Skip to main content

22 ට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මැතිවරණ කොමිසමේ ලිපිය පිළිගතහොත් ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 6කි...! නැවත පළාත් සභා මැතිවරණත් නෑ...!

22 ට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මැතිවරණ කොමිසමේ ලිපිය පිළිගතහොත් ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 6කි...! නැවත පළාත් සභා මැතිවරණත් නෑ...!
22 ට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි මහතා ඉදිරිපත් කළ මැතිවරණ කොමිසමේ ලිපිය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගතහොත් ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 6කි...! නැවත පළාත් සභා මැතිවරණත් නෑ...! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදයට පරිවර්තනය කිරීමට ජනාධිපතිවරයා දැනුවත් කර පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා විසින් ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතා වෙත 2025.08.11 දින දැනුම් දී ඇත. මෙම ලිපිය නීතීඥ අරුණ ලක්සිරි මහතා විසින් 22වන සංශෝධනයට සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ සංශෝධනයට එරෙහිව පවරන ලද නඩු වලදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත. එම ලිපිය මගින් දක්වන කාරණව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදයත් අතර පරස්පරතාවයක් තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ ආ ඡේදය මෙසේ ය. "30 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සඳහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධූර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතක්. මෙහි ප්‍රධාන කරුණු 4ක් ඇත. 1. 30 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ 2.30 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ 3.වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සඳහා වූ නැතහොත් ඒ විධිවිධානවලට අනනුකූල වන්නා වූ ද 4. 30 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන අවස්ථාවෝචිත පරිදි ජනාධිපතිවරයාගේ ධූර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ නැතහොත් පාර්ලිමේන්තුව පවත්නා කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූ ද පනත් කෙටුම්පතක්. ඉහත 1වන කාරණය අනුව 30 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ නැතහොත් 62 වන ව්‍යවස්ථාවේ (2) වන අනුව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම "හෝ" කාණ්ඩය යටතේ 30.2 සහ 62.2 අනු ව්‍යවස්ථාවල ඇති සාවුරුද්ද යන්න අඩු කිරීම සහ වැඩි කිරීම ඇතුළත් වෙයි. එනම් වසර 6 අඩු කිරීමට හෝ වසර 6 වැඩි කිරීමට ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වෙයි. ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය මෙසේ ය. (b) a Bill for the amendment or for the repeal and replacement of or which is inconsistent with the provisions of paragraph (2) of Article 30 or of paragraph (2) of Article 62 which would extend the term of office of the President or the duration of Parliament, as the case may be, to over six years, ඒ අනුව amendment හෝ replacement හෝ which is inconsistent ......which would extend කියා දැක්වෙන හෙයින් සංශෝධන, ප්‍රතියෝජන, අනනුකූල කවරක්ද යත් වැඩි කරන ලෙස දැක්වේ. එනම් අඩු කරන සංශෝධන, ප්‍රතියෝජන, අනනුකූලවීම් ඇතුළත් නොවේ. එනම් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ b ඡේදය අනුව ජනාධිපති ධූර කාලය (30.2) හෝ පාර්ලිමේන්තුව පවත්නා කාලය (62.2) වසර 6ට වඩා වැඩි කරන විට පමණක් ජනමතවිචාරණයක් අවශ්‍ය වන අතර, වසර 6ට වඩා අඩු කරන විට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ලිපියෙන් ජනාධිපති ලේකම් වෙත දැනුම් දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින මෙම වැරැද්ද නිවැරදි කරන ලෙසය. 2015 වර්ෂයේ ඉදිරිපත් වූ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 5ක් ලෙස සංශෝධනය කර ගනු ලැබූවේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b ඡේදයේ පවතින මේ දුර්වලතාවය යොදා ගනිමින් කොළේ වසා ගැසීමෙන් ය. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන, 49 වන සහ 51වන ව්‍යවස්ථා අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවී ඇත්තේ සිංහල භාෂාවෙන් ය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වලංගු භාෂාව වන්නේ සිංහල භාෂාව ය. ඒ අනුව 2015 දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 5කට අඩු කර ගෙන ඇත්තේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ඡේදය අනුව අවශ්‍ය වන ජනමතවිචාරණයක් පැවැත්වීමෙන් නොවේ. මෙහිදී පැනනගින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවමය අර්බුදය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ඡේදයත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2 සහ 62.2 ව්‍යවස්ථා එකිනෙකට පටහැනි පරස්පර ලෙස ක්‍රියාත්මක වීම ය. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වලංගු නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිටපත යොදා ගනිමින් සිදුකරන ලද ව්‍යවස්ථා වංචාවකද, ජනමතවිචාරණ ඡන්ද බලය අහිමි කිරීමක්ද, නීතීඥ වෘත්තීය ආචාර ධර්ම කඩ කිරීමක්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමය කිරීමේ ප්‍රතිඥාව/ දිව්රුම කඩකිරීමක්ද වෙයි. මෙම නෛතික අර්බුදය සඳහා වැදගත් සාක්ෂියක් වන ඉහත මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් ජනාධිපති ලේකම් වෙත යැවූ ලිපිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.b. ඡේද අතර වෙනසක් ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනු ලැබුවහොත් ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 6ක්ම වන අතර එමෙන්ම 1987 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පිහිටුවීමේදී අදාල කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කරනු ලැබූයේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෙයින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පිහිටුවීමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල වන තැනට පත් වෙයි. 22 ට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි මහතා ඉදිරිපත් කළ මැතිවරණ කොමිසමේ ලිපිය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගතහොත් ජනාධිපති සහ පාර්ලිමේන්තු කාලය වසර 6ක්ම වන අතර, නැවත පළාත් සභා මැතිවරණ පැවැත්වීමටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නොහැකි වෙයි. මැතිවරණ කොමිසමේ ලිපිය ශ්‍රේෂ්ඨාධිකරණ පිළිගනු ලබයිද නොලබයිද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත දන්වා යවන සිය තීරණය මගින් ජනතාවට කියවිය හැකිය./ දැනගත හැකිය. වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2026.08.31)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...