Skip to main content

දිසා අධිකරණයට ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන නඩු තීන්දු, ලේඛනවල පරිවර්තන සිංහල භාෂාවෙන් ලබා දිය යුතුද? නියෝගය ජූලි 15....!

දිසා අධිකරණයට ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන නඩු තීන්දු, ලේඛනවල පරිවර්තන සිංහල භාෂාවෙන් ලබා දිය යුතුද? නියෝගය ජූලි 15ට කල් යයි....!



දිසා අධිකරණයට ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන නඩු තීන්දු සහ ලේඛනවල පරිවර්තන සිංහල භාෂාවෙන් ලබා දිය යුතුද? නියෝගය ජූලි 15 ට කල් යයි...!

කොළඹ දිසා අධිකරණයේ පවරා ඇති ගෙවල් කුලී නඩුවක එම නඩුව පවත්වාගෙන යාමට අධිකරණ බලය නොමැති බවට අධිකරණ සංවිධාන පනතේ 39වන වගන්තිය යටතේ මූලික විරෝධතාවයක් ගෙන ඇත.

එකී මූලික විරෝධතාවය සම්බන්ධයෙන් විමසීම ලිඛිත දේශන මගින් සිදුකළ අතර පැමිණිල්ලේ නීතිඥවරයා විසින් ලිඛිත දේශන සමග ඉංග්‍රීසි භාෂාවෙන් නඩු තීන්දු සහ ඇතැම් ලිපි කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ලිඛිත දේශන සළකා බලා නඩුව පවත්වාගෙන යාමට අධිකරණ බලය නොමැති බවට වූ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් උත්තරය ගොනු කිරීමට දිසා අධිකරණය නියෝග කර ඇත.

ඒ අනුව විත්තිකරු විසින් හරස් පැමිණිල්ලක් සමග උත්තරය ගොනුකර ඇති අතර, පැමිණිල්ල වෙනුවෙන් ලිඛිත දේශන සමග නඩු වාර්තාවට ගොනුකර ඇති ඉංග්‍රීසි භාෂාවෙන් ඇති නඩු තීන්දු සහ ලිපි කිහිපයේ පරිවර්තන 'පූර්ව නඩු විභාගයට' පෙර සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.3 ව්‍යවස්ථාව සහ දිසා අධිකරණ කාර්ය පටිපාටිමය විධිවිධාන යටතේ ඉල්ලා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24.3 ව්‍යවස්ථාව මෙසේය;

අධිකරණයක භාවිත වන භාෂාව නොදන්නා යම්කිසි විනිශ්චයකාරවරයකු ට ජූරි සභිකයකු ට හෝ යම්කිසි පාර්ශ්වයකට හෝ අයදුම්කරුවකුට නැතහොත් ඒ පාර්ශවය හෝ අයදුම්කරු නියෝජනය කිරීමට නීතියෙන් බලය ලබා ඇති යම්කිසි තැනැත්තෙකුට එම අධිකරණයේ සිදුවන කටයුතු වටහා ගැනීමටත් ඒ කටයුතු වලට සහභාගි වීමටත් හැකවන සේ රජය විසින් සිංහල භාෂාවෙන් හෝ දෙමළ භාෂාවෙන් සපයනු ලබන භාෂණ පරිවර්තන සහ පරිවර්තන ලබා ගැනීමටත් නඩු වාර්තාවකින් නීතිය අනුව ලබා ලබාගැනීමට හිමිකම ඇති කවර වූ කොටසක් නැතහොත් එහි පරිවර්තනයක් එම භාෂාවෙන් ලබා ගැනීමටත් හිමිකම ඇත්තේ ය .

සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමට අදාල නියෝගය අප්‍රේල් 02වෙනි දිනට ලබා දීමට නියමිතව තිබූ අතර කෝවිඩ් -19 තත්ත්වය හේතුවෙන් පැවති ඇදිරි නීතිය හේතුවෙන් අප්‍රේල් 02 කැදවීමට තිබූ නඩු ජූනි 15 කැදවනු ලැබූ අතර එකී නියෝගය නැවත ජූලි 15වන දිනයට නියම කරන ලදී.

කොළඹ අංක 03 දිසා අධිකරණයේදී මෙම නීතිමය කරුණ සළකා බලයි.

(මෙම ලිපියේ ඉංග්‍රීසි පරිවර්තන සදහා පහත සැබැදිය වෙත යොමු වෙන්න.)
මෙතනින්

මාධ්‍ය අංශය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන,
අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ. (10524)
දුරකථන 0342256066
(2020.06.18)

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය රටකටත්, ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ෆෙඩරල් රටකටත් දිශානති වී ඇති ආකාරය

අද (2026.01.29) දින කොළඹ මහජන පුස්තකාල සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නීති අධ්‍යාපන වැඩසටහන නොපැවෙත්වන අතර ජාත්‍යන්තර මව් භාෂා දිනය යෙදෙන 2026 පෙබරවාරි 21 සෙනසුරාදා සවස 2ට නීති අධ්‍යාපන වැඩසටහන කොළඹ මහජන පුස්තකාල ප්‍රවේශාගාරයේදී පැවැත් වෙයි. ( ආසන වෙන්කර ගන්න/ සිංහල මාධ්‍ය/නීති සටහන් ලබා දේ) 2026 පෙබරවාරි 21 ජාත්‍යන්තර මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වනු ලබන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය - 34 වන වැඩසටහන) 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුවකට මැදිහත්වීමට ඇති නීතිමය ප්‍රතිපාදන 5. නොදන්නා භාෂාවකින් ඇති අධිකරණ නීති කෘත්‍යන් සිංහල හෝ දෙමළ භාෂාවෙන් ලබා ගන්නේ කෙසේද? 2026 පෙබරවාරි  21 සවස 2ට කොළඹ මහජන පුස්තකාල ප...

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව

"රජය රටේ අනන්‍ය ලක්ෂණ නොසලකා හැරීම" සහ 2026 මාර්තු 15 කොළඹ දී පවත්වන එක් දින නීති අධ්‍යාපන වැඩමුළුව 2026.02.21 "ජාත්‍යන්තර මව් භාෂා දිනය" වෙනුවෙන් වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන විසින් පවත්වන පවත්වන ලද නීති අධ්‍යාපන වැඩසටහනේදි කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යානාංශයේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා සහ නීතීඥ අජිත් බන්දුල මහතා කොළඹ මහජන පුස්තකාලයේ ප්‍රවේශාගාරයේදී දේශන පැවැත්වීමට සහභාගී වූ අතර එම නීති අධ්‍යාපන වැඩසටහනේ සජීවී විකාශයේ පටිගත දර්ශන සඳහා පහත අන්තර්ජාල සැබැඳිවලින් යොමු වන්න. අදාල කරගත් මාතෘකා 1. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (සිංහල) සහ ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිටපතේ තිබෙන භාෂා වෙනස්කම් 2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ (සිංහල)/ 83.b (ඉංග්‍රීසි) ව්‍යවස්ථාවේ වෙනසක් නිවැරදි කිරීමට මැතිවරණ කොමිසමේ සභාපති ජනාධිපති ලේකම්ට කළ දැනුම් දීම 3. විවෘත අධිකරණයේදී විනිසුරු ලබා දෙන නියෝග, පාර්ශවයන් කියන කරුණු ලඝු ලේඛිකාව සටහන් නොකරන්නේනම් කළ යුත්තේ කුමක්ද? 4. නඩුවක පාර්ශවයක් නොවන අයෙක්ට නඩුව...

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත)

ශ්‍රී ලංකාවේ දියුණුවට මව් භාෂාවේ වැදගත්කම සහ අධිකරණ භාෂා භාවිතය දක්වන දායකත්වය සම්බන්ධ සුදුසු රචනා/නිබන්ධන තෝරා ගැනීමේ තරඟය (සිංහල මාධ්‍ය - විවෘත) මෙම තරඟය සදහා පහත දක්වා ඇති ඡේදයේ ස | හන් දත්ත උපයෝගී කරගෙන 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව  ” භාෂාව සම්බන්ධව ඇති නීතිමය විධිවිධාන (පනත්, නඩු තීන්දු,චක්‍රලේඛ, ගැසට් පත්‍ර) සහ දියුණු රටවල අධිකරණ භාෂා ඇසුරෙන් සුදුසු මාතෘකාවක් තමා විසින්ම යොදා ගනිමින් රචනා/නිබන්ධන සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකිය. “ රටක ජනතාවගේ භාෂාවට නීතිමය පිළිගැනීම ලබා දී එකී භාෂාව බලවන්ත කිරීම මගින් තාක්ෂණික ” විද්‍යාත්මක ” කෘෂිකාර්මික දියුණුව අත්කර ගැනීමට සහ විදේශිය රටවලින් සිදුවන නෛතික බලපෑම්වලින් සිය ජනතාව ආරක්ෂාකර ගැනීමට දියුණු රටවල් මහත් ප්‍රයත්නයක් දරයි. උපතේ සිට මරණය දක්වා මව් භාෂාව අභිමානයෙන් භාවිතා කිරීමට ඇති අවස්ථාව සහ නිදහස පුරවැසියන්ට හිමිකරදීම රටක සංවර්ධන දර්ශකයකි. දියුණුයැයි සැළකෙන ප්‍රංශ, ජර්මන්, චීන, ජපන්, ඉතාලි, කොරියානු ජාතිකයන්ට සිය මව් බස උපතේ සිට මරණය දක්වා අභිමානයෙන් භාවිතා කිරීමට එම රටවල් අවස්ථාව සළසා දී තිබේ. ” ...