Skip to main content

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනතාවට ලබාදුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ජනතාවගෙන් උදුරාගත් 19යේ කුමන්ත්‍රණකරුවන්ට සහ එයට සහාය දෙන අයට තරාතිරම නොබලා දඩුවම් කර නීතියේ පාලනය සුරකිමු...!


ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනතාවට ලබාදුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ජනතාවගෙන් උදුරාගත් 19යේ කුමන්ත්‍රණකරුවන්ට සහ එයට සහාය දෙන අයට තරාතිරම නොබලා දඩුවම් කර නීතියේ පාලනය සුරකිමු...!


2002 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල්වරට ගෙනවිත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තු විසිරුවීම ජනාධිපතිවරයාට සීමා කිරීමට උත්සාහ කළද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙකු විසින් ඒකමතිකව කියා සිටියේ වසරකට පසු පාර්ලිමේන්තු විසිරුවීම ජනාධිපතිවරයාට සීමාකිරීම කරන්නේනම් ඒ  සදහා ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බවයි...!

ඒ පිලිබද යම් අයෙකුට සැකයක් පවතීනම් අධිකරණ අමාත්‍යාංශය පවත්වාගෙන යන lawnet වෙබ් අඩවියේ පහත සැබැදියේ ඇති එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියවීමෙන් සැකය නිරාකරණය කර ගත හැකිය.

https://www.lawnet.gov.lk/2002/12/31/in-re-the-nineteenth-amendment-to-the-constitution/

ඉහත වෙබ් සබැදියෙන් 2002 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කර වසරකට පසු පාර්ලිමේන්තු විසිරුවීම ජනාධිපතිවරයාට සීමා කිරීමට උත්සාහ කළද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙකු විසින් ඒකමතිකව කියා සිටියේ ඒ සදහා ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බවයි..

(ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ අවසන් පිටුව ඔබේ පහසුව සදහා පහත දක්වා ඇත.

2)    Clauses  2,  3,  4  and  5  contain  provisions  inconsistent  withArticle  3  read  together  with  relevant  provisions  of  Article  4and as such  have to be passed by a special majority requiredunder  the  provisions  of  Article  84  (2)  and  approved  by  thePeople  at  a  Referendum.
(3)    The  inconsistency  with  Article  3  read  with  the  relevantprovisions  of  Article  4  would  cease  if  clauses  2,  3,  4  and5 are deleted and substituted with an appropriate amendmentto proviso  (a)  to Article 70 (1) of the Constitution by removingthe  period  of  one  year  in  the  proviso  and  substituting  thatwith  a  period  not  exceeding  three  years.
SARATH  N.  SILVA,  CJ.
S.  W.  B.  WADUGODAPITIYA,  J.
DR.  SHIRANI  A.  BANDARANAYAKE,  J.
A.  ISMAIL,  J.
P.  EDUSSURIYA,  J.
H.  S.  YAPA,  J.
J.  A.  N.  DE  SILVA,  J.
Nineteenth Amendment to the Constitution unconstitutional and requiresto  be passed by  the  special majority and approved by the  peopleat a  referendum  subject  to  item  3  of the  determination.)

එසේ තිබියදී එකී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය උල්ලංඝනය කරමින්  70 ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරුවීමෙන් ජනාධිපතිවරයා වළක්වන ලෙස 79 සහ 80 ව්‍යවස්ථාවලට පටහැනිව විශේෂයෙන් ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7දෙනාගේ ඒකමතික තීරණය උල්ලංඝනය කරමින් 2015දී කථානායකවරයා
19යට සහතිකය යෙදුවේ කෙසේද?

2002 දී 19යට ඉංග්‍රීසියෙන් ලබාදුන් එකී තීරණය 2015 සිටි කථානායකවරයාට තේරුම් ගැනීමට නොහැකිව එසේ සහතිකය යෙදුවා විය නොහැකි අතර මෙය ඉංග්‍රීසියෙන් කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මෙන්ම  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනතාවට ලබාදුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය කිහිප දෙනෙකු විසින් ජනතාවගෙන් උදුරා ගැනීමක්ද වෙයි.

අවශ්‍යනම් ඕනෑම අයෙකුට ඉහත දැක්වෙන 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ ඉංග්‍රීසියෙන් ඇති එම කොටස් සිංහල භාෂාවෙන් පරිවර්තනය කර කියවිය හැකි අතර,
දැන් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානායකවරයාගේ සහතිකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ලබා ගත් කුමන්ත්‍රණකාරන්ට, එකී කුමන්ත්‍රණය යට ගැසූ අයට තරාතිරම නොබලා දඩුවම් කිරීම සහ ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සහ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව අවශ්‍ය ඉදිරි පියවර ජනාධිපතිවරයා විසින් ගැනීමය.

නොඑසේ නම් ශ්‍රී ලංකාවේ ඒකීයබව, බුද්ධාගමට ඇති ප්‍රමුඛත්වය මේ ආකාරයටම ජනමත විචාරණයකට නොගොස් අහිමි කිරීමට මෙය පූර්වාදර්ශයක් කර ගැනීමට මේ කුමන්ත්‍රණකාරීන් ක්‍රියා කරනු ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 නොවැම්බර් මස 09 වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළව නිකුත් කළ
ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවලදී මෙන්ම,
2015 මාර්තු මස 13 වන දින ගැසට් පත‍්‍රයේ 11 වන කොටස අතිරේකය (2015.03.16 දින නිකුත් කරන ලද) 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතට අදාල ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේදීද ඉහත 2002දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය සළකා බලා නැතිබව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තවමත් පනත් කෙටුම්පතක් පමණක් බවට සමාජයේ කතිකාවක් ඇති කරන ලේඛකයන්ගේ සහ විද්වතුන්ගේ අදහසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය 2002දී ජනතාවට ලබාදුන් ජනමතවිචාරණය ඡන්ද අයිතිය ජනාධිපතිවරයා විසින් මේ දක්වා ජනතාවට ලබා දී නැත. 

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය අහිමිකිරීම  ප්‍රජාතන්ත්‍රවාදයේ  බිදවැටීමටද හේතුවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2002 දී ලබා දුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ආරක්ෂා කරදීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සෑම දෙනාගේම වගකීම සහ යුතුකම වන අතර, විධායකයේත්, ව්‍යවස්ථාදායකයේත් සහ අධිකරණයේත් අත්හල නොහැකි වගකීමකි.

ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය තිබේද? යන්න බලා සිටිමු....!

(2020.05.17)
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col)
විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය