"දිවයින" 2026.08.25 පිටුව 09..."22ට එරෙහිව තවත් පෙත්සමක්.(ඒ.ජේ.ඒ.අබේනායක) (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරස්පරතා ඇති ව්‍යවස්ථා 3ක්....!)
"දිවයින" 2026.08.25 පිටුව 09..."22ට එරෙහිව තවත් පෙත්සමක්.(ඒ.ජේ.ඒ.අබේනායක) (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරස්පරතා ඇති ව්‍යවස්ථා 3ක්....!)
22 එරෙහි තවත් පෙත්සමක්
ඒ. ජේ. ඒ. අබේනායක
අධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වසර දෙකකින් වැඩි කිරීම සඳහා අධිකරණ විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්
කෙටුම්පත සම්මත කිරීම ජනමත විචාරණයක් මගින් සිදු කළ යුතු බවට නිගමනය කරනා ලෙස ඉල්ලා නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවට අනුකූලව 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවස්ථාවේ දී නීතිඥවරුන්
ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු නොදැක්වීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83. (ආ) 30.2, 62.2 ව්‍යවස්ථාවල පවතින පරස්පරතා වලට හේතුව වී ඇති බැවින් පෙර කී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සඳහා ජනමත
විචාරණයක් පැවැත්විය යුතු බව පෙත්සම්කාර නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවට ගැළපෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා පිටපතේ 83 B ඡේදය නිවැරදි කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයා දැනුවත් කර ඇති බවත් එයට අදාළ ලේඛන
ශ්‍රේෂ්ඨාධිකරණට ඉදිරිපත් කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පෙන්වා දී තිබේ.
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) 30.2 හා 62.2 ව්‍යවස්ථාවල පරස්පරතා පවතින බවත් එයට හේතුව වී ඇත්තේ 2015 වසරේ දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවස්ථාවේදී නීතිඥවරුන් විසින් නිසියාකාරව කරුණු නොදැක්වීම බවත් සිය පෙත්සම මගින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.
එබැවින් අධිකරණ විෂය භාර අමාත්‍යවරයා විසින් 2026.08.18 වන දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළු කර පළමු වරට කියවන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 1,2,3,6
,7,8,9,10,11,23,30(2),62(2) සහ 83 (අ) ව්‍යවස්ථාවලට අනුකූල බවත් ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවට අනුව 2/3 ඡන්ද සංඛ්‍යාවකින් සහ ජනමත
විචාරණයක් මගින් ජනතාව අනුමත කිරීමෙන් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 වන අනුව ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කර ඇත්නම් මිස නීතියක් නොවන බවට තීරණය කරන ලෙස ද එම පෙත්සම මගින් නීතීඥවරයා ඉල්ලා තිබේ.
එම විශේෂ
පෙත්සමේ පිටපත් පාර්ලිමේන්ත කථානායකවරයා හා නීතිපතිවරයා වෙත යැවීමට ද පෙත්සම්කාර නීතිඥවරයා පියවර ගෙන තිබේ.
(දිවයින 2026.08.25- පිටුව 09)

Comments
Post a Comment