Skip to main content

2002 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7දෙනා ලබා දුන් ඒකමතික තීරණය පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී මැයි 18 සහ 19 සැළකිල්ලට ලක්කරයිද?

2002 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7දෙනා ලබා දුන් ඒකමතික තීරණය පාර්ලිමේන්තු  මැතිවරණය සම්බන්ධව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී මැයි 18 සහ 19 සැළකිල්ලට ලක් කරයිද?




ජූනි 20 පවත්වන මැතිවරණය අවලංගු කළොත් පාර්ලිමේන්තුව විසුරුවපු ගැසට්ටුවත් අවලංගු වෙනවද? 

එහෙම අවලංගු වෙනවානම් වසර 4 1/2ක් යනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ කියල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනෙක් 2018දී ලබා දුන් ඒකමතික තීරණයත් අවලංගු වෙනවද? 

1. 2002 දී ගෙනා 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7දෙනාගෙ තීරණය, 

2. 2015 දී ගෙනා 19යට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 3 දෙනාගෙ තීරණය සහ 

3. 2018 දී මෛත්‍රීපාල ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරවීම අවලංගු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු 7 දෙනාගේ තීන්දුව 


නීතිමය කාරණා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සන්සන්දනය කරමින් 2020 ජුනි 20 මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 5දෙනෙක් ඉදිරියේ ඉංග්‍රීසියෙන් නීති තර්ක කරනවා මැයි 18 සහ 19 දින දෙකේ බලාගන්න පුලුවන්... 

ඒ කියන්නෙ අන්තිමට කියන්න තියෙන්නෙ 19ට 2015දී කථානායක අත්සන් කරල/සහතිකය යොදල තියෙන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ අවසන් විධානය සහ 80.2 අනු ව්‍යවස්ථාවට පටහැනිව 2002 දි 19යට ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීරණය උල්ලංඝනය කරමින් කියන එකද?....!

හැබැයි මේව ඔක්කොම කතා කරනව ඇත්තෙ ඉංග්‍රීසියෙන්...ඒ නිසා බහුතර ජනතාවට මේව කියවන්න බැරි වෙනව ඇති....! 

මේ වැදගත් නීති කාරණා සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු සහ තීරණ රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා ගැනීමට ජනතාව උනන්දු විය යුතුය.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීති අධ්‍යයන වැඩසටහන් සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ නීති අධ්‍යයන වැඩසටන, අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ. (10524)
දුරකථන 0712063394
විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” පිරිනමනු

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...!

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට...! පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත. නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින් ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත. එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. පාර්ලිමේන්තුව වරක

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි...

මාක් ඇන්ටනි ගෝඨාභය අමතයි... කොටි එක්ක සටන් කරවූ යුධ විරුවන් තමන් වටා සිටියදීම අරගලකරුවන් ඝාතනය නොකර උපන් රටෙන් පළා ගියේ  ගෝඨාභයගේ බියසුලුබව කියා ඇතැමෙක් කියයි, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පළා යාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභයමද යන්න කෙනෙකුට සැකයක් ඇති වෙන්න පුලුවන්, ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... අරගලකරුවන් ඝාතනය නොකර පලායාමෙන් කොටි මර්ධනය කළේ ගෝඨාභය නොවන බවට ඇතැම් අය කියන කතා ඇත්ත කියා අයෙකුට හිතෙන්න පුලුවන්.... ඒත් ඒ ගෝඨාභයගේ සිංහල බෞද්ධ කම බව ලක්ෂ 69 අමතක කරන්නේ නැත..... (මාක් ඇන්ටනි) "නීතියේ සිංහල නුගමුල" ෆීනික්ස් නීති සාරසංග්‍රහය