Skip to main content

නීතීඥවරුන්ට සහ අධිකරණ භාෂාවට එරෙහි අභියෝග හදුනා ගනිමු... දැනුවත් වෙමු... නිවැරදි කරමු...! 2022 පෙබරවාරි 21 මව් භාෂා දිනය අභිමානයෙන් සමරමු...!

නීතීඥවරුන්ට සහ අධිකරණ භාෂාවට එරෙහි අභියෝග හදුනා ගනිමු... දැනුවත් වෙමු... නිවැරදි කරමු...! 2022 පෙබරවාරි 21 මව් භාෂා දිනය අභිමානයෙන් සමරමු...!
නීතීඥවරුන්ට අධිකරණ භාෂාවෙන් නොවන භාෂාවකින් ඇගයීම් සිදුකරමින් විදෙස් නීති ආයතන අයුතු ලෙස ධනවත් කිරීමට ගන්නා උත්සාහය පරදවමු...! "සංස්ථාගත නීති අධ්‍යයන සභාවේ අධිකරණ භාෂා විරෝධය පාලනය කරමු...! 2020.12.30 දිනැති අංක 2208/13 අතිවිශේෂ ගැසට්ටුවේ අධිකරණ භාෂා තහනම නිවැරදි කරමු...! භාෂාව මත වෙනස්කම් කරන ඇගයීම් ක්‍රම හඳුන්වා දී නිදහස් අධ්‍යාපනයේ නීතීඥවරුන්, නීතීඥ වෘත්තියෙන් ඉවත් කිරීමට ක්‍රියා කරයිනම් එයට එරෙහිව ක්‍රියා කළ යුත්තේ ඇයි? 1) 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව අධිකරණ ඇමතිවරයා ලෙස පත්වී සිටින ජනාධිපති නීතීඥ අලි සබ්‍රි සහ ජනාධිපති නීති විශාරදයන් කිහිප දෙනෙකු ඉංග්‍රීසි භාෂාව අවභාව්ත කරමින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් විදෙස් රටවල අන්තවාදී නීති රටට ගෙන ඒමට ගත් උත්සාහය සිංහල භාෂාවෙන් නීති තර්ක ඉදිරිපත් කර පරාජය කිරීමට හැකි වීම ප්‍රසිද්ධ කරුණකි. ( SC/SD/24/2021 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ඇති 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ 1387-1449 දක්වා පිටුවල ඇත) 2) සිංහල භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය අමතා නඩු ජයගත නොහැකිය යන තර්කය නීතිය නොදන්නවුන්ගේ බලය රැක ගැනීමට කරන තර්කයක් බවට මේ වනවිට පත් වී ඇත. 3)  ඉංග්‍රීසියෙන් කරුණු ඉදිරිපත් කරමින් ගෙනෙන වැරදි නීති තර්ක සිංහල භාෂාවෙන් නිවැරදි නීති තර්ක ගෙනවිත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පවා පැරදවිය හැකි බව මේ වන විට නිදහස් අධ්‍යාපනය ලැබූ නීතීඥයන් තහවුරු කර ඇත. 4) එවන් තත්ත්වයක් තුළ නීතිඥවරුන්ට ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට අගවිනිසුරු, අධිකරණ අමාත්‍යාංශය සහ නීතීඥ සංගමයේ කිහිප දෙනෙකු තීරණය කරන්නේ නම් එයට එකග විය නොහැක්කේ නිදහස් අධ්‍යාපනය ලබා ඇති නීතීඥවරු විදෙස් නීති අධ්‍යාපන ආයතනවල සහ පෞද්ගලික නීති ආයතනවල යැපෙන්නන් බවට ඉන් පත් කරන නිසා පමණක් නොවේ. 5) සෑම නීතීඥවරයෙකුම වසර 3කට වරක් අතිරේක නීති විභාගයකට පෙනී සිටිය යුතු බවට අදහසක් අධිකරණ අමාත්‍යාශය විසින් යෝජනා කර ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි අධිකරණ භාෂාවෙන් පවත්වන විභාගයක් මිස අධිකරණ භාෂාවක් නොවන ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභාගයක් නොවිය යුතු වන්නේ මේ වනවිට 2020.12.30 දිනැති අංක 2208/13 අතිවිශේෂ ගැසට්ටුව මගින් අධිකරණ භාෂාවෙන් නීති ශිෂ්‍යන්ට විභාග පැවැත්වීම වළක්වා ඇති හෙයිනි. 6) අධිකරණ භාෂාව නොවන භාෂාවකින් නීතිඥවරුන්ට සහ නීති ශිෂ්‍යයන්ට විභාගයකට පෙනී සිටීමට යමෙක් නියම කරයි නම් එවැනි අය නිවැරදි නොවන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියම කර ඇති අධිකරණ භාෂාවට එරෙහිව කරන වැරදි පෙළඹවීමක් වනවා මෙන්ම විදෙස් නීති උපාධි ආයතන අයුතු ලෙස ධනවත් කරවීමක්ද වේ. 7) ඉංග්‍රීසි භාෂාවෙන් නීති තර්ක ගෙනෙන අයව සිංහලෙන් නීති තර්ක ගෙනවිත් පරජය කිරීමට සමත් නීතීඥවරු නිදහස් අධ්‍යාපනය ලැබූවන් අතරින් බිහිවී සිටියදී නීතීඥවරුන්ට හෝ නීති ශිෂ්‍යයන්ට ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් විභාග පැවැත්වීම සාධාරණ නොවනවා මෙන්ම යුක්තියටද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා විධිවිධානයටද, නීතිගරුක සමාජයක් බිහිකිරීමටද, තිරසර සංවර්ධනයටද පටහැනි තත්වයක් වේ. 8) භාෂාව මත වෙනස්කම් සිදුකර අධිකරණ භාෂාවෙන් නොවන භාෂාවකින් ඇගයීම් පවත්වා නීතීඥවරුන් නීතීඥ වෘත්තියෙන් ඉවත් කිරීමට ක්‍රියා කරයිනම් එයට එරෙහිව අඛණ්ඩව ජනතාව දැනුවත් කරන ක්‍රියාමාර්ග ගැනීම සමාජ වගකීමක් මෙන්ම යුතුකමක් වන්නේ මෙයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම ඵලදායක නොවන හෙයිනි. 9) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අධිකරණ භාෂා විධිවිධානය ආරක්ෂා කරන ලෙසත් අගවිනිසුරු, අධිකරණ අමාත්‍යාංශය, නීතිපති ඇතුලු සංස්ථාගත නීති අධ්‍යයන සභාවේ සහ ජනාධිපති නීති විශාරදයන් කිහිප දෙනෙකුගේ  අධිකරණ භාෂා විරෝධය පාලනය කරන ලෙසත් ජනාධිපති ඇතුලු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිම නීතිගරුක පුරවැසියන්ගේ යුතුකමකි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීති ග්‍රන්ථ කර්තෘ, සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන දුරකථන 0712063394 (2022.02.15)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...