Skip to main content

වර්ෂ 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ / 30.2 / 62.2 ව්‍යවස්ථා පරස්පර/ පටහැනි කළේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමටද? (විනිසුරු කාලය වැඩිකරන "22" දී එය එළිදරව් වෙයිද?)

වර්ෂ 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ / 30.2 / 62.2 ව්‍යවස්ථා පරස්පර/ පටහැනි කළේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමටද? (විනිසුරු කාලය වැඩිකරන "22" දී එය එළිදරව් වෙයිද?)
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකිනෙකට පටහැනි/ පරස්පර ව්‍යවස්ථා 3ක් (83.ආ/30.2/62.2) පැවතීම සහ මෛත්‍රීපාල සේනානායක සහ තවත් අයෙකු එදිරිව ගාමිණී දොන් මහින්දසෝම සහ අනෙකුත් අය [(1998) 2 Sri LR 333] නඩු තීන්දුව සහ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇසුරෙන් වර්ෂ 2015 සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ , 30.2 සහ 62.2 ව්‍යවස්ථාව එකිනෙකට පටහැනි / පරස්පර කිරීම සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමටද යන්න මෙම ලිපියෙන් විමසා බලා ඇත. 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය අනුව 30.2 සහ 62.2 (ජනාධිපති කාලය සහ පාර්ලිමේන්තු කාලය) සංශෝධනයට ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය වේ. 2. 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ 83.b ඡේදය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අර්ථනිරූපණය කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 ව්‍යවස්ථා ජනමතවිචාරණයක් නොපවත්වා සංශෝධනය කරගෙන කතානායක සහතිකයද ගෙන නීතියක් කරගෙන ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 ව්‍යවස්ථා සංශෝධනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයද තීන්දු කර ඇත. (ඉංග්‍රීසි පිටපත අනුව) 3. දැන් පැන නගින ගැටළුව වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය අනුව 30.2 සහ 62.2 ව්‍යවස්ථා (ජනාධිපති කාලය සහ පාර්ලිමේන්තු කාලය) සංශෝධනයට ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය වේ යන්න තවමත් පැවතීම විහිළු සහගත තත්ත්වයට පත් වීම වන අතර, ජනමතවිචාරණයක් නොපවත්වා 30.2 සහ 62.2 (ජනාධිපති කාලය සහ පාර්ලිමේන්තු කාලය) සංශෝධනය කර ගැනීම මගින් 30.2 සහ 62.2 ව්‍යවස්ථා (ජනාධිපති කාලය සහ පාර්ලිමේන්තු කාලය) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදයට පටහැනි වීමය. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ ඡේදය 1977 ජාතික රාජ්‍ය සභාවේ කතානයකවරයා සහතික කරන ලද නීතියක් වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා 2015 කතානායකවරයා විසින් සහතික කරන ලද නීතියක් වෙයි. 5. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකිනෙකට පටහැනි/ පරස්පර ව්‍යවස්ථා 3ක් (83.ආ/30.2/62.2) පැවතීම නිරාකරණය කරගැනීමට මෛත්‍රීපාල සේනානායක සහ තවත් අයෙකු එදිරිව ගාමිණී දොන් මහින්දසෝම සහ අනෙකුත් අය [(1998) 2 Sri LR 333] නඩු තීන්දුව සහාය කර ගත හැකිය. මෛත්‍රීපාල සේනානායක සහ තවත් අයෙකු එදිරිව ගාමිණී දොන් මහින්දසෝම සහ අනෙකුත් අය [(1998) 2 Sri LR 333] යනු ශ්‍රී ලංකාවේ පළාත් සභා බලතල සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද ඓතිහාසික සහ ඉතාමත් තීරණාත්මක නඩු තීන්දුවකි. මෙම නඩුවේ පසුබිම, මතු වූ නීතිමය ගැටලුව සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳ සාරාංශය පහත පරිදි වේ: 1. නඩුවේ පසුබිම (Background) • පළාත් සභා තත්ත්වය: 1993 මැයි 17 වන දින පවත්වන ලද මැතිවරණයෙන් උතුරු මැද පළාත් සභාවේ බහුතර බලය එක්සත් ජාතික පක්ෂයට (UNP) හිමි වූ අතර, එහි මහ ඇමතිවරයා ලෙස ජී. ඩී. මහින්දසෝම මහතා කටයුතු කළේය. එවකට උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවරයා වූ මෛත්‍රීපාල සේනානායක මහතා, එවකට ජනාධිපතිනියගේ නියෝග හා උපදෙස් මත, මහ ඇමතිවරයාගේ කැමැත්තෙන් තොරව පළාත් සභාව විසුරුවා හැරීමට පියවර ගත්තේය. පළාත් සභාව විසුරුවා හැරීමට එරෙහිව සභාව විසින් යෝජනාවක් සම්මත කර තිබූ අතර, මහ ඇමතිවරයාද ලිඛිතව තම විරෝධය ආණ්ඩුකාරවරයා වෙත දන්වා තිබුණි. 2. මතු වූ ප්‍රධාන නීතිමය ගැටලුව (Legal Issue) • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(ආ)(8) ඡේදය ප්‍රකාරව පළාත් සභාවක් කැඳවීමට, කල් තැබීමට සහ විසුරුවා හැරීමට ආණ්ඩුකාරවරයාට ඇති බලය ඔහුගේ තනි අභිමතය පරිදි (Discretionary Power) කළ හැක්කක්ද? නැතහොත්, 154 ඊ.1 ඡේදය අනුව ආණ්ඩුකාරවරයා සැමවිටම පළාත් සභාවේ බහුතරයේ සහය ලබන මහ ඇමතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් මත (Advice of the Chief Minister) ක්‍රියා කළ යුතුද? 3. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව (Supreme Court Judgment) අභියාචනාධිකරණ තීන්දුව තහවුරු කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයේ අමරසිංහ විනිසුරුවරයා (Amerasinghe J.) ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඩුල්ල විසින් පහත තීන්දුව ලබා දෙමින් • මහ ඇමතිගේ උපදෙස් අනිවාර්යය බවත්, පළාත් සභාවක මහ ඇමතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට සභාවේ බහුතර බලය පවතින තාක් කල්, පළාත් සභාව විසුරුවා හැරීමේදී ආණ්ඩුකාරවරයා අනිවාර්යයෙන්ම මහ ඇමතිවරයාගේ උපදෙස් මතම ක්‍රියා කළ යුතුය (Mandatorily required).ආණ්ඩුකාරවරයාට පළාත් සභාව විසුරුවා හැරීමට තනි අභිමතයක් නැති බවත්, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති ආකාරයේ ස්වාධීන තනි බලයක් ආණ්ඩුකාරවරයාට ලබා දී නොමැති බවත්. ආණ්ඩුකාරවරයාගේ බලය පාලනය වන්නේ මහ ඇමතිගේ උපදෙස් මතය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති එකිනෙක ගැටෙන සේ අර්ථ නොදක්වා, බලය විමධ්‍යගත කිරීමේ සැබෑ පරමාර්ථය (Devolution of Power) ආරක්ෂා වන පරිදි සමස්ත ව්‍යවස්ථාවම එකට ගළපා කියවිය යුතු බවත් තීරණය විය. 5. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය අනුව 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා එකිනෙකට පටහැනිව/ පරස්පරව නිරාකරණය කර ගැනීමට යාමේදී කතානායකවරුන් 2කු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය අනුව 30.2 සහ 62.2 සහතිකය යොදා තිබුණද ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය ප්‍රමුඛත්වයේ තබා අර්ථනිරූපණ කළ යුතු වන අතර මෙම ව්‍යවස්ථා අර්ථනිරූපණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 සහ 121 වන ව්‍යවස්ථා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විනිසුරු ධූර කාලය වැඩි කිරීමේ කාරණා සම්බන්ධයෙන් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ මතුවන නෛතික කාරණා අනුව සිදුකිරීමට වැඩි ඉඩක් ඇත. 6. වර්ෂ 2015 ජජනාධිපතිවරණය අවස්ථාවේ ජනාධිපති ධූර කාලය අඩු කරන බවට ජජනාධිපතිවරණය ජයගත් ජනාධිපති අපේක්ෂකයා මැතිවරණ වේදිකාවලදී පොරොන්දු වුවද, ජනමතවිචාරණයකට තුඩුදෙන කිසිවක් නොකරන බවද ඒ සමගම ප්‍රකාශ විය. 7. එකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක එකිනෙකට පටහැනි ව්‍යවස්ථා පවතිද්දී ඒ පිළිබඳ අවධානය යොමු නොකර එම පටහැනිතා නිවැරදි නොකර විනිසුරු ධූර කාලය වැඩි කිරීමේ කාරණා සම්බන්ධයෙන් 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107වන සහ 137වන ව්‍යවස්ථා සංශෝධනය කිරීමට නීතිපතිවරයා අවසර ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ සිය යුතුකම ඉටු කිරීමක්ද, සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමේ චෝදනාවටද ඔහු ලක් විය හැකිද යන්න අනාගතයේ තීරණය වනු ඇති අතර මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීරණය අනුව ශ්‍රී ලංකාවේ නෛතික ක්ෂේත්‍රයේ බොහෝ වෙනස්කම්ද සිදුවීමට ඉඩ ඇත. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...