2002දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7දෙනෙක් ඒකමතිකව ජනතාවට ලබා දුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ජනතාවගෙන් අහිමිකිරීමට 2015දී චමල් රාජපක්ෂ කථානායකවරයා ක්‍රියා කළේ ඇයි?
2002දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7දෙනෙක් ඒකමතිකව ජනතාවට ලබා දුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ජනතාවගෙන් අහිමිකිරීමට 2015දී චමල් රාජපක්ෂ කථානායකවරයා ක්‍රියා කළේ ඇයි?
2002 දී 19 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය මුල්වරට ගෙනවිත්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තු විසිරුවීම ජනාධිපතිවරයාට සීමා කිරීමට උත්සාහ කළද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙකු විසින් ඒකමතිකව කියා සිටියේ වසරකට පසු පාර්ලිමේන්තු විසිරුවීම ජනාධිපතිවරයාට සීමාකිරීම කරන්නේනම් ඒ සදහා ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බවයි...!
ඒ පිලිබද යම් අයෙකුට සැකයක් පවතීනම් අධිකරණ අමාත්‍යාංශය පවත්වාගෙන යන lawnet වෙබ් අඩවියේ පහත සැබැදියේ ඇති එකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියවීමෙන් සැකය නිරාකරණය කර ගත හැකිය.
https://www.lawnet.gov.lk/2002/12/31/in-re-the-nineteenth-amendment-to-the-constitution/
ඉහත වෙබ් සබැදියෙන් 2002 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනය කර වසරකට පසු පාර්ලිමේන්තු විසිරුවීම ජනාධිපතිවරයාට සීමා කිරීමට උත්සාහ කළ ආකාරයත්, එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 7දෙනෙකු විසින් ඒකමතිකව කියා සිටි ඒ සදහා ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බවටත් අදාල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කියවිය හැකිය.
(ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ අවසන් පිටුව ඔබේ පහසුව සදහා මෙහි පහත දක්වා ඇත.
2) Clauses 2, 3, 4 and 5 contain provisions inconsistent withArticle 3 read together with relevant provisions of Article 4and as such have to be passed by a special majority requiredunder the provisions of Article 84 (2) and approved by thePeople at a Referendum.
(3) The inconsistency with Article 3 read with the relevantprovisions of Article 4 would cease if clauses 2, 3, 4 and5 are deleted and substituted with an appropriate amendmentto proviso (a) to Article 70 (1) of the Constitution by removingthe period of one year in the proviso and substituting thatwith a period not exceeding three years.
SARATH N. SILVA, CJ.
S. W. B. WADUGODAPITIYA, J.
DR. SHIRANI A. BANDARANAYAKE, J.
A. ISMAIL, J.
P. EDUSSURIYA, J.
H. S. YAPA, J.
J. A. N. DE SILVA, J.
S. W. B. WADUGODAPITIYA, J.
DR. SHIRANI A. BANDARANAYAKE, J.
A. ISMAIL, J.
P. EDUSSURIYA, J.
H. S. YAPA, J.
J. A. N. DE SILVA, J.
Nineteenth Amendment to the Constitution unconstitutional and requiresto be passed by the special majority and approved by the peopleat a referendum subject to item 3 of the determination.)
එසේ තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් 70 ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරුවීමෙන් ජනාධිපතිවරයා වළක්වන ලෙස 79 සහ 80 ව්‍යවස්ථාවලට පටහැනිව විශේෂයෙන් ඉහත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7දෙනාගේ ඒකමතික තීරණය උල්ලංඝනය කරමින් ජනමතවිචාරණයක් නොපවත්වා 2015දී කථානායකවරයා 19යට සහතිකය යෙදුවේ කෙසේද?
2002 දී 19යට ඉංග්‍රීසියෙන් ලබාදුන් එකී තීරණය 2015 සිටි කථානායකවරයාට තේරුම් ගැනීමට නොහැකිව එසේ සහතිකය යෙදුවා විය නොහැකි අතර මෙය ඉංග්‍රීසියෙන් කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනතාවට ලබාදුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය කිහිප දෙනෙකු විසින් ජනතාවගෙන් උදුරා ගැනීමක්ද වෙයි.
අවශ්‍යනම් ඉහත දැක්වෙන 2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ ඉංග්‍රීසියෙන් ඇති එම කොටස් සිංහල භාෂාවෙන් පරිවර්තනය කර කියවිය හැකි අතර දැන් කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් කථානායකවරයාගේ සහතිකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ලබා ගත් කුමන්ත්‍රණකාරන්ට, එකී කුමන්ත්‍රණය යට ගැසූ අයට තරාතිරම නොබලා දඩුවම් කිරීම සහ ඔවුන්ගේ ප්‍රජාඅයිතිය අහෝසි කිරීම සහ 19වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාව අනුව අවශ්‍ය ඉදිරි පියවර එනම් ජනමතවිචාරණය පැවැත්වීමට අදාල පියවර ජනාධිපතිවරයා විසින් ගැනීමය.
නොඑසේ නම් රටේ ඒකීයබව, බුද්ධාගමට ඇති ප්‍රමුඛත්වය මේ ආකාරයටම ජනමත විචාරණයකට නොගොස් කථානායකවරයා මගින් අහිමි කිරීමට මෙය පූර්වාදර්ශයක් කර ගැනීමටද මේ කුමන්ත්‍රණකාරීන් ක්‍රියා කරනු ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 නොවැම්බර් මස 09 වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවල තීන්දුවේ මෙන්ම,
2015 මාර්තු මස 13 වන දින ගැසට් පත‍්‍රයේ 11 වන කොටස අතිරේකය (2015.03.16 දින නිකුත් කරන ලද) 19 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතට අදාල ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේදීද ඉහත 70 ව්‍යවස්ථාව සංශෝධනයේදී ජනමතවිචාරණ ඡන්ද අයිතිය ජනතාවට ලබාදුන් 2002 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය සළකා බලා නැති බව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තවමත් පනත් කෙටුම්පතක් පමණක් බවට සමාජයේ කතිකාවක් ඇති කරන ලේඛකයන්ගේ සහ විද්වතුන්ගේ අදහසයි.
2015 මාර්තු මස 13 වන දින ගැසට් පත‍්‍රයේ 11 වන කොටස අතිරේකය (2015.03.16 දින නිකුත් කරන ලද) 19 වන ආණ්ඩුක්රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතට අදාල ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේදීද ඉහත 70 ව්‍යවස්ථාව සංශෝධනයේදී ජනමතවිචාරණ ඡන්ද අයිතිය ජනතාවට ලබාදුන් 2002 ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7කගේ ඒකමතික තීරණය සළකා බලා නැති බව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය තවමත් පනත් කෙටුම්පතක් පමණක් බවට සමාජයේ කතිකාවක් ඇති කරන ලේඛකයන්ගේ සහ විද්වතුන්ගේ අදහසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය 2002දී ජනතාවට ලබාදුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ජනාධිපතිවරයා විසින්ද මේ දක්වා ජනතාවට ලබා දී නැත.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2002දී ලබා දුන් එකී ජනමතවිචාරණ ඡන්ද අයිතිය අහිමිකිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ බිදවැටීමටද, නීතියේ පාලනය අනතුරට පත්වීමටද හේතුවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2002දී ලබා දුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය ජනතාව වෙනුවෙන් ආරක්ෂා කරදීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන සෑම දෙනාගේම වගකීම සහ යුතුකම වන අතර, විධායකයේත්, ව්‍යවස්ථාදායකයේත් සහ අධිකරණයේත් අත්හල නොහැකි වගකීමකි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7දෙනෙක් 2002දී ඒකමතිකව ජනතාවට ලබා දුන් ජනමතවිචාරණ ඡන්ද අයිතිය 2015දී ජනතාවගෙන් අහිමි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයද? නීතියේ පාලනයද? යන්න ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම විසදන්නේද? යන්න හෝ එය විසදීම විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ වගකීමක්ද? යන්න හෝ එය විසදීමට කිසිවෙක් ඉදිරිපත් නොවේද? යන්න දෙස ජනතාව අවධානය යොමු කළ යුතුය.
ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකවන ආකාරය දෙස බලා සිටිනවා හැර පරමාධිපත්‍යය බලය හිමි ජනතාවට වෙනත් විකල්පයක්ද නැත්තේ නෛතික සාක්ෂරතාවය ජනතාවට බොහෝ දුරස්ථ කර තිබීමත් ඒ සදහා ඉංග්‍රීසි භාෂාව අවියක් කර ජනතාව නීතියෙන් ඈත් කිරීමත් ය.
(2020.05.17)
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
B.Sc(Col), PGDC(Col)
විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com
B.Sc(Col), PGDC(Col)
විද්‍යුත් තැපැල් arunaunawatuna@gmail.com
Comments
Post a Comment