නීතීඥවරු 209ක් වැරදි බව කියන ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය සහිත ඉංග්‍රීසි 83වන ව්‍යවස්ථාව යොදා ගනිමින් 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට නෛතිකව සාකච්ඡා කිරීම චේතනාවිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද?
නීතීඥවරු 209ක් වැරදි බව කියන ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය සහිත ඉංග්‍රීසි 83වන ව්‍යවස්ථාව යොදා ගනිමින් 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට නෛතිකව සාකච්ඡා කිරීම චේතනාවිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද?
නීතීඥවරු 209ක් වැරදි බව කියන ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය සහිත ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව යොදා ගනිමින් ජනාධිපති හිමිකම් පනත ඉවත් කිරීමට නෛතිකව සාකච්ඡා කිරීම චේතනාවිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරයි.
1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට අදාල පනත් කෙටුම්පත් 2025 ජූලි මස 31 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර තිබූ අතර එය අධිකරණ ඇමතිවරයා විසින් 2025.08.08 වන දින පාර්ලිමේන්තුවට පළමුවර කියවන ලදී. ඒ අනුව එකී පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලත්වය සම්බන්ධයෙන් පුරවැසියන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරිය හැකි අතර ඒ සඳහා දින 14ක කාලයක් හිමි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120වන ව්‍යවස්ථාව යටතේ මේ කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. මෙම කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට පෙර කතානායකවරයා වෙත පෙත්සමේ පිටපතක් ලබා දී එසේ ලබා දුන් බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සනාථ කිරීමද අවශ්‍ය වෙයි. නොඑසේනම් එම පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව නොලැබේ.
පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුත්තේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව අනුව මෙම පනත් කෙටුම්පත නීතියක් වන්නේ පාර්ලිමේන්තුව සම්මත කිරීමෙන් පසු කතානායකවරයා සහතිකය යෙදීමෙන්ද නොඑසේනම් පාර්ලිමේන්තුව සම්මත කිරීමෙන් පසු ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා සහතිකය යොදා අත්සන් කිරීමෙන්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ඇත.
ඒ සමඟ මතුවන නෛතික ගැටලුව වන්නේ මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සළකා බලන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව ද නොඑසේනම් නීතීඥවරු 209ක් විසින් වැරදි බව
පෙන්වා දී ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවද යන්නය.
නීතීඥවරු 209ක් වැරදි බව කියන ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය සහිත 83වන ව්‍යවස්ථාව යොදා ගනිමින් ජනාධිපති හිමිකම් පනත ඉවත් කිරීමට නෛතිකව සාකච්ඡා කිරීම චේතනාවිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට පත්වන්නේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් බලාත්මක විය නොහැකි හෙයින් ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනය අනුව ප්‍රතිඥා දීම හෝ දිව්රුම් දීම කළ පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් පවත්වා ගෙන යාමට නොහැකි වෙයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් බලාත්මක කිරීමට අවස්ථාව ලබා දීම කළ නොහැකිය.
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය වැරදි බව නීතීඥවරුන් 209ක් පෙන්වා දෙද්දී ඒ බව මේ දක්වා නොදැන සිටි අයට තවදුරටත් ඒ බව නොදන්නා ලෙස සිටිය හැකිද? තව දුරටත් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි සහිත 83වන ව්‍යවස්ථාව යොදා ගත නොහැකිය.
1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධ කාරණාවේදී වැරදි සහිත ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යොදා ගනීවිද එසේ නොමැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යොදා ගනීවිද යන්න පැවසීමට තවම කල් වැඩි වුණද ඒ පිළිබඳ පවතින නෛතික තත්ත්වය සාකච්ඡා කළ හැකිය.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)
සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන, දුරකථන 0712063394
(2025.08.08)
Comments
Post a Comment