ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතෙන් 13 සහ පළාත් සභා පිහිටුවා ඇති බව 22 සංශෝධනයේදී යටපත් කිරීම ෆෙඩරල් උගුලක්ද/ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳ දැමීමක්ද?
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතෙන් 13 සහ පළාත් සභා පිහිටුවා ඇති බව 22 සංශෝධනයේදී යටපත් කිරීම ෆෙඩරල් උගුලක්ද/ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳ දැමීමක්ද? 1. විනිසුරු ධූර කාලය සහ විනිසුරු සංඛ්‍යාව වැඩි කරන නීති සංශෝධන 2026.08.18 දින අධිකරණ විෂය භාර ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට පළමුවර කියවා ඉදිරිපත් කර ඇත. 2 . මෙම නීති සංශොධන පිළිබඳව සමාජයේ පෙර දක්නට නොලැබූ සමාජ කතිකාවක් දක්නට ඇත. 3. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීත්‍යානුකූල පිටපත සහ එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පිටපතේ භාෂා වෙනස්කම් කිහිපයක් පවතින අතර, එක් වෙනස්කමක් වන 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සහ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය අතර ඇති වෙනස නිවැරදි කරන ලෙස 2025.08.11 දින මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ජනාධිපති ලේකම් වෙත දැනුම් දී ඇත. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2. සහ 62.2 ව්‍යවස්ථා සංශෝධනය කිරීමට (එනම් ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6ට අඩු සහ වැඩි කිරීමට) ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතියද ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80වන ව්‍යවස්ථාව අනුව ජන...