ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතෙන් 13 සහ පළාත් සභා පිහිටුවා ඇති බව 22 සංශෝධනයේදී යටපත් කිරීම ෆෙඩරල් උගුලක්ද/ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳ දැමීමක්ද?
ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතෙන් 13 සහ පළාත් සභා පිහිටුවා ඇති බව 22 සංශෝධනයේදී යටපත් කිරීම ෆෙඩරල් උගුලක්ද/ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳ දැමීමක්ද?
1. විනිසුරු ධූර කාලය සහ විනිසුරු සංඛ්‍යාව වැඩි කරන නීති සංශෝධන 2026.08.18 දින අධිකරණ විෂය භාර ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට පළමුවර කියවා ඉදිරිපත් කර ඇත.
2 . මෙම නීති සංශොධන පිළිබඳව සමාජයේ පෙර දක්නට නොලැබූ සමාජ කතිකාවක් දක්නට ඇත.
3. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීත්‍යානුකූල පිටපත සහ එහි ඉංග්‍රීසි භාෂාවෙන් ඇති පිටපතේ භාෂා වෙනස්කම් කිහිපයක් පවතින අතර, එක් වෙනස්කමක් වන 83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සහ 83 වන ව්‍යවස්ථාවේ (b) ඡේදය අතර ඇති වෙනස නිවැරදි කරන ලෙස 2025.08.11 දින මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ජනාධිපති ලේකම් වෙත දැනුම් දී ඇත.
4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30.2. සහ 62.2 ව්‍යවස්ථා සංශෝධනය කිරීමට (එනම් ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය වසර 6ට අඩු සහ වැඩි කිරීමට) ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතියද ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ සහතිකයද අවශ්‍ය වෙයි. ( ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ මෙය දැක්වෙන්නේ 30.2 සහ 62.2 ව්‍යවස්ථා ( ජනාධිපති ධූර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය) සංශෝධනය කරනු ලබන්නේ වසර 6කට වඩා වැඩි කිරීමට පමණක් නම් එවිට ජනමතවිචාරණයක් මගින් ජනතාවගේ අනුමැතියද ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80වන ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ සහතිකයද අවශ්‍ය බවයි.)
5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාවේ සන්දර්භය සැළකීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ඉංග්‍රීසි භාෂා පිටපතේ පවතින වෙනස තීරණාත්මක බලපෑමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලදී සිදුකර ඇති අතර අධිකරණයට කරුණු ඉදිරිපත් කරන නීතීඥවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැරදි ඉංග්‍රීසි පිටපතේ 83 (b) ඡේදය මගින් කරුණු දැක්වීම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන කෙටුම්පත් අවස්ථාවේදීද, 2015 දී ඉදිරිපත් වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් අවස්ථාවේදීද සිදුකරමින් වරදක් කර ඇති අතර එය ව්‍යවස්ථා වංචාවක් බවටද පත් වෙමින් වංචාවෙන් කරන දේ එනයින්ම බලරහිතවන ( Fraud omnia vitiate - fraus omnia vitiat - fraud vitiates everything) නීති සිද්ධාන්තය අදාල වන නෛතික තත්ත්වයක් මතු වෙයි.
6. ඒ අනුව 19වන සහ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යනු නිවැරදි නීති මූලාශ්‍ර (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් නොකර ලබාගත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ මත පදනම් වී කරන ලද ක්‍රියාකාරකම් වන අතර එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80 වන ව්‍යවස්ථාව අනුව නීති ලෙස සැළකිය හැකිද යන්න 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමට හෝ නොකිරීමට ඉඩ ඇත.
7. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ එහි ඉංග්‍රීසි භාෂා පිටපතේ ඇති මෙම වෙනස්කම් හේතුවෙන් මතු වන බැරෑරුම් නෛතික කරුණු 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධන කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වන පෙත්සම් අනුව විසදෙනු ඇති අතර ඒ අනුව ඉංග්‍රීසි භාෂාවෙන් ඇති වැරදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පිහිටුවා තිබේද සහ එය ෆෙඩරල් උගුලක්ද සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳ දැමීමක්ද යන්නද ජනතාව තේරුම් ගනු ඇත.
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394 (2026.08.25)

Comments
Post a Comment