මැකො ලිපියට අනුව ක්‍රියා නොකර ව්‍යවස්ථාපිත යුතුකම කඩකිරීම සම්බන්ධෙයන් ජනාධිපති ලේකම්ට නඩු...
(මෙම නඩුව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136.1.අ. අනුවගන්තිය යටතේ මහේස්ත්‍රාත් අධිකරණයේ පෞද්ගලික අපරාධ නඩු පැවරීම, දණ්ඩ නීති සංග්‍රහය 19, 162, 289 වගන්ති අර්ථනිරූපණය කිරීම සම්බන්ධයෙන් නීතීඥවරුන්ට, නීති ශීෂ්‍යයන්ට, පුරවැසියන්ට වැදගත් වෙයි.)
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ 2025.08.11 දිනැති ලිපියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදු නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි ව්‍යවස්ථාව සහ දණ්ඩ නීති සංග්‍රහය 289 වගන්තිය යටතේ වන ව්‍යවස්ථාපිත යුතුකම නොසළකා හැරීම සහ/හෝ නොකර හැරීම සහ/හෝ නොපිළිපැදීම සහ/හෝ කඩකිරීම අදාලව නඩු විභාග කිරීමට අධිකරණ බලය ඇති වරදක් සිදුකර ඇති බවට 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136.1.අ. අනුවගන්තිය අනුව කරනු ලබන ලිඛිත පැමිණිල්ලක් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම සදහා අදාලව මැතිවරණ කොමිෂන් සභාව වෙත කරන ලද ඉල්ලීමට අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්. ඒ්. එල්. රත්නායක මහතා විසින් ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපතිතුමා දැනුම්වත් කොට අදාල නිවැරදි කිරීම සදහා අවශ්‍ය කටයුතු සළසා දෙන මෙන් දැනුම්වත් කිරීමේ ලිපියක් යවා ඇති බව 2025.08.11 දින ඒම නීතීඥ මහතා වෙත මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්. ඒ්. එල්. රත්නායක මහතා විසින් ලිඛිතව දැනුම් දී ඇත.
ඒ් අනුව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ 83.b ඡේදයේ පවතින වැරුද්ද නිවැරදි කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදයට ගැලපෙන ලෙස නිවැරදිව පරිවර්තනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමේ ව්‍යවස්ථාපිත යුතුකමක් ජනාධිපති ලේකම්වරයා වෙත වන අතර 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 49 සහ 51 ව්‍යවස්ථා සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව සහ 171වන ව්‍යවස්ථාව අනුව සිංහල භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක බවත් පැමිණිල්ලේ දැක්වෙයි.
“22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සදහා වූ පනත් කෙටුම්පත සහ “අධිකරණ සංවිධාන (සංශෝධන)” 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සදහා වූ පනත් කෙටුම්පතට එරෙහිව පැමිණිලිකරු විසින් SC/ SD/ 37/2026 සහ SC/ SD/ 66/2026 පෙත්සම් ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් පැමිණිලිකරු වෙත 2025.08.11 දින යොමු කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.(ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලෙස ජනාධිපති ලේකම් වෙත දැනුම් දුන් බවට වන ලිපියේ පිටපතක්ද ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු දක්වා තිබූ බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මගින් එම කරුණු දැක්වීම් ප්‍රතික්ෂේප කර නැති බවත්, එසේ වුවත් ජනාධිපති ලේකම්වරයා මේ දක්වා ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ 83.b ඡේදයේ ඇති වරද නිවැරදි නොකිරීම හේතුවෙන් ගරු විනිසුරුතුමන්ලාද එකී ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ වැරදි 83.b ඡේදය යොදා ගනිමින් සිය තීරණයට එළඹී ඇති බවත් පැමිණිල්ලේ දැක්වෙයි.
ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ 2025.08.11 දිනැති ලිපියට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය නිවැරදිව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුනොකර ව්‍යවස්ථාපිත යුතුකම ඉටු නොකිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වැනි ව්‍යවස්ථාව සහ දණ්ඩ නීති සංග්‍රහය 289වන වගන්තිය යටතේ වන යම් ආඥා පනතකින් හෝ නීතියකින් තමා වෙත පැවරුණු යම් යුතුකමක් ඕනෑවට නොසලකා හරින හෝ නොකර හරින නැතහොත් එබදු ආඥාපනතක හෝ නීතියක විධිවිධාන ඕනෑවට නොපිළිපදින හෝ කඩ කරන තැනැත්තෙකුට එබදු නොසලකා හැරීමකට, නොකර හැරීමකට, නොපිළිපැදීමකට හෝ කඩ කිරීමකට අදාල වරද සිදුකර දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට එම පැමිණිල්ල මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට එම නීතීඥ මහතා විසින් කරුණු වාර්තා කර ඇත.
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන - දුරකථන 0712063394
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....
චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...
Comments
Post a Comment