ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ වෙනස්කම්...! (එක් වෙනස්කමක්)
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ වෙනස්කම්...! (එක් වෙනස්කමක්)
1. ශ්‍රී ලංකාවට ඇත්තේ එක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වන අතර එය සිංහල භාෂාවෙන් ඇත.
2. ඉංග්‍රීසි භාෂාවෙන් ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපතකි.
3. මේ සම්බන්ධයෙන් සැකයක් ඇති අයෙකු වෙයි නම් 1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල නීති පැනවීමේ භාෂාව පිළිබඳව අධ්‍යයනය කළ හැකිය.
4. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ, ව්‍යවස්ථා කිහිපයක් වැරදි ලෙස සටහන් කර ඇති අතර 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය එක් උදාහරණයක් පමණි.
5. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම් වෙත වර්ෂ 2025 දී දැනුම් දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයට ගැලපෙන ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය නිවැරදි කරන ලෙසය.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col)
සමායෝජක - වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන - දුරකථන 0712063394

Comments
Post a Comment