නීතියේ රං දේවාලයේ මහා පූජකයාගේ වෙඩිල්ල...
පුදන්නට කුසුම් දෝතින්
නීතියේ ඇත්ත යදිමින්
ගියා එදවස නීතියේ රං දේවාලයට....
මහා පූජක තැබූ උණ්ඩය
පසාරු කරෙන් ළය
තෙත් වුණා රුධිරයෙන්
කුසුමාසනයම....
රුධිරය පෑන කළ
නීතිපති දේවාලය
වරද නිවැරදි කිරීමට
ගෙනාවා නීති සංශෝධනය "22".....
බෲටස්ලා පිරිවරාගත්ත්ද
සීසර් - ක්ලියෝපැට්‍රා
පේන තෙක් මානයක
නොමැති මේ සිරිලක....
කෙසේනම් බිහි වෙන්නද
මාක් ඇන්ටනියෙක්
ඇත්ත කියනට හුදී ජනයට...!
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
දුරකථන 0712063394
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය
අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි 21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...


මෙය මුහුදු පොතට කදිමයි එහි පළ කරන්න .මා තාක්ෂණය දන්නෙ නෑ. මෙහි මෙය දකින්නේ ටික දෙනෙක් . මේ කතාව ඉංග්‍රීසි සිංහල භාෂා දෙකින්ම පළ කළා නම් වඩා හොඳය .
ReplyDelete