Skip to main content

පොදු ස්ථාන සඳහා එන්නත් කාඩ් අනිවාර්ය කිරීම සහ ආයුර්වේද පනත නොතකා සිටීම අපරාධ වරදක්...

පොදු ස්ථාන සඳහා එන්නත් කාඩ් අනිවාර්ය කිරීම සහ ආයුර්වේද පනත නොතකා සිටීම අපරාධ වරදක්...
ඔබ මූලික අයිතිවාසිකම් නඩුවක් දැමූ විට ඔබගේ අයිතිවාසිකම් අහිමි කළ අය වෙනුවෙන් මුදල් වියදම් කරන්න වෙන්නේත් ඔබටමයි කියා ඔබ දන්නවාද? මූලික අයිතිවාසිකම් නඩුවකදී  ඔබගේ අයිතිවාසිකම් අහිමි කරන අය චූදිතයන් නොවන අතර වගඋත්තරකරුවන් වෙයි. මූලික අයිතිවාසිකම් නඩුවකදී වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටී. නීතිපතිවරයාව නඩත්තු කරන්නේ මහජන මුදලිනි. අවසානයේ වන්නේ ඔබගේ අයිතිවාසිකම් අහිමි කළ අයගේ ආරක්ෂාවට නීතිපතිවරයා පෙනී සිටීමය. ඔබගේ අයිතිවාසිකම් අහිමි කළ අය වෙනුවෙන් අපරාධ නඩුවක් ගොනුකර චූදිතයන් කළ පසු චූදිතයන් වෙනුවෙන් නීතිපතිට පෙනී සිටීමට හැකියාව නොලැබේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එන්න කලින් මූලික අයිතිවාසිකම් නඩු නොපැවති අතර ඒ සමයේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ලද්දේ දණ්ඩ නීති සංග්‍රහයෙ 289, 298 සහ 490 වගන්ති සහ අපරාධ නඩු විධාන සංග්‍රහයෙ 136.1.අ. වගන්තිය. තාමත් ඒ නිති වෙනස්කරල නෑ කියන එක එන්නත අනිවාර්ය කරන්න දගලන කවුරු කවුරුත් දැන ගත්තට කමක් නෑ. පොදු ස්ථාන සඳහා එන්නත් කාඩ් අනිවාර්ය කිරීම අපරාධ වරදක් වන අතර එය දණ්ඩ නීති සංග්‍රහයේ 289, 298 සහ 490 යන වගන්ති සහ ආයුර්වේද පනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වැරදි වේ. ආයුර්වේද පනතෙන් පිහිටුවා ඇති ආයුර්වේද වෛද්‍ය සභාව බලය අභිබවා යාමට 222 අධිකාරය වන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ විධිවිධාන නැත. වසංගත තත්ත්ව පාලනයට ඉතාම සුදුසු වන පනතක් ලංකාවේ ඇති අතර ඒ ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතයි. එසේ තිබියදී 222 අධිකාරය වන නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත ඉදිරියට ගෙන ආයුර්වේද පනත, ආයුර්වේද වෛද්‍ය සභාව හෝ ආයුර්වේද වෛද්‍යවරයන් සහ ආයුර්වේද ප්‍රතිකාර් ගන්නා පුරවැසියන් පාලනය කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ සෞඛ්‍ය ඇමතිවරයා ක්‍රියා කරන්නේ නම් එය පැහැදිලිවම අපරාධ වරදක් වේ. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394 (2022.01.25)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...