Skip to main content

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පළකර නැති පාර්ලිමේන්තුව විසින් මුද්‍රණය කිරීමට නියම කර ඇති බව මුහුණතේ නොදැක්වෙන පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාවට අයත් ද?

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ පළකර නැති පාර්ලිමේන්තුව විසින් මුද්‍රණය කිරීමට නියම කර ඇති බව මුහුණතේ නොදැක්වෙන පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාවට අයත් ද?
පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් නොකළ නමුත් ගැසට් පත්‍රයේ පමණක් පළ කරන ලද පනත් කෙටුම්පතකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය සෘජුවම පරීක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය තිබේද යන්නත්, කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය පිරිනමා ඇත්තේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති සහ ඒ අනුව පාර්ලිමේන්තුව විසින් මුද්‍රණය කිරීමට නියම කර ඇති පනත් කෙටුම්පතක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පරීක්ෂා කිරීමට බවත්, 2026.08.18 දින සවස 2 සිට 6 දක්වා කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදී නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා පැවසීය. ඒ අනුව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර නැති එසේම පාර්ලිමේන්තුව විසින් මුද්‍රණය කිරීමට නියම කර ඇති බවට පනත් කෙටුම්පතේ මුහුණතේ නොදැක්වෙන නමුත් හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළ කර ඇති පනත් කෙටුම්පතක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පරීක්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ බලය පිරිනමා නැති බවද නීතීඥ අරුණ ලක්සිරි මහතා වැඩි දුරටත් පැහැදිලි කරනු ලැබීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය, 30.2 සහ 62.2 අනුව්‍යවස්ථා එකිනෙක පරටහැනිව සහ පරස්පරව පවතින බවත් ඒ ව්‍යවස්ථා සඳහා කතානායකවරුන් 2කු සහතිකය යොදා ඇති බවත් එවැනි අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ පවතින ව්‍යවස්ථා අතර ගැටීමක් ඇතිවීම මතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවලට පටහැනි සහ පරස්පර වීමෙන් ඕනෑම පනත් කෙටුම්පතක් නීතියක් වන්නේ ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමත කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ සහතිකය සටහන් කිරීමෙන් පසුව බවත් නීතීඥ අරුණ ලක්සිරි මහතා පෙන්වා දුන්නේය. මේ අවස්ථාවට නීතීඥවරුන් ඇතුළු පුරවැසියන්, මාධ්‍යවේදීන් සහභාගී වී සිටි අතර නීතීඥ අජිත් බන්දුල මහතා විසින් මියුරු තබ්ලා වාදනයකින්ද නීති අධ්‍යාපන වැඩසටහන රසවත් කරන ලදී. මෙම නීති අධ්‍යාපන වැඩසටහන වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන යටතේ පවත්වන ලද 36 වන නීති අධ්‍යාපන වැඩසටහන වෙයි. https://youtube.com/shorts/eLMtK7X5gn4?si=AjaoDBG1IjLS84FE සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2026.08.18)

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...