Skip to main content

නීතීඥවරු 209ක් වැරදි බව කියන ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය සහිත ඉංග්‍රීසි 83වන ව්‍යවස්ථාව යොදා ගනිමින් 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට නෛතිකව සාකච්ඡා කිරීම චේතනාවිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද?

නීතීඥවරු 209ක් වැරදි බව කියන ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය සහිත ඉංග්‍රීසි 83වන ව්‍යවස්ථාව යොදා ගනිමින් 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට නෛතිකව සාකච්ඡා කිරීම චේතනාවිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද?
නීතීඥවරු 209ක් වැරදි බව කියන ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය සහිත ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව යොදා ගනිමින් ජනාධිපති හිමිකම් පනත ඉවත් කිරීමට නෛතිකව සාකච්ඡා කිරීම චේතනාවිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්ද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරයි. 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමට අදාල පනත් කෙටුම්පත් 2025 ජූලි මස 31 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර තිබූ අතර එය අධිකරණ ඇමතිවරයා විසින් 2025.08.08 වන දින පාර්ලිමේන්තුවට පළමුවර කියවන ලදී. ඒ අනුව එකී පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලත්වය සම්බන්ධයෙන් පුරවැසියන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරිය හැකි අතර ඒ ස‍ඳහා දින 14ක කාලයක් හිමි වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120වන ව්‍යවස්ථාව යටතේ මේ කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබේ. මෙම කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට පෙර කතානායකවරයා වෙත පෙත්සමේ පිටපතක් ලබා දී එසේ ලබා දුන් බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සනාථ කිරීමද අවශ්‍ය වෙයි. නොඑසේනම් එම පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව නොලැබේ. පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුත්තේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව අනුව මෙම පනත් කෙටුම්පත නීතියක් වන්නේ පාර්ලිමේන්තුව සම්මත කිරීමෙන් පසු කතානායකවරයා සහතිකය යෙදීමෙන්ද නොඑසේනම් පාර්ලිමේන්තුව සම්මත කිරීමෙන් පසු ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා සහතිකය යොදා අත්සන් කිරීමෙන්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ඇත. ඒ සමඟ මතුවන නෛතික ගැටලුව වන්නේ මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සළකා බලන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාව ද නොඑසේනම් නීතීඥවරු 209ක් විසින් වැරදි බව පෙන්වා දී ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවද යන්නය. නීතීඥවරු 209ක් වැරදි බව කියන ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය සහිත 83වන ව්‍යවස්ථාව යොදා ගනිමින් ජනාධිපති හිමිකම් පනත ඉවත් කිරීමට නෛතිකව සාකච්ඡා කිරීම චේතනාවිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට පත්වන්නේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් බලාත්මක විය නොහැකි හෙයින් ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනය අනුව ප්‍රතිඥා දීම හෝ දිව්රුම් දීම කළ පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් පවත්වා ගෙන යාමට නොහැකි වෙයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවදුරටත් බලාත්මක කිරීමට අවස්ථාව ලබා දීම කළ නොහැකිය. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (b) ඡේදය වැරදි බව නීතීඥවරුන් 209ක් පෙන්වා දෙද්දී ඒ බව මේ දක්වා නොදැන සිටි අයට තවදුරටත් ඒ බව නොදන්නා ලෙස සිටිය හැකිද? තව දුරටත් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි සහිත 83වන ව්‍යවස්ථාව යොදා ගත නොහැකිය. 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධ කාරණාවේදී වැරදි සහිත ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යොදා ගනීවිද එසේ නොමැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යොදා ගනීවිද යන්න පැවසීමට තවම කල් වැඩි වුණද ඒ පිළිබඳ පවතින නෛතික තත්ත්වය සාකච්ඡා කළ හැකිය. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන, දුරකථන 0712063394 (2025.08.08)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...