Skip to main content

යළි සළකා බැලීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇති බවට නීතිපතිගේ දැනුම් දීම මත පළාත් සභා බලතල අහිමි කරන බව කියන ගෙවල් කුලී පනත ඉවත් කිරීමට එරෙහි පෙත්සමේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු අවසන්...!

යළි සළකා බැලීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇති බවට නීතිපතිගේ දැනුම් දීම මත පළාත් සභා බලතල අහිමි කරන බව කියන ගෙවල් කුලී පනත ඉවත් කිරීමට එරෙහි පෙත්සමේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු අවසන්...!
අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට තීරණය කර ඇතැයි එම කෙටුම්පතට එරෙහි පෙත්සම විභාගයේදී නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට 2026 පෙබරවාරි 09 දින දැනුම් දුන්නේය. ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම අද (09) මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සම්පත් අබේකෝන් විනිසුරුවරුතුමන්ලා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම්දීම සිදු කළේය. පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පෙබරවාරි මස 03 වනදා සිට මාසයක කාලයක් ලබා දී තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේය. පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව SC/SD/06/26 , SC/SD/07/26, SC/SD/08/26 , SC/SD/09/26 , SC/SD/10/26 අංක දරන පෙත්සම් ඉදිරිපත් කර තිබූණ අතර, එම කෙටුම්පත යළි සළකා බැලීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇති බවට නීතිපතිවරයා දනුම් දීමෙන් පසු පෙත්සම්කරුවන් සිය පෙත්සම් ඉල්ලා අස්කර ගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රී පුද්ගල විනිසුරු මණ්ඩලයට දැනුම් දුන්නේය. ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳවද යළි සලකා බැලීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නද එම පනත් කෙටුම්පතට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පිළිබඳ SC/SD/11/26 අංක දරන පෙත්සම ඉදිරිපත් කර තිබූ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය පෙත්සම පවත්වාගෙන යන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සදහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් එමගින් 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සදහාද, එකී ඉවත් කිරීමෙන් පසු අන්තර්කාලීන විධිවිධාන ඇති කිරීමටද විධිවිධාන සළසා ඇති බවත් ගෙවල් කුලී පනත ඉවත් කිරීමට එරෙහිව පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන දක්වා ඇත.   බලවත් තැනැත්තන්ගේ නෛතික අයිතිවාසිකම් අහිමි කිරීමට නීති පැනවීමේදී හෝ බලවත් තැනැත්තන්ගේ නෛතික අයිතිවාසිකම් වෙනුවෙන් පවතින නීති ඉවත් කිරීමේදී මෙන් නොව 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සදහා වූ පනත් කෙටුම්පත මගින් නීති පැනවීමේදී ජනතාවගේ පරමාධිපත්‍යය, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීම සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ රජයේ වගකීම, නීතිය පසිදලීම සහ නීතියේ රැකවරණය, බලවත් තැනැත්තන්ගෙන් අබල තැනැත්තන් අරක්ෂා කිරීම, එකලාව හෝ අන් අය සමග යම් නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළද ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට, ශ්‍රී ලංකාව තුළ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට, රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙය වීමේ මූලධර්ම සහ යුතුකම් වලට, ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයට, පළාත් සභා ප්‍රඥප්ති සෑදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන උපලේඛනයේ 1වන ලැයිස්තුවේ විධිවිධාන වලට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන වලට පටහැනි බවත්, ඒ් අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4.ඇ, 9, 12.4, 14.1උ, 14.1ඌ, 27, 28, 33ඊ, 154උ. ව්‍යවස්ථා උල්ලංඝණය කරන බවත් ගෙවල් කුලී පනත ඉවත් කිරීමට එරෙහි පෙත්සම මගින් එම නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත. අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳව යළි සලකා බැලීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට 2026 පෙබරවාරි 09 දින දැනුම් දුන්නද තමන්ගේ පෙත්සම පවත්වාගෙන ගොස් කතානායකවරයා වෙත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය යොමු කරන ලෙස නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඉල්ලා සිටි අතර, ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පෙබරවාරි මස 03 වනදා සිට මාසයක කාලයක් ලබා දී තිබෙන තත්ත්වය තුළ ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධ පෙත්සමේ විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2026.02.09)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....!

නවක වදය පාලනයට ඇති නීති සහ රටේ මූලික නීතිය පිළිබද විෂය අනිවාර්ය විෂයක් ලෙස උසස් පෙළට ඉගැන්වීමට අධ්‍යාපන ඇමතිනිය හරිනි අමරසූරිය වෙත ඉල්ලීම් කිරීම නිදහස් අධ්‍යාපනය ලබන හෝ ලබා ඇති සැමගේ යුතුකමකි....! නවක වදය යනු ඉංග්‍රීසි අධ්‍යාපන ඒකාධිකාරය පවත්වා ගැනීමට ගම්වලින් විශ්ව විද්‍යාල වෙත එන සිසුන් කීකරු කර ගැනීමට ගමෙන්ම ආ සිසුන් යොදා ගන්නා විද්‍යාත්මක ක්‍රියාවලියේ පළමු අවස්ථාව බවට කිහිප දෙනෙකු පමණක් එකඟ විය හැකි කරුණක් වුවද තත්ත්වය එයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාව, අධ්‍යාපන භාෂාව සහ අධිකරණ භාෂාව සම්බන්ධයෙන් දක්වා ඇති විධිවිධාන නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් විශ්ව විද්‍යාල වැඩි පාඨමාලා සංඛ්‍යාවක් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන්ද පැවැත්විය යුතුය. විශ්ව විද්‍යාල තුළදී සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපන ලබා දීම වැළක්වීම බලධාරීන්ගේ අවශ්‍යතාවයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂාව ලෙස සිංහල සහ දෙමළ භාෂා දක්වා තිබුණද ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙන ලද්දේ 2009 දක්වා පමණි. සරසවිවල සමානත්මතාවය හෝ හුරුකරවීම සිදුවීම නවක වදයේ මානුෂික මුහුණවර ලෙස දක්වන්නේ නම් සරසවි...