Skip to main content

Posts

19න් පත් වී නීතිවිරෝධීව සිටි අධිකරණ ඇමති 20න් නීත්‍යානුකූල අධිකරණ ඇමති වීමේ "කැකිල්ලේ නාටකය" මෙන්න....

19න් පත් වූ ඇමතිලාට 20න්ද දිගටම ඇමතිලා වීමට අන්තර්කාලීන විධිවිධානයක් (Transitional Provision) 20 නොමැති බව පසුව දැනගත් "කැකිල්ලේ ඇමති" කවුද? 19න් පත් වී නීතිවිරෝධීව සිටි අධිකරණ ඇමති 20න් නීත්‍යානුකූල අධිකරණ ඇමති වීමේ "කැකිල්ලේ නාටකය" මෙන්න.... (අධිකරණ ඇමති ඉල්ලා අස්වී නැවත අධිකරණ ඇමති ලෙසම පත් වීමෙන් නීති විරෝධීව අධිකරණ ඇමති ලෙස ධූර දැරීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැරැද්ද නිවැරදි කිරීමට හැකිද?) මෙම කැකිල්ලේ නාටකයෙන් නීතිමය අර්බුදයකට යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාවත් මිස අධිකරණ ඇමති නොවේ.. පසුගියදා ඉල්ලා අස්වුණේ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාව යටතේ පත් නොවූ නීතිවිරෝධී ඇමති මණ්ඩලයකි. (2022.04.07) http://neethiyalk.blogspot.com/2022/04/20-53.html?m=1 "20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2020 ඔක්තෝබර් 29 දින කතානායක සහතිකය යොදා ක්‍රියාත්මක වීමෙන් පසු අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් පත් කර තිබුණේ නැත. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 2020 අගෝස්තු 12 දින පත් කර සිටි අගමැති...

ජනාධිපති ධූරය අත් හැර ගියොත් ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙනවද? නැද්ද? ජනාධිපති ධූරය අත්හැරියොත් ඉන්පසු වෙනදේ සහ නොවෙනදේ බලා ඉන්න ආසයි...

ජනාධිපති ධූරය අත් හැර ගියොත් ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙනවද? නැද්ද? ජනාධිපති ධූරය අත්හැරියොත් ඉන්පසු වෙනදේ සහ නොවෙනදේ බලා ඉන්න ආසයි... 1) තෙල්, ගෑස් පෝලින්....විදුලිය කප්පාදුව නතර වීම සහ බඩු මිල අඩුවීම. 2) රටට ඩොලර් ගැලීම වේගවත් වීම. 3) බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවීම සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය රාජ්‍යයේ ප්‍රධානියා විසින් දැරීම. 4) රාජ්‍ය දේපල සහ ආයතන විකිණීම, බදු දීම නැවතීම. 5) නීතියේ පාලනය තහවුරු වීම. 6)බලවතා විසින් දුබලයා පෙළීම නතර වීම. 7) 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි වීම. 8) ඒකීය යන්න ස්ථාවර වී ෆෙඩරල්, සන්ධීය යන්න සාකච්ඡාවට නොගැනීම. 9) දේශීය නිෂ්පාදන ආර්ථිකය වර්ධනය වීම. 10)නීතිය සිංහල භාෂාවෙන් ඉගෙනීමට නැවත අවස්ථාව ලැබීම..(2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයෙන් අධිකරණ අමාත්‍යංශයේ මූලිකත්වයෙන් නීති අධ්‍යාපනය සිංහල භාෂාවෙන් ලබා දීම තහනම් කර ඇත) ජනාධිපතිවරයා ධූරය අත් හැරීයොත් ඉන්පසු ඉහත කාරණා සි‍ඳුවෙනවාද? නැද්ද?යන්න බලා ඉන්න ආසයි. ෆීනික්ස් නීති සාර සංග්‍රහය 2022 අප්‍රේල් දිගහැරුම වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712...

තෙල්, ගෑස් පෝලිම් සහ විදුලිය කප්පාදුව ඇතුලු මහජන ප්‍රශ්න උග්‍ර කළේ..(කරුණු 9ක්).

තෙල්, ගෑස් පෝලිම් සහ විදුලිය ක ප්පාදුව ඇතුලු මහජන ප්‍රශ්න උග්‍ර කළේ... 1. රජයේ දේපල සහ ආයතන විකුණුවාට / උකස් කළාට කමක් නැත. 2. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති කළාට කමක් නැත. 3. සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම නතර කළාට කමක් නැත. 4. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ලබා නොදුන්නාට කමක් නැත. 5. ඒකිය ඉවත් කර එක්සත් හෝ සන්ධීය රාජ්‍යයක් වුණාට කමක් නැත. 6. ජනමතවිචාරණ ඡන්ද බලය ජනතාවගෙන් අහිමි කළාට කමක් නැත. 7.ජනාධිපතිවරණ ඡන්ද බලය ජනතාවගෙන් අහිමි කළාට කමක් නැත. 8. ජාතික ගීය ඉංග්‍රීසියෙන් ගායනා කළාට කමක් නැත. 9. රට නැවත සෝල්බරි ව්‍යවස්ථා ආකෘතියට ගෙන ගියාට කමක් නැත කියා ජනතාවගෙන් කියවාගෙන ගෙන තෙල්, ගෑස් පෝලිම්, විදුලිය කප්පාදුව ඇතුලු මහජන ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමටද? ෆීනික්ස් නීති සාර සංග්‍රහය 2022 අප්‍රේල් දිගහැරුම වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0712063394

"Gotagogama" තරුණ පරපුර අසමත් නොවීමටනම් "ගෘන්නෝම"/ Grundnorm  නීති මූලධර්මය ගැන දැනගත යුත්තේ ඇයි?

"Gotagogama" තරුණ පරපුර අසමත් නොවීමටනම් "ගෘන්නෝම"/ Grundnorm නීති මූලධර්මය ගැන දැනගත යුත්තේ ඇයි? මහජන ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් (People's National Constitution) කෙටුම්පත් කිරීම මේ දක්වා "Gotagogama" තරුණ පරපුර ආරම්භ කර නොතිබීම නීතිය නොදැනීම පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. එය රටේ ජනතාවගේ නෛතික නිදහස පිළිබඳ මූලික ප්‍රශ්නයකි. ගෘන්නෝම"/ Grundnorm නීති මූලධර්මය ගැන අවබෝධයක් නැතිකම පිළිබඳ ප්‍රශ්නයකි. "The People's Constitution should be drafted and presented to the people according to the Grundnorm principle before or after the president Gotabhaya is sent home. If not a dictatorship may arise." "ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යැවීමට පෙර හෝ පසූව මහජන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කර ජනතාව හමුවේ තැබීම ගෘන්නෝම මූලධර්මය අනුව සිදුවිය යුතුයි. එසේ නොවුණහොත් ඒකාධිපති පාලනයක් බිහි වනු ඇත." වැද්දා වටුකූරුල්ලන්ට දැල දැමූ පසු වටුකුරුල්ලන් ඉන් මිදුන ආකාරය ලස්සන සිත් ඇදගන්නා බෞද්ධ කතාවක් පමණක් නොවේ. ඉන් ඉගෙනිය හැකි පාඩම් බොහෝය. පළමු වැ...

අමාත්‍යවරු පත් කළ අවස්ථාවේ ජනාධිපතිවරයා, ජනතාව වෙතින් කළ ඉල්ලීමට නීතීඥවරයෙකු පිළිතුරු සහ යෝජනා බාර දෙයි.... නීතිපතිවරයාටත් පිටපත් යොමු කරයි...

අමාත්‍යවරු පත් කළ අවස්ථාවේ ජනාධිපතිවරයා, ජනතාව වෙතින් කළ ඉල්ලීමට නීතීඥවරයෙකු පිළිතුරු සහ යෝජනා බාර දෙයි.... නීතිපතිවරයාටත් පිටපත් යොමු කරයි... (මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන) ආහාර ස්ථාවරත්වය සියලු ස්ථාවරත්වයන් අභිබවා යන බව එම ලිපියෙන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. රජයේ සහ පුද්ගලික හිස් ඉඩම් වල පළතුරු, එලවළු, ඖෂධ වගා කිරීමට වසර 2ක (තාවකාලික) බලපත්‍ර ලක්ෂයක් ලබා දී (කෙසෙල්, අන්නාසි, පැපොල්, පේර, එළවළු, මුං, කහ, ඉගුරු, රටකජු, අලවර්ග, කෝමාරිකා, ......)  "ලක්ෂයක සූර්ය නිෂ්පාදන ස්වෙච්ඡා ශ්‍රම බලකායක්" ගොඩ නගන ලෙස එමගින් ඉල්ලා ඇත. එම ලිපිය මෙහි දැක්වේ. (2022.04.20)

ජනාධිපතිතුමා අද (2022.04.18) දින කළ ඉල්ලීමට නීතීඥවරයෙකුගෙන් පිළිතුරු සහ යෝජනා..... උත්තර හොයමු...හිරු එළියෙන් ඩොලර්, රත්තරන් ලබමු... "ලක්ෂයක සූර්ය නිෂ්පාදන ස්වෙච්ඡා ශ්‍රම බලකායක්" ගොඩ නගමු.

ජනාධිපතිතුමා අද (2022.04.18) දින කළ ඉල්ලීමට නීතීඥවරයෙකුගෙන් පිළිතුරු සහ යෝජනා..... උත්තර හොයමු...හිරු එළියෙන් ඩොලර්, රත්තරන් ලබමු... "ලක්ෂයක සූර්ය නිෂ්පාදන ස්වෙච්ඡා ශ්‍රම බලකායක්" ගොඩ නගමු. හිරු එළිය (එළවළු, පළතුරු, ඖෂධ) අපනයනය කර ඩොලර් උපයමු...! ආහාර ස්ථාවරත්වය සියලු ස්ථාවරත්වයන් අභිබවා යයි...! රජයේ සහ පුද්ගලික හිස් ඉඩම් වල පළතුරු, එලවළු, ඖෂධ වගා කිරීමට වසර 2ක (තාවකාලික) බලපත්‍ර ලක්ෂයක් ලබා දී (කෙසෙල්, අන්නාසි, පැපොල්, පේර, එළවළු, මුං, කහ, ඉගුරු, රටකජු, අලවර්ග, කෝමාරිකා, ......)  "ලක්ෂයක සූර්ය නිෂ්පාදන ස්වෙච්ඡා ශ්‍රම බලකායක්" ගොඩ නගමු. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col),  සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන 0342256066, 0342256067, 0712063394 (2022.04.18)

"ශ්‍රී" අකුරට තාර ගෑම සහ ජාතික ගීය ඉංග්‍රීසියෙන් පමණක් ගායනා කිරීමට මාර්ගය තනා ගැනීම, ඒකීය එක්සත් කිරීම, බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීම.....!

"ශ්‍රී" අකුරට තාර ගෑම සහ ජාතික ගීය ඉංග්‍රීසියෙන් පමණක් ගායනා කිරීමට මාර්ගය තනා ගැනීම, ඒකීය එක්සත් කිරීම, බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීම.....! එදා වාහන අංකවල තිබූ ' ශ්‍රී' අකුරට තාර ගෑවේ සිංහලත් ඉවත්කර, දෙමළත් ඉවත්කර ඉංග්‍රීසි අකුරු එකතු කිරීමට බව වැටහුනේ නැත.නමුත් සිදුවුණේ එයයි. අද ජාතික ගීය දෙමළෙන් ගයන්නේ සංහිඳියාවට ආවරණය වී ඉංග්‍රීසියෙන් පමණක් ජාතික ගීය ගැයීමේ පොදු එකඟතාවයකට පැමිණීමට බව වැටහෙන්නේ නැත. ඒත් සිඳුවන්නේ එයයි. නිරාගමිකයි කියන්නේ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය අහිමි කිරීම බව වැටහෙන්නේ නැත. ඒත් සිඳුවන්නේ එයයි. සහජීවනය කියමින් "ඒකීය" රට "එක්සත්" රට කිරීම වැටහෙන්නේ නැත.ඒත් සිඳුවන්නේ එයයි. ජාතික ගීය ගයන භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු ලබා දීම යටත් විජිත තත්ත්වයෙන් මිදුන රටවල ලක්ෂණයක් බව සංහිඳියාවාදීන්ට, නිරාගමිකයන්ට, සහජීවනකරුවන්ට තේරුණද ඩොලර්වලට සහ ණය මුදලට එය යටවන බව වැටහෙන්නේ නැත. නමුත් සිදුවන්නේ එයයි. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col),  සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. දුරකථන ...