ අනුමැතිය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළකර ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින වැරැදි නිවැරදි කිරීම.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2025.05.10)
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

Comments
Post a Comment