1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4.ඇ, 9, 12.4, 14.1උ, 14.1ඌ, 27, 28, 33ඊ, 154උ. ව්‍යවස්ථා උල්ලංඝණය කරනවා. එය සම්මත කිරීමට ජනමතවිචාරණයක් නියම කරන ලෙස නීතිඥවරයෙකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්...!
1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4.ඇ, 9, 12.4, 14.1උ, 14.1ඌ, 27, 28, 33ඊ, 154උ. ව්‍යවස්ථා උල්ලංඝණය කරනවා. එය සම්මත කිරීමට ජනමතවිචාරණයක් නියම කරන ලෙස නීතිඥවරයෙකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්...!
1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සදහා වූ පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121වන ව්‍යවස්ථාව යටතේ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සදහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් එමගින් 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සදහාද, එකී ඉවත් කිරීමෙන් පසු අන්තර්කාලීන විධිවිධාන ඇති කිරීමටද විධිවිධාන සළසා ඇති බවත් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් දක්වා ඇත.
බලවත් තැනැත්තන්ගේ නෛතික අයිතිවාසිකම් අහිමි කිරීමට නීති පැනවීමේදී හෝ බලවත් තැනැත්තන්ගේ නෛතික අයිතිවාසිකම් වෙනුවෙන් පවතින නීති ඉවත් කිරීමේදී මෙන් නොව 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සදහා වූ පනත් කෙටුම්පත මගින් නීති පැනවීමේදී ජනතාවගේ පරමාධිපත්‍යය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ රජයේ වගකීම, නීතිය පසිදලීම සහ නීතියේ රැකවරණය, බලවත් තැනැත්තන්ගෙන් අබල තැනැත්තන් අරක්ෂා කිරීම, එකලාව හෝ අන් අය සමග යම් නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළද ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට, ශ්‍රී ලංකාව තුළ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට, රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙය වීමේ මූලධර්ම සහ යුතුකම් වලට, ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයට, පළාත් සභා ප්‍රඥප්ති සෑදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන උපලේඛනයේ 1වන ලැයිස්තුවේ විධිවිධාන වලට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන වලට පටහැනි බවත්, ඒ් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4.ඇ, 9, 12.4, 14.1උ, 14.1ඌ, 27, 28, 33ඊ, 154උ. ව්‍යවස්ථා උල්ලංඝණය කරන බවත් පෙත්සම මගින් එම නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත.
1972 අංක 7 දරන ගෙවල් කුලී පනත නිශ්චල දේපල සහ ඒවාට සම්බන්ධ තැනැත්තන්ට අදාලවන බවත් නිවාස ස්ථාන, ගොඩනැගිලි, ව්‍යාපාරික ස්ථාන සමග අදාලව ඉඩම්වලට සෘජුව අදාල වන අතර එකී දේපල තැනැත්තන්ගේ බුක්තියට අදාල වුවද දේපල අයිතිවාසිකම් රජයට/ පළාත් සභා සතුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33.ඊ සහ 154.උ ව්‍යවස්ථා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන උපලේඛනයේ 1වන ලැයිස්තුවේ කාරණා වලට අදාල වන තත්ත්වයෙන් පවතින බවත් එම පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත.
1972 අංක 7 දරන ගෙවල් කුලී පනතේ විශ්වාසය මත කටයුතු කරමින් ජීවනෝපාය සහ සමාජ සංස්කෘතික ජීවිතය / පවුල් ජීවිතය පවත්වාගෙන යන තැනැත්තන් ඉන් ඉවත් කිරීමට සහ අදාල ඉඩම් සදහා රජයේ / පළාත් සභා අයිතිවාසිකම් අහිමි කිරීමට 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීමට ප්‍රතිපාදන සළසන එකී කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පමණක් නොව පවුල සමාජයේ මූලික ඒකකය වශයෙන් රජය විසින් පිළිගෙන ආරක්ෂා කළ යුතුය සහ ආර්ථික සහ සමාජීය වරප්‍රසාද හා විෂමතාද මිනිසා විසින් හෝ රජය විසින් අයථා පරිදි උපයෝගී කර ගැනීම රජය විසින් තුරන් කළ යුතුය රාජ්‍ය ප්‍රතිපත්තියටද පටහැනි බව පෙත්සමේ දැක්වෙයි.
ඒ් අනුව 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සදහා වූ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4.ඇ, 9, 12.4, 14.1උ, 14.1ඌ, 27, 28, 33ඊ, 154උ. ව්‍යවස්ථා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන උපලේඛනයේ 1වන ලැයිස්තුවේ කාරණා වලට අදාලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලවන බවත්, අවස්ථානුකූලව එකී ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුළුව 2/3 නොඅඩු පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාවක් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීමෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කර ඇත්නම් මිස නීතියක් නොවිය යුතු බවට තීරණය කරන ලෙසත්, අවස්ථාවෝචිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුද ඇතුළුව 2/3 නොඅඩු පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාවක් සහ ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීමෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කර ඇත්නම් මිස නීතියක් නොවිය යුතු බවට තීරණය කරන ලෙසත් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකතන 0712063394 (2026.02.04)


Comments
Post a Comment