නීතීඥවරුන් කිහිප දෙනෙකුගේ වැරදි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතා හටගැනීම තුළ 22ට ජනමතවිචාරණයක් ඕනෑ...! නීතීඥවරයෙකු 22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි....
නීතීඥවරුන් කිහිප දෙනෙකුගේ වැරදි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතා හටගැනීම තුළ 22ට ජනමතවිචාරණයක් ඕනෑ...! නීතීඥවරයෙකු 22ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරයි....
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාවට අනුකූලව 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු නොදැක්වීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතාවලට හේතුව බව සිය පෙත්සම මගින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දින (2026.08.19 දින) පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
2002 වර්ෂයේ පූර්ණ විනිසුරු මණ්ඩලයක් හමුවේ විභාග වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධ
කාරණයක් නැවත 2015 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධව අධිකරණ තීරණ අනුගම්‍ය පූර්වාදර්ශය සම්බන්ධයෙන් ඔහු විසින් 2024 දී ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමේදී ඔහුට රු. ලක්ෂ 5 ක නඩු ගාස්තුවක් ගෙවීමට නියම වූ බවද ඔහු මෙම පෙත්සම මගින් අනාවරණය කර ඇත.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. ආ ඡේදයට ගැලපෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ 83.b ඡේදය නිවැරදි කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් ජනාධිපති ලේකම්වරයාව දැනුවත් කර ඇති බවත් එයට අදාල ලේඛන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමටත් ඔහු ක්‍රියා කර ඇත.
තවද වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ, 30.2, 62.2 ව්‍යවස්ථාවල පරස්පරතා සම්බන්ධයෙන් ඔහු සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩි වශයෙන් කරුණු දක්වා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින මෙම පරස්පරතාවයට හේතුව 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ නීතීඥවරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ලද වැරදි හේතුවෙන් බවත් එම පෙත්සම මගින් නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අවධානයට යොමු කර ඇත
මෙම පෙත්සමේ පිටපත් කතානායකවරයාටද, නීතිපතිවරයටද යොමු කර ඇත.
(එම පෙත්සම සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු බලාපොරොත්තු වන්න.)
https://neethiyalk.blogspot.com/2026/08/83-302-622-22-22.html?m=1
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන දුරකථන 0712063394 (2026.08.19)

Comments
Post a Comment