Skip to main content

Posts

යුක්‍රේන ගැටුමෙන් ඇමෙරිකාව සහ එංගලන්තය තවදුරටත් ලෝකයේ බලවතුන් නොවන බව පෙනේවිද?

යුක්‍රේන ගැටුමෙන් ඇමෙරිකාව සහ එංගලන්තය තවදුරටත් ලෝකයේ බලවතුන් නොවන බව පෙනේවිද? යුක්‍රේන ගැටුම සහ එය අවසන් නොවී දිගට ඇදීමෙන් බටහිර මාධ්‍ය බරපතල ලෙස අසරණ වන අතර ඉංග්‍රීසි කතා නොකරන රටවල් වන ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ජපානය, කොරියාව, චීනය වැනි රටවල් ඇමෙරිකාවට සහ එංගලන්‍තයට සහාය නොදෙන බව ලෝකයට පෙනෙන්නට පටන් ගනී. ඉංදියාව සහ අරාබිය එක්සත් ජාතීගේ ආරක්ෂක මණ්ඩලයේදී ඇමෙරිකාවට සහ එංගලන්තයට සහාය නොදීමෙන් ඒ බව වඩාත් පැහැදිලි වේ. එමෙන්ම ඇමෙරිකාවෙන් සහ එංගලන්තයෙන් ආධාර ලබන 3වන ලෝකයේ රටවල් ව්ශාල අර්බුදයන්ට පත් වේ. (ශ්‍රී ලංකාව වැනි රටවලට ඇමෙරිකාව සහ එංගලන්තය කියන පරිදි රුසියාවට සම්බාධක පැනවීමට සිදුවුවහොත් තේ කර්මාන්තය සහ දේශීය කර්මාන්ත සම්පූර්ණයෙන්ම බිඳවැටීමට ඉඩ ඇත.) රුසියාවට උවමණා ඇමෙරිකාව සහ එංගලන්තය තවදුරටත් ලෝකයේ බලවතුන් නොවන බවත්, ලෝකයේ රටවල සහාය ඔවුන්ට නොලැබෙන බවත් පෙන්වීමද? යන්න රුසියාවට පනවන සම්බාධක ප්‍රායෝගික නොවීමෙන් පෙනී යනු ඇත. ii වන ලෝක යුද්ධයේදී ජර්මනිය කළ වැරදි 3ක් ඇත. ඒ අමානුෂික ලෙස යුදෙව්වන් ඝාතනය කිරීමත්, රුසියාවට පහර දීමත්, සීමාව ඉක්මවා යුද්ධය පැතිරවීමත් ය. ජපානය...

නීතීඥවරුන්ගේ ස්වාධීනත්වය අහිමි කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා විධානයට පටහැනිව ගෙනෙන සැළසුම් පාලනය කරමු....!

නීතීඥවරුන්ගේ ස්වාධීනත්වය අහිමි කිරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා විධානයට පටහැනිව ගෙනෙන සැළසුම් පාලනය කරමු....! (2022 පෙබරවාරි 21 මව් භාෂා දිනය වෙනුවන් ලියන ලද ලිපිය) 1) 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අධිකරණ ඇමතිවරයා ලෙස පත්වී සිටින ජනාධිපති නීතීඥ අලි සබ්‍රි සහ ජනාධිපති නීති විශාරදයන් කිහිප දෙනෙකු ඉංග්‍රීසි භාෂාව අවභාව්ත කරමින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විදෙස් රටවල අන්තවාදී නීති ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළට ගෙන ඒමට ගත් උත්සාහය සිංහල භාෂාවෙන් නීති තර්ක ඉදිරිපත් කර පරාජය කිරීමට නීතීඥවරුන්ට හැකි වීම ප්‍රසිද්ධ කරුණකි. ( SC/SD/24/2021 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය - 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ 1387-1449 දක්වා පිටුවල ඇත) 2) සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය අමතා නඩු ජයගත නොහැකිය යන අදහස නීතියේ බලය අතදරන කිහිප දෙනෙකු කර ඇති ජනතාව නොමග යවන ප්‍රචාරයක් බවට මේ වනවිට පත් වී ඇත. 3) ඉංග්‍රීසියෙන් කරුණු ඉදිරිපත් කරමින් ගෙනෙන වැරදි නීති තර්ක සිංහල භාෂාවෙන් නිවැරදි නීති තර්ක ගෙනවිත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජයගත හැකි බවත්, නීතීඥවරුන්ගේ ස්වාධීනත්වය භා...

නීතීඥවරුන්ට සහ අධිකරණ භාෂාවට එරෙහි අභියෝග හදුනා ගනිමු... දැනුවත් වෙමු... නිවැරදි කරමු...! 2022 පෙබරවාරි 21 මව් භාෂා දිනය අභිමානයෙන් සමරමු...!

නීතීඥවරුන්ට සහ අධිකරණ භාෂාවට එරෙහි අභියෝග හදුනා ගනිමු... දැනුවත් වෙමු... නිවැරදි කරමු...! 2022 පෙබරවාරි 21 මව් භාෂා දිනය අභිමානයෙන් සමරමු...! නීතීඥවරුන්ට අධිකරණ භාෂාවෙන් නොවන භාෂාවකින් ඇගයීම් සිදුකරමින් විදෙස් නීති ආයතන අයුතු ලෙස ධනවත් කිරීමට ගන්නා උත්සාහය පරදවමු...! "සංස්ථාගත නීති අධ්‍යයන සභාවේ අධිකරණ භාෂා විරෝධය පාලනය කරමු...! 2020.12.30 දිනැති අංක 2208/13 අතිවිශේෂ ගැසට්ටුවේ අධිකරණ භාෂා තහනම නිවැරදි කරමු...! භාෂාව මත වෙනස්කම් කරන ඇගයීම් ක්‍රම හඳුන්වා දී නිදහස් අධ්‍යාපනයේ නීතීඥවරුන්, නීතීඥ වෘත්තියෙන් ඉවත් කිරීමට ක්‍රියා කරයිනම් එයට එරෙහිව ක්‍රියා කළ යුත්තේ ඇයි? 1) 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අධිකරණ ඇමතිවරයා ලෙස පත්වී සිටින ජනාධිපති නීතීඥ අලි සබ්‍රි සහ ජනාධිපති නීති විශාරදයන් කිහිප දෙනෙකු ඉංග්‍රීසි භාෂාව අවභාව්ත කරමින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විදෙස් රටවල අන්තවාදී නීති රටට ගෙන ඒමට ගත් උත්සාහය සිංහල භාෂාවෙන් නීති තර්ක ඉදිරිපත් කර පරාජය කිරීමට හැකි වීම ප්‍රසිද්ධ කරුණකි. ( SC/SD/24/2021 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඇති 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර...

පොදු ස්ථාන සඳහා එන්නත් කාඩ් අනිවාර්ය කිරීම සහ ආයුර්වේද පනත නොතකා සිටීම අපරාධ වරදක්...

පොදු ස්ථාන සඳහා එන්නත් කාඩ් අනිවාර්ය කිරීම සහ ආයුර්වේද පනත නොතකා සිටීම අපරාධ වරදක්... ඔබ මූලික අයිතිවාසිකම් නඩුවක් දැමූ විට ඔබගේ අයිතිවාසිකම් අහිමි කළ අය වෙනුවෙන් මුදල් වියදම් කරන්න වෙන්නේත් ඔබටමයි කියා ඔබ දන්නවාද? මූලික අයිතිවාසිකම් නඩුවකදී  ඔබගේ අයිතිවාසිකම් අහිමි කරන අය චූදිතයන් නොවන අතර වගඋත්තරකරුවන් වෙයි. මූලික අයිතිවාසිකම් නඩුවකදී වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටී. නීතිපතිවරයාව නඩත්තු කරන්නේ මහජන මුදලිනි. අවසානයේ වන්නේ ඔබගේ අයිතිවාසිකම් අහිමි කළ අයගේ ආරක්ෂාවට නීතිපතිවරයා පෙනී සිටීමය. ඔබගේ අයිතිවාසිකම් අහිමි කළ අය වෙනුවෙන් අපරාධ නඩුවක් ගොනුකර චූදිතයන් කළ පසු චූදිතයන් වෙනුවෙන් නීතිපතිට පෙනී සිටීමට හැකියාව නොලැබේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එන්න කලින් මූලික අයිතිවාසිකම් නඩු නොපැවති අතර ඒ සමයේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ලද්දේ දණ්ඩ නීති සංග්‍රහයෙ 289, 298 සහ 490 වගන්ති සහ අපරාධ නඩු විධාන සංග්‍රහයෙ 136.1.අ. වගන්තිය. තාමත් ඒ නිති වෙනස්කරල නෑ කියන එක එන්නත අනිවාර්ය කරන්න දගලන කවුරු කවුරුත් දැන ගත්තට කමක් නෑ. පොදු ස්ථාන සඳහා එන්නත් කාඩ් අනිවාර්ය කිරීම අපරාධ වරදක් ව...

ශ්‍රේෂ්ඨාධිකරණ සෙංකෝලය ගල් වූ නඩුවේ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේත් ගල්වේ දැයි කොණ්ඩදෙණියෙ හාමුදුරුවන් බලා සිටී....

ශ්‍රේෂ්ඨාධිකරණ සෙංකෝලය ගල් වූ නඩුවේ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේත් ගල්වේ දැයි කොණ්ඩදෙණියෙ හාමුදුරුවන් බලා සිටී.... අධිකරණ සේවා කොමිසම නොමග යවා නීතීඥවරයෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ පෙත්සමක් ඉදිරිපත් කරවීමට වැරදි නිරීක්ෂණ මත වැරදි අනුමිතියක් ඉදිරිපත් කිරීමට කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා කොළඹ දිසා අධිකරණ නඩුවකදී ක්‍රියා කර ඇත. මීට පෙර ඒකපාක්ෂික නඩු විහාගයක් සඳහා පැමිණිලි පාර්ශවය විසින් ඉල්ලීමක් කර තිබියදී කිසිම අවස්ථාවක ඒක පාක්ෂික නඩු විභාගයක් සඳහා ඉල්ලීමක් කර නැති බවට අධිකරණ සේවා කොමිසමට සාවද්‍ය කරුණු වාර්තා කිරීමට දිසා විනිසුරුවරයා ක්‍රියා කර ඇත. වැරදි වාර්තා යවමින් අධිකරණ සේවා කොමිසම නොමග යැවීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් මේ වන විට එම විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක්ද යොමු වී ඇත. එමෙන්ම මෙම නඩුවට අදාලව සිංහල භාෂාවෙන් පරිවර්තන ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පසුගිය දිනක සිඳුකර ඇති අතර එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරු විනිසුරු අසුනෙන් බැස යන විට ශ්‍රේෂ්ඨාධිකරණ සෙංකෝලය බිත්තියේ ආධාරකවලට ඇලී විනිසුරුවරුන්ට ගමන් කිරීමට නොහැකිව වැඩිවේලාවක් තිබී ඇත...

"මුල් අවස්ථා අධිකරණ විනිසුරුවරුන්ට බලපාන නීතිය - 01" අන්තර්ජාල නීති දේශනය

"මුල් අවස්ථා අධිකරණ විනිසුරුවරුන්ට බලපාන නීතිය - 01" අන්තර්ජාල නීති දේශනය "නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ " ජනතාව නීති දැනුමෙන් බලවත් කිරීමෙන් රටේ සංවර්ධනය වේගවත් කළ හැකිය. ඒ වෙනුවෙන් සිංහල භාෂාවෙන් පවත්වන නීති අධ්‍යයන වැඩසටහන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන මගින් නොමිලේ පවත්වයි. (අන්තර්ජාල නීති දේශන මාලාව) මුල් අවස්ථා අධිකරණ විනිසුරුවරයෙක් අධිකරණ සේවා කොමිසම නොමග යැවීම අධිකරණයට අපහාස කිරීමක්ද? විනය විරෝධී ක්‍රියාවක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඔ ව්‍යවස්ථාව යටතට ගැනෙන්නක්ද? සිවිල් නඩු නිමිත්තක්ද? (අන්තර්ජාල සබැඳිය සඳහා විමසන්න) මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකථන 0712063394, 0786016161

2015 දී පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු කිරීම, ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවීම සහ 2022 දී සුසිල් ප්‍රේම් රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කිරීමේ බලපෑම...!

2015 දී පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු කිරීම, ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවීම සහ 2022 දී සුසිල් ප්‍රේම් රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කිරීමේ බලපෑම...! 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජිතයන් පාර්ලිමේන්තු යවන්න ජාතික ලැයිස්තුව අත්කර ගැනීමට විශ්ව වර්ණපාල යොදවාගෙන අවස්ථාවාදීන් කිහිප දෙනෙක් කොළඹ දිසා අධිකරණයේ නඩු දමා වාරණ නියෝග ලබා ගත්තේය. ඒ අවස්ථාවේ සංධානයේ ලේකම්ව සිටි සුසිල් ප්‍රේම් නිහඬව එයට සහාය දී ඡන්දයෙන් පැරදුන අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවට ඇතුල්කර මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේය. මේ නීතිවිරෝධී ක්‍රියාව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන දිසා අධිකරණයට පුද්ගලිකව ඉදිරිපත්වී අභියෝග කළේය. අවසානයේ සුසිල් ප්‍රේම් විසින්ම ඡන්දයෙන් පැරදුන අපේක්ෂකයන් ජාතික ලැයිස්තුවට ඇතුල්කර මැතිවරණ කොමිසමට දැනුම් දීමෙන් පසු එකී නඩුව අවසන් කර ගත් අතර මැතිවරණයෙන් පරාජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කර ගැනීමේ සැළසුම සාර්ථක කරගත්තේය. ඉන් නොනැවතී ඊනියා ජාතික ආණ්ඩුවක්ද පිහිටුවා ඇමති ධූර සංඛ්‍යාව වැඩිකර ගනිමින් ක්‍රියා කළේය.විපක්ෂ නායකත්වයට සම්බන්ධන් පත් වුණේද ඒ අනුවය. සුසිල් ප්‍රේම් පසුගියදා රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත්...