Skip to main content

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බැදුම්කර වාර්තාව සිංහලෙන් අවශ්‍ය නැතත් ජනතාවට අවශ්‍යයි...!

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන 
- මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන - (2018.03.29)
විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com

ඉංදියාවද ලංකාව මෙන්ම බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් ව තිබුණි. ඒ නිසාමදෝ ඉංදීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිංදි භාෂාවට අධිකරණයේ නීතිමය පිළිගැනීම ලබා දී නැත. ඒ අනුව ඉංදියාවේ සෑම තැනැත්තෙකුටම තමාගේ නඩුවට තමාට පෙනී සිටීමේ අයිතිය අහිමිකර ඇති අතර ඉංග්‍රීසි දැන ගැනීම ඉංදියාවේ යුක්තිය ඉටු කර ගැනීමේදී අවශ්‍යම වේ. නමුත් ලංකාවේ එසේ නොවේ. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 සහ 24.2 ව්‍යවස්ථා මගින් ලැබී ඇති ආරක්ෂාව හේතුවෙන් ලංකාවේ ජීවත්වන සෑම පුරවැසියකුගේම අයිතිවාසිකම් ආරක්ෂා කරදී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 සහ 24.2 ව්‍යවස්ථා මගින් ලැබී ඇති ආරක්ෂාව අහිමිකරවන ක්‍රියාදායකින් තොරව ලංකාව අනාරක්ෂිත සහ මව් භාෂාවට නීතිමය පිළිගැනීම අහිමි කළ රාජ්‍යයක් බවට පත් කිරීමට හැකියාවක් නැත.

මෙම අධ්‍යයන පත්‍රිකාව එළිදකින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.2 ව්‍යවස්ථා මගින් ලැබී අති පොදුජන අයිතය වෙනුවෙනි. එහිදී පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ බැදුම්කර වාර්තාව සිංහලෙන් නැතිව පවත්වන පාර්ලිමේන්තු විවාදයක් ඵලදායකද? එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ ජනතාවගේ තොරතුre දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කිරීමක්ද? යන්න මනසින් වටහා ගැනීමට මෙය උදව් වනු ඇත.

මෙහි පහත දැක්වෙන්නේ බැදුම්කර වාර්තාව සිංහල භාෂාවෙන් නොමැතිව වුවත් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ ආකාරයයි.

Comments

  1. ඉංදියාට මිනිස්සුන්ට වඩා ලංකාවේ ජනතාව ඒ අතින් ඉදිරියෙන් ඉන්නව

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය