Skip to main content

2002 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7දෙනා ලබා දුන් ඒකමතික තීරණය පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී මැයි 18 සහ 19 සැළකිල්ලට ලක්කරයිද?

2002 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7දෙනා ලබා දුන් ඒකමතික තීරණය පාර්ලිමේන්තු  මැතිවරණය සම්බන්ධව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී මැයි 18 සහ 19 සැළකිල්ලට ලක් කරයිද?




ජූනි 20 පවත්වන මැතිවරණය අවලංගු කළොත් පාර්ලිමේන්තුව විසුරුවපු ගැසට්ටුවත් අවලංගු වෙනවද? 

එහෙම අවලංගු වෙනවානම් වසර 4 1/2ක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනෙක් 2018දී ලබා දුන් ඒකමතික තීරණයත් අවලංගු වෙනවද? 

1. 2002 දී ගෙනා 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7දෙනාගෙ තීරණය, 

2. 2015 දී ගෙනා 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 3 දෙනාගෙ තීරණය සහ 

3. 2018 දී මෛත්‍රීපාල ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරවීම අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු 7 දෙනාගේ තීන්දුව 


නීතිමය කාරණා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සන්සන්දනය කරමින් 2020 ජුනි 20 මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 5දෙනෙක් ඉදිරියේ ඉංග්‍රීසියෙන් නීති තර්ක කරනවා මැයි 18 සහ 19 දින දෙකේ බලාගන්න පුලුවන්... 

ඒ කියන්නෙ අන්තිමට කියන්න තියෙන්නෙ 19ට 2015දී කථානායක අත්සන් කරල/සහතිකය යොදල තියෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය සහ 80.2 අනු ව්‍යවස්ථාවට පටහැනිව 2002 දි 19යට ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීරණය උල්ලංඝනය කරමින් කියන එකද?....!

හැබැයි මේව ඔක්කොම කතා කරනව ඇත්තෙ ඉංග්‍රීසියෙන්...ඒ නිසා බහුතර ජනතාවට මේව කියවන්න බැරි වෙනව ඇති....! 

මේ වැදගත් නීති කාරණා සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු සහ තීරණ රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමට ජනතාව උනන්දු විය යුතුය.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීති අධ්‍යයන වැඩසටහන් සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ නීති අධ්‍යයන වැඩසටන, අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ. (10524)
දුරකථන 0712063394
විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්.....

චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි වෙනස් කළ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට..? ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉල්ලීමක්..... චූදිතයෙකුට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට නීතීඥවරයෙකුගෙන් ඉල්ලීමක්..... කොළඹ මහාධිකරණ HC/5333/2010 නඩුවේ චූදිතට ජීවිතාන්ත සිරදඬුවම් නියම කිරීමට හැකිවන පරිදි තනි අභිමතයට නඩු වාර්තාවේ සාක්ෂි සටහන් වෙනස් කළ ගිහාන් කුලතුංග විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණටට නිර්දේශ/ අනුමත කිරීම, යුක්තිය ඉටු කිරීම සහ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සළකා බැලීමට ජනාධිපතිට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට චූදිතගේ නීතීඥවරයා ලෙස පෙනී සිටි නීතීඥ අරුණ ලක්සිරි උණවටුව විසින් ඉල්ලීමක් කර ඇත. HC/5333/2010 නඩුව විභාග කළ එවකට කොළඹ මහාධිකරණ විනිසුරුවරයෙකු වූ ගිහාන් කුලතුංග මැතිතුමා සාධාරණ ලෙස නඩුව විභාග නොකිරීම හේතුවෙන් ච...

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...