පළාත් සභා ඕනෑ කියන සංවිධාන සහ තැනැත්තෝ පළාත් සභා විධිවිධාන ඉවත් කිරීමේ / පරිච්චින්න කිරීමේ පනත් කෙටුම්පත්වලට විරුද්ධ නොවීම තුළ පළාත් සභා නෛතිකව බිඳවැටීම එක් දින නීති වැඩමුළුව 2026 මාර්තු 15 කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී
එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව
(සිංහල මාධ්‍ය) *
35වන නීති අධ්‍යාපන වැඩසටහන
නීතීඥවරුන්ට/ නීති ශිෂ්‍යයන්ට/ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ට/ අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අයට / විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට / නීති ක්‍රියාකාරකයන්ට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
1. පළාත් සභා ඕනෑ කියන සංවිධාන සහ තැනැත්තෝ පළාත් සභා විධිවිධාන ඉවත් කිරීමේ / පරිච්චින්න කිරීමේ පනත් කෙටුම්පත්වලට විරුද්ධ නොවීම
තුළ පළාත් සභා නෛතිකව බිඳවැටීම
2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන උපලේඛනයේ 1වන ලැයිස්තුවේ (පළාත් සභා ලැයිස්තුවේ) විෂයන් ඉවත් වන ලෙස / පරිච්චින්න වන ලෙස 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට එද්දී පළාත් සභා ප්‍රේමීන් නෛතික විරෝධය නොදැක්කුවේ ඇයි?
3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ ඡේදය සහ එහි ඉංග්‍රීසි ඡේදයේ (83.b) ඡේදයේ භාෂා පාඨ අතර ඇති වෙනස්කම් නිවැරදි කිරීමට 2025 දී මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට දැනුම් දීම තුළ ඉදිරි ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය වසර 6කින් වන ආකාරය
4. සේපාල ඒකනායක අලිතාලියා ගුවන් යානා පැහැර ගැනීම, අතීතයට බලපාන නීති පැනවීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 අනුව්‍යවස්ථාවේ පිහිටුවන බුද්ධ සාසන උත්තරීතර අධිකරණය සහ විහාරස්ථාන නඩුකටයුතු සම්බන්ධ මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය අහිමි වීම.
5. ශ්‍රේෂ්ඨාධිකරණය මුල් වරට සිරදඬුවම් නියම කරන තැනැත්තන්ට සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතේ (ICCPR) හිමි විය යුතු අභියාචනා අවස්ථාව ලබා ගන්නේ කෙසේද?
2026 මාර්තු 15 ඉරිදා පෙ.ව. 9ට
කොළඹ මහජන පුස්තකාල වායුසමණය කළ සම්මන්ත්‍රණ ශාලාවේදී
(සහභාගීවන අයට සහතික පතක් / නීති සටහන් සහ දිවා ආහරය සපයනු ලැබේ)
ආසන සීමිත හෙයින් ආසනයක් කලින් වෙන්කර ගන්න.
https://neethiyalk.blogspot.com/2026/02/3-20260315.html?m=1
සමායෝජක වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394
*මෙම නීති අධ්‍යාපන වැඩසටහන පවත්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සහ උපදේශනය පිළිබව පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලැබූ නීති කෘතීන් 11ක් පළකර ඇති, නීතිය පිළිබද ජාතික පුවත් පත්වල, මුද්‍රිත සහ අන්තර්ජාල මාධ්‍යයේ ලිපි 530ක් පමණ ලියා ඇති, දිවයිනේ විවිධ ප්‍රදේශවල නීති අධ්‍යාපන වැඩසටහන් පවත්වා ඇති නීතීඥවරයෙකු විසිනි.
Comments
Post a Comment